Breaking News

සරසවි ඇදුරකුගේ ෆුල්බ‍්‍රයිට් මානාධික කතා

-සේන තෝරදෙනිය
      

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලියනගේ අමරකීර්ති මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපියක් ගැන පාඨක අවධානය යොමුකිරීම මෙම ලිපියේ අරමුණයි. අමරකීර්ති මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපිය "කලම්බු ටෙලිග‍්‍රාෆ්" නම් වෙබ් අඩවියෙන් බලාගැනීමට අපට හැකිවිිය. එම ලිපිය උපුටාගෙන තිබෙන්නේ "එක්සත් ජනපද - ශ‍්‍රි ලංකා ෆුල්බ‍්‍රයිට් කොමිෂම  ^United states - Sri Lanka Full bright commission& මගින් ප‍්‍රකාශයට පත් කරන ලද ප‍්‍රකාශයකිනි. අමරකීර්ති මහතාගේ ලිපිය පළවී ඇත්තේ  "Mr. President, Let's Imagine a Sri Lanka within the world" යනුවෙනි. ("ජනාධිපතිවරයාණෙනි, ලෝකය අභ්‍යන්තරිකව තබා ශ‍්‍රි ලංකාව ගැන සිතා බලමු" ) මෙම ලිපිය පරිවර්තනය කොට දැක්වීමට අපි අදහස් නොකරමු. එහෙත් එහි අඩංගු සමහර කරුණු උපුටා නොදක්වා ඒ ගැන විවරණයක් කිරීමට නොහැකිය.

        අමරකීර්ති මහතා මෙම ලිපිය ලියා ඇත්තේ ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්වයක් ලබා ගත් ෆුල්බ‍්‍රයිට් "විද්වතෙකු" වශයෙනි. ඒ එක්සත් ජනපද - ශ‍්‍රී ලංකා ෆුල්බ‍්‍රයිට් කොමිෂමට වසර හැටක් සම්පූර්ණ වීම නිමිතිකොට ගෙනය. ෆුල්බ‍්‍රයිට් "විද්වතෙකු" ලෙස පෙනී සිටියත් අමරකීර්ති මහතා රාජ්‍යනායකයන්ට ලිපි ලිවීමේ ආචාරධර්ම, සභ්‍ය විලාසය, චාරිත‍්‍රධර්ම, තානය හා ස්වරය නොදන්නා බව මෙම ලිපියෙන් පෙනේ. මෙරට ෆුල්බ‍්‍රයිට් කොමිෂම එය සංස්කරණය කර ඇති බවක්ද නොපෙනේ. ඔහු මෙබඳු ලිපියක් ඔබාමාට ලීවේ නම් ඇමරිකාවේ "දේශපේ‍්‍රමී නීතිය" යටතේ ඔහු අධිකරණය වෙතට පමුණුවා පුනර්අධ්‍යාපන වැඩසටහනකට යොමු කරනු නිසැකයි!

සිය ලිපියේ මුල් කොටසින් අමරකීර්ති මහතා තමා කවරෙකුදැයි ජනාධිපතිවරයාට හඳුන්වා දෙයි. "ලියනගේ අමරකීර්ති වන මා ෆුල්බ‍්‍රයිට් විද්වතෙකි. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකි. තරමක කීර්තියක් හා පිළිගැනීමක් ඇති ප‍්‍රබන්ධකතාකරුවෙකි." ඒ සමගම තමා "බුද්ධිමතෙකු" බව ඔහු ප‍්‍රකාශකොට සිටියි. ජනාධිපතිවරයා වැනි අයගේ අවධානයට යොමු කරවීමට ඔහු රටේ වැදගත් ප‍්‍රශ්න ගැන ලිපි ලියන බවද කියයි. ඔහු විසින් ලියන ලද එම ලිපි ජනාධිපතිවරයා විසින් කියවන්නට ඇතැයිද ඔහු සිතයි. තමා ජනාධිපතිවරයාට මේ ලියන්නේ ජීවිතයේ ප‍්‍රථම වරටයැයි පවසන ඔහු මේ ලියන දෙය එනම්, එක්සත් ජනපද ශ‍්‍රි ලංකා ෆුල්බ‍්‍රයිට් කොමිෂම මගින් පරිපාලනය කරන ෆුල්බ‍්‍රයිට් වැඩසටහන, තමාටද තම අහංකාරයටද වඩා වැදගත් වන බව පවසයි.

