Breaking News

ගරු මාලකයාණෙනි, ඔබ අපේ අනාගතයයි..

ගරු මාලක සිල්වා මහතා මාතරින් දේශපාලනයට පැමිණෙන බව දැන් කරළියේ ප්‍රසිද්ධිය. පසු ගිය පොහොයක ඔහු මාතර ඇත්තන්ට මහා බත් දන්සළක් දුන්නේද ඒ නිසාමය. මේ ගැන අපි කුමක් නම් ලියන්නද? කුමක් නම් කියන්නද? ඒ කියන කට ගලක උලා ගැනීම වඩා යෙහෙකි.

අපට අඩුවකට සිටියේ මාලක පමණි. දැන් වත්මන් ජනපති තුමා විසින් ගරු මාලක සිල්වා ද මැති ඇමැත්තෙක් බවට පත් කර අපගේ දේශපාලන ක්ෂේත්‍රය තවත් වර්ණවත් කරන්නට සැදී පැහැදී සිටියි. මාලක ගෙන ඒමෙන් එතුමාගේ කිර්තිය දෙගුණ තෙගුණ වන බව එතුමා සිතනවා විය නොහැකිය. එසේ නම් එතුමාට මාලක අවැසි ඇයි? අපට නම් මෙය හරියටම තේරුම් ගත නොහැක. අප අනුමාන කරන හේතූන් පහතින් ලියා දමන්නේ හිතේ අමාරුව යන්නත් එක්කමය. මෙහි එකක් හෝ කිහිපයක් හෝ නිවැරදි විය හැකිය. ඇතැම් විට මේ සියල්ල වැරදි වීමට ද ඉඩ තිබේ. නමුත් තමා ගරු මාලකයන් මේ දේශපාලන ක්ෂේත්‍රයට කැදවා ගන්නේ මෙන්න මේ හේතු කාරණාව උඩ යයි ජනපති විසින් ජනතාවට පැහැඳිළි කෙරෙතැයි සිතීම උගහට නිසා ජනතාව විසින්ම ඒ මෙන්න මේ හේතුව නිසා වන්නට ඇතැයි සිතීම හා බිනීම ස්වාභාවිකය.
    1: මර්වින්ගේ පුතාට තැනක් දීම මඟින් මර්වින්ට කෘතගුණ සැළකීම.
      2: පුතාලට තැනක් ගන්න ඕනා නම් මර්වින් මෙන් හිතවත්ව කටයුතු කළ යුතු බවට අන් අයට තේරුම් කරවීමට සහ ඒ සඳහා ක්‍රියා කලාපය නොව කොතෙක් දුරට තමාට පක්ෂපාතීව කටයුතු කරන්නේද යන්න පමණක් බලපාන බව පැහැඳිළිව පෙන්වීමට.
        3: මුදල් විසි කළ හැකි ඕනෑම අමනයෙකුට දිනිය හැකි නිසා සහ ඒ විසි කරන මුදල් නිසා සිය දේශපාලන පක්ෂය හා තමා ද තව බලවත් වන නිසා.
          4: තවමත් මාතර ආසනයේ ඡන්දයේදී කුළ භේදය තදින් බලපායි. කොයි පැත්තෙන් ආවත් අපේ එකෙකුට ඡන්දය දෙන පිරිසක් තවමත් එහි වෙසෙති. පසුගිය මැතිවරණවලදී ද එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතර දිස්ත්‍රික්කය ඉතා ලෙහෙසියෙන් ඉතාමත් වැඩි චන්ද ගනණකින් ජයගත්තද මාතර ආසනය තුල කරට කර සටනක් දීමට සිදු විය. එහිදී දිනුවත් දිනන්නේ නූලෙනි. මංගල සමරවීර මෙන්ම මාලක සිල්වා ද දුරාවේ කුළයේය. මාලක මතරට ගේන්න හදන්නේ මේ දුරාව කුළයේ ඡන්ද ආකර්ෂණය කරගැනීමට යැයි සමහරුන් පවසනු පෙනේ. එය සත්‍ය යැයි මොහොතකට සිතුවත් ඒ මාලක මාතරට ගෙන ඒමට හේතුව මිස ඔහු දේශපාලනයට කැන්දාගෙන ඒමට හේතුවක් නොවේ. නමුත් අපට ඇති ගැටළුව මාලක මාතරට ගෙන ඒම නොව, මාලකලා දේශපාලනයට ගෙන ඒමයි.
            5: හිතා මතාම ලාංකීය දේශපාලන ක්ෂේත්‍රය අමනයන්ගෙන්, මෝඩයන්ගෙන් හා නිළියන්ගෙන් පුරවා දැමීම සිය දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් නිසා.

