Breaking News

පිල්ලේට නොදුන් තොණ්ඩුව අපිම දා ගැනීම...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරිය විසින් යුද්ධයේ අවසන් අදියරයේ සිදුවූ බව කියන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයවීම පිළිබඳව විමර්ශනය කිරීමට ති‍්‍රපුද්ගල කමිටුවක් පත්කර එමගින් විමර්ශන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටිය දී ශී‍්‍ර ලංකා රජය විසින් තවත් විමර්ශන කමිටුවක් පත්කර ඇත. අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද කොමිසම තවත් පු`ඵල් කරමින් එයට ඇති බලතල වැඩිකරමින් නව නීදන් පිල්ලේගේ ති‍්‍රපුද්ගල කමිටුව වෙනුවට දේශීය හා විදේශීය රාජතාන්ති‍්‍රක විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් රජය නම්කර ඇත. මහාචාර්ය ඬේවිඞ් කේන්, මහාචාර්ය ජේෆ්රි නයිස් නීතිඥ ඩෙස්මන් ද සිල්වා යන අය ඒ සඳහා නම්කර ඇත. මහාචාර්ය ජෙෆ්රි නයිස් සුඩානය, කේන්යාව, ලිබියාව යන රටවල යුද අපරාධ පරික්ෂණ අධ්‍යනය කළ මහාචාර්යවරයෙකි. නීතිඥ ඩෙස්මන් ද සිල්වා සියරාලියෝන්හි යුද අපරාධ අධීකරණයේ හිටපු නීතිඥයෙකි. මහාචාර්ය ඩෙවිඞ් කේන් ද යුද අපරාධ පිළිබඳව විමර්ශන කටයුතු වලට සම්බන්ධ රාජ්‍යතාන්ත‍්‍රික විශේෂඥයෙකි.

කෙසේ වෙතත් නවනීදන් පිල්ලේගේ කමිටුව වෙනුවට මෙවැනි කමිටුවක් පත්කිරීම රජය මෙතක් යුදඅපරාධ පිළිබඳ සොයාබැලීමට බාහිර විමර්ශනයන් අවශ්‍ය නොවන බවට රජය දැරූ ස්ථාවරය හා ප‍්‍රතිපත්තිය අමුඅමුවේ උල්ලංඝනය කිරීමකි. එම ප‍්‍රතිපත්තිය තමන් විසින්ම කඩ කිරීමකි. මේ ආකාරයටම දරුස්මාන් වාර්තාව එළිදැක්වූ අවස්ථාවේ දී එයට අභියෝගාත්මකව උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසම පිහිටුවන ලදි. අවසානයේ එහි නිර්දේශ ශී‍්‍ර ලංකා රජයට පාරාවළල්ලක් බවට පත්වූ අතර ශී‍්‍ර ලංකාවට සතුරු යුද අපරාධ පිළිබඳ විමර්ශනය කරන්නයැයි ඉල්ලා සිටින ජාත්‍යන්තර බලවේගවල වාර්තාවක් බවට එයට පත්විය. නවපිල්ලේගේ කමිටුවට අභියෝග කරන්නට පත්කර ඇති විදේශ නියෝජිතයන්ගෙන් සමන්විත මෙම කමිටුව ද ශී‍්‍ර ලංකා රජයටත් ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක හමුදාවටත් පාරාවළල්ලක් බවට අනාගතයේ පත්වනු ඇත. විදේශ නියෝජිතයින් හෝ බාහිර විමර්ශන කණ්ඩායම් විශේෂඥයින් අවශ්‍ය නොවන බවත් දේශීය නිතීිමය හා අධිකරණමය යාන්ත‍්‍රණයක් තුළ මේ පිළිබඳව සොයාබැලිය හැකි බව රජයේ ස්ථාවරය වූ අතර බාහිර පුද්ගලයන් මැදිහත්වීම් හා විමර්ශන පැහැදිලිව ප‍්‍රතික්‍ෂේප කළේය. එම ප‍්‍රතිපත්තිය හා ස්ථාවරය රජය උල්ලංඝනය කර ඇති අතර අනාගතයේ දී රටටත් ජාතියටත් ආරක්‍ෂක හමුදාවන්ටත් මින් ඇති කරන ප‍්‍රතිවිපාක වලට මෙවැනි කමිටුවක් පත්කිරීමට උපදෙස් දුන් දායකත්වය දුන් සියලූදෙනා වගකිව යුතුය. මෙවැනි කමිටුවක් පත්කිරීම පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පර්ශවකරුවෙක් ලෙස අපව දැනුවත් කිරීමක් හෝ එම කමිටුව පිළිබඳව අපගෙන් විමසීමක් හෝ සිදුකර නැත. එබැවින් එම කමිටුව පිළිබඳව අප රටට අනතරු අ`ගවන අතර ඒ පිළිබඳව අපගේ බලවත් විරෝධය ද පළකර සිටින්නෙමු. අනාගතයේ දී මින් රටට ඇති කරන අහිතකර බලපෑම පිළිබඳව මෙවැනි කමිටුවක් පත්කිරීමට කි‍්‍රයාකළ සියලූදෙනා ඊට වගකිව යුතුබව අවධාරණය කරන අතර ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා කි‍්‍රයාකළ රණවිරුවන් පාවාදීමට කිසිලෙසකත් ඉඩ නොතැබීම සඳහා මේ පිළිබඳව අවධියෙන් සිටිමින් කටයුතු කරන ලෙස සියලූ ජාතිමාමක දේශපේ‍්‍රමී සංවිධාන වලින් හා ජනතාවගෙන් අපි ඉල්ලා සිටිමු.

ස්තුතියි..
නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
මාධ්‍ය ලේකම්

No comments