රාජ්‍ය නායකයකුට ලිපි ලියන ආචාරධර්ම අමරකීර්ති මහතා නොහඳුනන බව මෙයින් පෙනේ. මෙසේ ලියන්නේ සාමාන්‍ය රටවැසියකු හෝ ඡුන්දදායකයකු නොව ඔහුම පවසන පරිදි "බුද්ධිමතෙකි" ෆුල්බ‍්‍රයිට් "විද්වතෙකි." විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකි. කීර්තිමත් ප‍්‍රබන්ධකතා කරුවෙකි. ඔහුගේ වෑයම ජනාධිපතිවරයාට ෆූල්බ‍්‍රයිට් වැඩසටහන ගැන ඉගැන්වීමට යාම නිසා ඔහුට සිය අහංකාරය වැදගත් නොවේ. රාජ්‍ය නායකයා අමතන ඔහුගේ බස අශිෂ්ටය. මෙරට  ෆුල්බ‍්‍රයිට් කොමිෂම හෝ ඔහුට භාෂාව කියා දී නැත. ෆුල් බ‍්‍රයිට් කොමිෂම මෙම ලිපිය ප‍්‍රකාශයට පත් කළේ නම්, එය ජනාධිපතිවරයා වෙත යොමු කළේ නම්, අමරකීර්ති මහතාගේ මේ මානාධික ලිපිය සංස්කරණය කළ යුතුව තිබුණි. ඔහු කියන්නේ තමාගේ අභිමානය යටපත් කරගෙන දැන් ජනාධිපතිවරයාට ලියන්නේ ෆුල්බ‍්‍රයිට් වැඩසටහන ඔහුට වැදගත්වන නිසා බවයි. ෆුල්බ‍්‍රයිට් කොමිෂම වසර හැටක් සැමරීම ඔහුට ප‍්‍රීතියක් ගෙන දෙන නිසා බවයි. ඔහු ජනාධිපතිවරයාට ලියන්නේ එහෙයිනි. නමුත් ඔහු සිය ලිපියේ මුල් කොටසින් ස්වචරිතාපදානමය තොරතුරු ටිකක් ද ජනාධිපතිවරයාට ලියයි.  සිය දෙමාපියන් හා සිය අන්ත දරිද්‍රතාව ගැන ඔහු පවසයි. අද බොහෝදෙනකුට සිය බාලකාලයේ දරිද්‍රතාවය විකිණිය හැකිය. මහා සමාජය සමග ගනුදෙනු කිරීමට හා බද්ධ වීමට බොහෝ දෙනෙකුට එය අවශ්‍යය. එමගින්  සිය වර්තමාන ඓශ්චර්යය පෙන්වීමක්ද වේ.