              මෙහි පළමු කරුණු හතර පිළිබදව පහැඳිළි කිරීමක් අවැසි නොවුනත් අවසන් කරුණ පිළිබඳ යම් පැහැඳිළි කිරීමක් අවැසි යයි සිතමි. 

              මහින්ද රාජපක්ෂගේ එක් දිගු කාලීන අරමුණක් නම් තම පුතු මතු දිනක රටේ නායකයා කරවීමයි. ඒ සඳහා දේශපාලන ක්ෂේත්‍රයට දැන උගුත් හැකියාවැති තරුණ පිරිසක් පිවිසිය හොත් ඔවුන් ලාංකීය දේශපාලනයෙහි ගාමක බලවේගය බවට පත් වුවහොත් සිදු වන්නේ කුමක්ද? එය මේ රට තුළ විය යුත්තේ කුමක්ද යන්න පිළිබඳ සංවාදයකට මඟ පාදනු ඇතිය. එවැනි සංවාදයක් තුළින් මතු වන්නේ අදහස්, සංකල්ප ඇති හා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ශක්‍යතාවද ඇති තරුණ නායකත්වයක් විය හැකිය. එවැනි උචිත පසුබිමක නාමල්ට අභියෝගයක් පැන නැගීම හෝ ඔහු පසෙකට යාම හෝ පහසුවෙන් සිදු විය හැකිය. එවැනි අභියෝගයක් වළකාලන ආකාරයේ දේශපාලන සංස්කෘතියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ විශේෂයෙන්ම එහි ඊළඟ පරම්පරාව තුළ පවත්වා ගෙන යාම මඟින් සිය සිතැඟි ඉටු කර ගත හැකි බව පරිණත දේශපාලකයකු වන මහින්ද රාජපක්ෂට පෙනී ගොස් තිබිය යුතුය. කුමක්ද ඒ සඳහා පහසුවෙන්ම පවත්වා ගත හැකි දේශපාලන සංස්කෘතිය?

              ඒ සඳහා සුදුසුම පසුබිම සැකසිය හැක්කේ දේශපාලනයට එළඹීම මෙන්ම එහි සාර්ථකව රැදී සිටීමටද ජනාධිපතිවරයාගේ පවුල සමඟ දැන හැදුනම් කම් පවත්වන පවුල්වල තරුණයන්ට අවස්ථාව ලබා දී ඔවුන්ගේ දේශපාලනික ඉරණමද එම සම්බන්ධය මත තීරණය වන්නක් බවට පත්වන්නට ඉඩහැරීමෙනි. එමඟින්  ඒ ළමයින්ගෙ දෙමවුපියන්ද තමා සමඟ වඩා හිතවත්ව කටයුතු කරන තත්වයකට පත්කර ගැනුමද ඉතා පහසුය. එනම් මේ සියළු දේශපාලන නායකයින් අතරේ කිසිදු සංවාදයකට ඉඩක් නොතබා ඔවුන් ඔවුන් දැනටමත් ඉතා දක්ෂ ලෙස කරගෙන යමින් සිටින ආවැඩුමටම හුරු කර ගත හැකිය. හරවත් සංවාදයකට, මතවාදයකට මං ඇහිරිනු පසුබිමක පියාගෙන් පුතුට උරුම වන මනෝ භාවයද ස්ථාපිත කොට ගත් කළ තමාගේ ඇවෑමෙන් පුතුට රටේ නායකකම පැවරීම වඩාත් ස්වාභාවික සංසිද්ධියක් බවට පත්කර ගත හැකිය. ඒ නිසා මහින්ද විසින් දේශපාලනයට ඕනෑම මෝඩයෙක්, කුඩු කාරයෙක්, මැරයෙක් හෝ හය හතර නොතේරෙන බොළද නිළියක් කැදවා ගෙන ඒමට පසුබට නොවන්නේ එමඟින් හරවත් සංවාදයකට මඟ අහුරා දැමිය හැකි බැවිනි. මේ අප්සට් ළමයි අතරින් රට වැසියනට නාමල් මහත්මයෙකු වී පෙනෙනුයේ නිතැතිනි.