අමරකීර්ති මහතා උපන් කාලයේදී ඔහුගේ ගම අවට හොඳ පාසැල් තිබුණද අද ඒවා නොමැති බව ඔහු ජනාධිපතිවරයාට කියයි. මෙහි අදහස නම් ජනාධිපතිවරයාගේ කාලයේදී පාසැල් පරිහානියට පත්වී ඇති බවයි. ඉන්පසුව ඔහු ජනාධිපතිවරයාට පවසන්නේ තමා කොළඔ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවද, "ස්වභාෂා ඒකභාෂීය අධ්‍යාපනය" අප රට පරම්පරා ගණනාවක් "පටු ජාතිකවාදීන්" කළ බවයි. "ස්වභාෂා - ඒකභාෂීය අධ්‍යාපනය" මෙරට "දේශපාලනික - අභිලාෂය" ක‍්‍රියාවට නැංවීමේ ප‍්‍රමිතිය වූ බව ඔහු කියයි. ජාතිකවාදය හා ජාතිවාදය අතර ඇති වෙනස, ජාතිවාදීන් හා ජාතිකවාදීන් අතර ඇති වෙනස මේ ෆුල්බ‍්‍රයිට් "විද්වතා" ට බොහෝ දුරස්ථ සේ පෙනේ. ඔහුට ඒ බව ෆුල්බ‍්‍රයිට් කොමිෂම පවා උගන්වා නැති හැඩය. ජනාධිපතිවරයාගේ ත්‍රෛභාෂා වැඩපිළිවෙල හා නැවත ඉංගිරිසිය රජ කරවීමට ගන්නා උත්සාහය අමරකීර්ති මහතාට පෙනී නොමැත. 

තමා ජනාධිපතිවරයාට ලියන ලිපිය "හොඳ මදි බවද" අමරකීර්ති මහතා දනියි. ඔහු ඒබව ප‍්‍රකාශ කරන්නේ වෙනත් විශ්වවිද්‍යාල විද්වතුන් ජනාධිපතිවරයාගේ ගුණ වර්ණනා කරමින්, සභාපතිකම්, අධ්‍යක්‍ෂ තනතුරු, තානාපති පත්වීම් ඉල්ලා - ඔබට උදව් කිරීමටය කියා - වඩා හොඳ ලියුම් ලියන්නට ඇතැයි කියමිනි. එහෙත් එසේ රැකියාව ලබාගත් අය මාර්ගයෙන් ආණ්ඩුවේ සති අන්ත සිංහල පුවත්පත් වල මාගල් වැනි ලිපි පළ කරවා ගත් බව, රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබා ගත් බව, වෙනම ලිපියකින් කිව යුතුය.

කිසියම් අහඹුවකින් තමාට කොළඹ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය තනතුරක් ලැබුණු බව අමරකීර්ති මහතා ජනාධිපතිවරයාට කියයි. එහෙත් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් ලැබීම අහඹුවක් යයි ඔහු නොකියයි. "අර මිහිරි සීනු නාදය" නම් ඔහුගේ කෙටිකතා සංග‍්‍රහය ඔහු පිළිගන්නවා ඇත්තේ, පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඔහු බඳවාගත් සිංහල අංශාධිපති, පීඨාධිපති හා උපකුලපතිවරයාටය. පශ්චාත් - උපාධි අධ්‍යාපනයෙන් පසුව අමරකීර්ති මහතා රුහුණු විශ්වවිද්‍යාලයටද, ඔහු උගත් කොළඹ විශ්වවිද්‍යාලයටද, සුදුස්සෙක් නොවීය. සිය මාන්නය ගිල දමා ඔහු ජනාධිපතිවරයාට පෙන්වාදිය යුත්තේ  මෙසේ සිදුවූයේ ඇයි ද යන්නයි.

මෙරට පශ්චාත් උපාධි අධ්‍යාපනයේ ඇති දුර්වලතා හා දෝෂ ජනාධිපතිවරයාට දන්වා සිටින  ඔහු, එක්සත් ජනපදයේ පශ්චාත් උපාධි අධ්‍යාපනය ලබා ගැනීමට තමා සිහින දකිමින් සිටි බව කියයි. ඔහු මෙසේ ජනාධිපතිවරයාට ලීවද දැන් ඇදුරෙකු වශයෙන් ඔහු මෙරට පශ්චාත් උපාධි අධ්‍යාපනයේ යහපත වෙනුවෙන් කළ වැඩක් අපට දැන ගැනීමට ලැබී නැත.

අමරකීර්ති මහතා පවසන පරිදි ඔහුට ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්වය ලැබී තිබෙන්නේ තේරීමේ මණ්ඩලයේ අයගේ "කාරුණිකභාවය" නිසාය. ඔහු දක්වන ආකාරයට, ඔහුගේ ඉංගිරීසි භාෂා නිපුණත්වය සම්පූර්ණයෙන්ම වාගේ ශූන්‍ය වූ කල්හි (next to nothing) ඇමරිකානු විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි අධ්‍යාපනය ලබා ගැනීමට එය ප‍්‍රමාණවත් නොවූවද, ෆුල්බ‍්‍රයිට් කොමිසමේ තේරීම් මණ්ඩලයේ "කාරුණිකභාවය"  (Kindness) නිසා ඔහුට ශිෂ්‍යත්වය ලැබී තිබේ. අමරකීර්ති මහතා පවසන ආකාරයට ඔහුගේ තෝරාගැනීමට මුල් වී ඇත්තේ මූලික සුදුසුකම වන ඉංගිරීසි ප‍්‍රවීණතාවය සලකා බැලීම නොව තේරීම් මණ්ඩලයේ "කාරුණිකත්වයයි." මෙරට ෆුල්බ‍්‍රයිට් කොමිෂමට හා අමෙරිකාවට අද අවශ්‍ය කරන්නේ ගම්බද දිළිඳු පවුල් වලින් එන පුද්ගලයන් බව මෙයින් පැහැදිලිය. මොළ සෝදා පිරිසිදු කොට, රීකන්ඩිෂන් කොට, සිංහල සංස්කෘතික සමාජය වෙතට ඔවුන් මුදා හැරීම ප‍්‍රමාණාතික‍්‍රාන්ත ආයෝජනයක් බව ඔවුන් දන්නවා විය හැකිය. ඔවුහු එම ඵල දැන් නෙළමින් සිටිති. එන්.ජි. ඕ මහැදුරෙකු "ෆූටා" අරගල සමයේදී අමරකීර්ති මහතාද "දිදුළන අලූත් නායකයෙකු" යැයි ඉංගිරීසී පුවත්පත් මගින් ලිවීම පුදුමයට කරුණක් නොවන්නේ මේ හෙයිනි. අද ඔහු මැර ශිෂ්‍ය කණ්ඩායම් වෙනුවෙන් පෙනීසිටින බව ඔහුගේ අළුත් ලිපි වලින් පෙනේ.

ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්වයෙන් තමා ලැබූ වාසි ගැන ජනාධිපතිවරයාට ලියන අමරකීර්ති මහතා ඉන්පසුව ජනාධිපතිවරයාට සංස්කෘතිය ගැන උගන්වයි. ඔහු ජනාධිපතිවරයාට උපදෙස් දෙන්නේ අන්තවාදී දෘෂ්ටිවාදීන් විසින් පතළ කරන අදහස්, පටු විෂයපථයකට සීමා වූ කට්ටලීය ජාතිකවාදී අදහස්, පරාජය කළ යුතු බව කියමිනි. සැබෑ සාමය හා සමගිය ලඟා කරගත හැකි වන්නේ ඒ පටු අදහස් පරාජය කළහොතිනි. ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්වය නිසා තමාට "විශ්වීය දූරදර්ශනයක්" ලැබුණු බව ඔහු පවසන්නේ ජනාධිපතිවරයාට එවැන්නක් නැතිබව පෙන්වන්නාක් මෙනි.

ආණ්ඩුව ඇතුලේත්, පිටත් අමෙරිකාව හා සම්බන්ධවූ සියල්ලටම වෛර කරන අය ඇති බව තමා දන්නේ යයි අමරකීර්ති මහතා පවසන්නේ ජනාධිපතිවරයාට වඩා තමා ඉහළ පාදස්ථලයක ඇතැයි හඟවමිනි. "ඔබේ ආණ්ඩුව තුළ සෑම තන්හිම ඇමෙරිකානු විරෝධී අතිශයෝක්ත්‍යලංකාර, ගිනිවිජ්ජුම්බර සන්දර්ශන (rhetorical pyrotechnics) දෘශ්‍යමාන වන බව මම දනිමි." "බොහෝ මිනිසුන් තම ඇමෙරිකානු විරෝධීභාවය, අධිරාජ්‍ය විරෝධීභාවය හා බටහිර විරෝධීභාවය ව්‍යාජ ලෙස ප‍්‍රදර්ශනය කරන්නේ, ඔබේද ආශිර්වාදය ලැබෙන දේශපේ‍්‍රමයේ වාතාවරණය තුළ තම අතිජීවනය සඳහා බව මම දනිමි."