              රාත්‍රී සමාජ ශාලා වලට වැද එහි සිටින කෙල්ලන් බලෙන් ඇදගෙන නටන සල්ලාලයන්ට ඇස් හිස් මස් ලේ  පුදා රැක ගත් ජාතියක දූ දරුවන්ගේ අනාගතය බාර දීමට ජනමූල නායක මහින්ද රාජපක්ෂ සූදානම් දැයි අපි බලා සිටිමු. අපට අන් කළ හැක්කක් නොමැත.



              -ජනිත් සෙනෙවිරත්න
              යුතුකම සංවාද කවය
              www.yuthukama.com

              6 comments:

              1. විලසේනJuly 21, 2014 at 8:41 PM

                මේකේ එන පස් වෙනි කරුණ ගැන් හුඟ දෙනෙක් කතා කරන්න බයයි. නැත්නම් කතා කළොත් තමන්ට පාඩුයි. නමුත් මේ කාරණය් අද ඉතාමත් අදාළයි. ඒ නිසා ඒ රටේ නොවිය යුතු දේවල් වෙනවා. රූපවාහිනියේ ගිය ක්‍රිකට් තරඟ, CSN නාලොකාව ලබා ගැනීම, මහ නා හිමියන්ගේ අවවාදය පවා නොතකා, දළදා මාළිගාව වටේ රේස් පැදීම වගේ දේවලුත් සුද්ද් වෙන්නේ ඔය පස් වෙනි කාරණයට සම්බන්ධවම තමයි. මහින්දගේ ජනප්‍රියභාවය අඩු කරන්න වැඩියෙන්ම බලපාන්නෙත් ඔය පුතාව ඉදිරියට ගන්න ඕනා නිසා කරන දේ තමා..මේක එළිපිට තාර්කිකව ගොන් මඩ නොගසා කතා කිරීම අගය කරමි.

                ReplyDelete
              2. "අපි බලා සිටිමු. අපට අන් කළ හැක්කක් නොමැත."

                ReplyDelete
                Replies
                1. සුදු පුතාJuly 21, 2014 at 10:37 PM

                  මේක ලියපු එකම කරන්න පුළුවන් දේ කිරීමක් තමා. මෙතන තව තේරුමක් තියෙනව මට හිතෙන්නේ..කෝ මහින්දට අභියෝග කරන්න පුළුවන් ජාතික නායකෙයෙක්? මහින්දව පරද්දලා කාවද ගේන්නේ? ඒක නිසාත් මේ සියළු අඩුපාඩු දිහා බලා කළකිරුනත් අපිට වෙන විකල්පයක් තියෙනවද?

                  Delete
                2. Sakkili puthaa,, Mahinda Jathika nayakayek kiyala sureda? Gothra Nayakayek nemeida?

                  Delete
              3. සුදු පුතාJuly 21, 2014 at 11:41 PM

                කුළ භේදය ඔළුවෙ තියන් ඉන්න නිමල් වගේ ගෝත්‍රිකයොත් එක්ක කතා කරලා වැඩක් නෑ..

                ReplyDelete
                Replies
                1. Sakkili putha adu kuleda?! matath hithuna. ganan ganna epa. Paramparawen ena de wenas karanna be. Igenagena minihek wenna balapan.

                  Delete