 "අමරකීර්ති මහතා" ජනාධිපතිවරයා අමතන ත‍්‍රාඩා විලාසය සැලකිල්ලට ගන්න. මේ ලියවිල්ල ෆුල්බ‍්‍රයිට් විද්වතෙකුහෝ නොව ආණ්ඩු විරෝධී තීරුලිපිකාරයකු ලියන දෙයට අසමාන නොවේ. ජනාධිපතිවරයාට ෆුල්බ‍්‍රයිට් වැඩසටහනේ වැදගත්කම පහදාදී ඒ සඳහා රාජ්‍ය නායකයාගේ සහාය ඉල්ලා සිටින ලිපියක තානය හා ස්වරය එහි නැත. එය ඉංගිරීසි භාෂාව හැසිරවීමේ දුර්වලතාවය නිසා පුද්ගලයාට හා තැනට සුදුසු සේ, විෂයට ගැලපෙන සේ ඇමතීමේ ඇති දුබලතාවයද පෙන්වයි. මේ දුර්වලතාවය මග හැරීමට ෆුල්බ‍්‍රයිට් කොමිෂන්කාරයින්ටද හැකිවී නැත. ෆුල්බ‍්‍රයිට් වූවාට අර්තාපල් අල ගෙඩිය තැම්බී ඇත්තේ බාගෙට බව මින් පෙනේ.

 මෙසේ ලිවීම නිසා අමරකීර්ති මහතාට සිය රැකියාව ගැන බියක්ද ඇතිවේ. "ඔබේ න්‍යායවාදී මිතුරන්ගෙන් කෙනෙකු මෙය කියවුවහොත් මා පමණ ඉක්මවා අමෙරිකානු පක්‍ෂග‍්‍රාහී යයි තීරණය කරනු ඇත. එවැනි උපකල්පනයකට රාජ්‍ය මුදල් වැයවන විශ්වවිද්‍යාලයක මගේ වෘත්තිය විනාශ කළ හැකිය." ජනාධිපතිවරයාට හයිරන් පාට් දමන අතර ඔහු මෙසේ රැකියාවටද බිය වෙයි. මෙය දේශීය හා විදේශීය එන්.ජී. ඕ. අමෙරිකාව හා රෙජිමය පෙරළීමට කැස කවන අයගේ පරිභෝජනය සඳහා ලියන ලද වැකි බව පැහැදිලිය. එහෙත් අමරකීර්ති මහතා සිය රැකියාව ගැන බිය විය යුතු නැත. ඔහුට වින්දිතයෙකු ලෙස අමෙරිකාවේ සරණ සොයා යා හැකිය.

 ඉන්පසුව ෆුල්බ‍්‍රයිට් වැඩසටහනේ ඉතිහාසය ජනාධිපතිවරයාට කියාදෙන අමරකීර්ති මහතා අමෙරිකානු සෙනට් සභික විලියම් ෆුල්බ‍්‍රයිට් "දූරදර්ශී නායකයෙකු" ලෙස හඳුන්වා දෙයි. විලියම් ෆුල්බ‍්‍රයිට් ලියූ "The Arrogance Of Power" නැමැති කෘතිය ගැන අමරකීර්ති මහතා සඳහන් කළද ඔහුගේ ලිපිය පුරා ඇත්තේ ඔහුගේ අමෙරිකානු ගැති, අපරිණත, මුග්ධ, මාන්නාධික බව යයි එහි ඇති ඉංගිරීසියෙන්  ඕනෑම අයෙකුට පැහැදිළි වේ. මෙයින් පසුව අමරකීර්ති මහතා ඉතා තුච්ඡ ආකාරයට ජනාධිපති අමතයි. "අපේ රටේ ඉතාමත් බලසම්පන්න පුද්ගලයා වශයෙන් ජනාධිපතිවරයාණෙනි, ඔබට සාධුශීලි ගුණය, නිරහංකාරය හා ප‍්‍රයෝජ්‍යයතාවාදය ගැන ඉතා වැදගත් පාඩම් සෙනට් සභික ෆුල්බ‍්‍රයිට්ගේ ජීවිතය හා කාර්යයන් ගැන ඉතා සුළු අවධානයක් යොමු කොට ඉගෙනීමට හැකිවනවා ඇත." අමරකීර්ති මහතා පවසන්නේ ජනාධිපතිවරයා තුළ නොමැති ඔහු දකින එබදු ගුණ ෆුල්බ‍්‍රයිට් සෙනට් සභිකයාගෙන් ඉගෙනගත යුතු බවයි. ජනාධිපතිවරයා අවඥාවට භාජනය කරමින් ඔහු ඉල්ලා  සිටින්නේ, ඉදිරි අවුරුදුවලදී මේ වැදගත් වැඩසටහනට වඩාත් දෘශ්‍යමාන ආකාරයට සහයෝගය ලබාදීම සඳහා වැඩ කරන ලෙසයි. සෙනෙට් සභිිික ෆුල්බ‍්‍රයිට් වැනි අය ලබාදෙන ආලෝචනා වන්ගෙන් අප උගත යුතු බවයි.

 මෙරට ජනාධිපති, විදේශකටයුතු අමාත්‍යංශය, රාජ්‍යාරක්‍ෂක අමාත්‍යංශය ෆුල්බ‍්‍රයිට් වැඩසටහන යනු කුමක්දැයි නොදන්නේ යයි සිතීමට තරම් අමරකීර්ති මහතා අමෙරිකානු ගැති මුග්ධප‍්‍රසන්නයෙක් වී සිටී. මෙරට මීට පෙර රොකෆෙලර්, රෝඞ්ස්, ෆෝර්ඞ්, හර්බට් හම්ෆ‍්‍රි, ආදී ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්ව ලාභීන් සිටියද ඔවුන් මේ ආකාරයට රාජ්‍ය නායකයාට ලියූ බවක් අප අසා නැත. මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා රොකෆෙලර් ශිෂ්‍යත්වයක් ලබා විදේශවලදී නාට්‍ය කලාව හදාරා කළේ තමාගේ පර්යේෂණ කටයුතු කූටප‍්‍රාප්තියට පත් කරමින් නාට්‍ය නිෂ්පාදනයේ යෙදීමයි. අනික් අතට අමෙරිකාවට ශිෂ්‍යත්වයක් ලබාගිය පළමු හා එකම පුද්ගලයා අමරකීර්ති මහතා නොවන්නේය. ඔහු සිය ලිපිය අවසන් කරන්නේ, එක්සත් ජනපද - ශ‍්‍රි ලංකා ෆුල්බ‍්‍රයිට් කොමිෂමේ ඉතිහාසය තක්සේරු කිරීමට ජනාධිපතිවරයාට "ප‍්‍රඥාව හා ධෛර්යය" ලැබෙන ලෙස ඉල්ලමිනි. මෙබඳු ලිපියක් ජනාධිපතිවරයාට යැවීමට තරම් මෙරට ෆුල්බ‍්‍රයිට් කොමිෂමද අමන ක‍්‍රියාවක් කර ඇති බව පෙනේ. රාජ්‍ය නායකයා කෙරෙහි අමරකීර්ති මහතාට ඇති අප‍්‍රසාදය එකකි. එහෙත් ඔහුට කෙතරම් අප‍්‍රසන්න වුවද ජනාධිපතිවරයාගෙන් යමක් ඉටු කර ගැනීමට, ඔහුට කරුණු පහදාදීමට ලියන ක‍්‍රමයක් ඇත. අමරකීර්ති මහතාගේ ලිපිය පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට ලිපියක් ලිවීමට ලැබෙන්නාවූ වරම පවා අයුතු ලෙස ප‍්‍රයෝජනයට ගන්නා ඇදුරෙකුගේ සොබාවයයිි. මොවුනට පෙට්ටි කඩයක් හෝ පාලනය කිරීමට අවකාශය ලැබුණහොත් ඔවුන් ක‍්‍රියා කරන ආකාරය විස්තර කළ යුතු නැත. ලෝකයේ දැනට රටවල් 155 ක ක‍්‍රියාත්මක වන ෆුල්බ‍්‍රයිට් වැඩසටහන මගින් 2013 වර්ෂය වන විට 325,400 ක් ප‍්‍රතිලාභ ලබා තිබේ. අමරකීර්ති මහතා ඉන් එක් අයෙකු පමණක් යැයි දැන සිටීම යහපත් ය.      


යුතුකම සංවාද කවය
www.yuthukama.com


9 comments:

  1. තෝරදෙනිය ලොක්ක කියාපංකො බං අපි රෙන්ට ඕන විදිහ.. අපි ඒ විිදිහට බෙට්ට දාන්නං...

    ReplyDelete
    Replies
    1. වැල්ලව චූටි කොල්ලා...August 25, 2014 at 7:51 PM

      නිර්මාල් ද? වංගීසද? වැල්ලව අමරේද මේ බෙට්ට දාන හැටි අහන්නේ?

      Delete
  2. තෝරදෙනිය මහත්තයාගෙ සම්පුර්ණ ලිපියත් හරි අවසාන වාක්‍යයත් හරි! ලෝකෙටම ඉන්න එකම එක පුල් බ්රයිටා වගේ පෙන්නන්න හැදුවට මූ තුන්ලක්ෂ විසිපන්දාහකටත් වැඩි ගාණකින් එකෙක් විතරයි!

    ReplyDelete
    Replies
    1. ඇඹිලිපිටියේ චන්දරේAugust 27, 2014 at 2:32 AM

      ඇයි අමරකීර්ති ලොක්කට අවුල් වගේද මේ ලිපියට? දුම විසිවෙන්නම දීලා නේද තෝරදෙනිය ලොක්කා. මරු..ලිපියක් කාලෙකින් කියවපු.

      Delete
  3. අපේ මෙයාගෙ පොත් තියෙව්වනං එයාගෙ භාෂාව ගැන දැනගත්තහැකි. ඒවුනාට යුනිවසිටියෙ සිංහල ඩිපාට්මන්ට් එකක වැඩ

    ReplyDelete
  4. ඇඹිලිපිටියේ චන්දරේ.August 27, 2014 at 2:34 AM

    ඇයි අමරකීර්ති ලොක්කට අවුල් වගේද මේ ලිපියට? දුම විසිවෙන්නම දීලා නේද තෝරදෙනිය ලොක්කා. මරු..ලිපියක් කාලෙකින් කියවපු.

    ReplyDelete
  5. වැල්ලව උක්කුං මල්ලිAugust 28, 2014 at 3:31 AM

    කාලෙකින් කියවපු එල කිරි විග්‍රහයක්. මරු.

    ReplyDelete
  6. විට්ටර් රත්නායකSeptember 1, 2014 at 4:48 PM

    මා හරි උගතා මා හරි ජගතා
    හිතනා මිනිහා මෝඩයෙකි

    ReplyDelete
  7. FB එකේ ඉන්නව වැල්ලව අමරෙගෙ එහෙය්යො ටික‍. පොර පඩයක් ඇරල සුවදයි කිව්වත් අර සෙට් එක එහෙයි එහෙයි කියනවා පට්ට ආතල් ඔයි මොඩ චූන්

    ReplyDelete