Breaking News

රට බෙදන විජාතික කුමන්ත්‍රණයට අපි ඉඩ දෙන්නෑ..-බොදු බල සේනා

ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් කිසිවෙකුගේ වේදිකාවට ගොඩ ‍නොවන බවත්, දේශීය ඒජන්තයන් පෙරටු කරගෙන නැවත වරක් රට කඩන බටහිර විජාතික කුමන්ත්‍රණවලට එරෙහිව නැගී සිටින බවත් ජනාධිපතිරණය පිළිබදව සිය ස්ථාවරය ස්ථාවරය එළි දක්වමින් බොදු බල සේනා සංවිධානය ප්‍රකාශ කර සිටියහ. ඒ සම්බන්ධ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

බොදු බල සේනා හා 2015 ජනාධිපතිවරණය
මාධ්‍ය නිවේදනය
27 නොවැම්බර් 2015

"බොදු බල සේනා" විසින් අද දින ඉටු කරමින් සිටින්නේ වසර 400 කට අධික කාලයක් තිස්සේ අධිරාජ්‍යවාදීන් (සුද්දන්) විසින් නිර්මාණය කර පසුව දේශීය නව යටත් විජිත පාලකයින් විසින් (කළු සුද්දන්) විසින් පෝෂණය කල සිංහල බෞද්ධ විරෝධී දේශපාලනය වෙනස් කරමින්, මේ රටේ ඓතිහාසික ජාතිය වූ සිංහලේ බෞද්ධයින්ට ඉතිහාසය තුල කරන ලද අසාධාරණයට එරෙහිව සටන් කරමින්, සිංහල බෞද්ධයින්ට අහිමි කල "සිංහල බෞද්ධත්වය" නැවත දිනා දීමට කරනු ලබන පටිසෝතගාමී ( උඩු ගo බලා පිහිනීම) වූ ජාතික වගකීමකි. එය අපහසු වුත් සංකීර්ණ වුත් එමෙන්ම කල ගතවන්නා වුත් දුෂ්කර ක්‍රියා දාමයක් බව අපි හොඳින්ම දන්නා අතර පසුගීය වසර දෙක තුල මෙම ජාතික නිදහස් අරගලය වෙනුවෙන් මුලික පදනමක් දැමීමට අපට හැකි විය.

ජාත්‍යන්තර කුමන්ත්‍රණ හා ව්‍යවස්ථා අර්බුද ඇතුළු විවිධාකාර වූ පසුබිම තුල නිර්මාණය වී ඇති 2015 ජනාධිපතිවරණය සිංහලේ බෞද්ධ රාජ්‍යයක් නැවත දිනාගැනීම පිණිස අප විසින් දියත් කර ඇති නව නිදහස් පුනරුද අරගලයට අතිශය තීරණාත්මක කඩඉමක් ලෙස දකිමු. වසර 30 කට ආසන්න කාලපරිච්ජේදයක් තුල ක්‍රියාත්මක වූ බෙදුම්වාදී කුරිරු ත්‍රස්තවාදය පරදා රට තුල නිදහසේ ජීවත්වීමට පරිසරයක් නිර්මාණය කොට රටේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක සංවර්ධනයක් සිදු වෙමින් පවතින මෙම අවස්ථාවේදී ජනාධිපතිවරණය තීරණාත්මකය. ත්‍රස්තවාදය පරාජය කලද එය ඇතිකළ මතවාදය හා එය නිර්මාණය කල ජාත්‍යන්තර පෙරමුණ පරාජය කල යුතු මොහොතක හා සැමට සෙත සලසන සිංහලේ බෞද්ධ දේශපාලන මතවාදය ජය ගැනීම පිණිස පදනම ශක්තිමත් කරනු ලබන මොහොතක මෙම යෝජිත මැතිවරණය පැහැදිලිව තීරණාත්මකය. වසර 400 ක් තුල බිහි වී පසුගිය වසර 60 කට අධික කාලයක් වර්ධනය වූ ප්‍රචණ්ඩත්වය යම් පමණකට අවම වෙමින් පවතින එහෙත් නිලධාරීවාදය ඉහලම මට්ටමකට පත් වී ඇති දේශපාලකයින්ගේ බලය අනවශ්‍ය ලෙස කේන්ද්‍ර වීම පාලනය කිරීම අපහසු මොහොතක, දුෂණය, නාස්තිය හා වංචා පාලනය කිරීම දුර්වලව ඇති මොහොතක, වර්ධනය වී ඇති පවුල් දේශපාලනය කළමනාකරණය කිරීම දුෂ්කර වී ඇති මොහොතක, නීතිය ක්‍රියාත්මක වීම ශක්තිමත් නොවී ඇති මොහොතක , අන්‍යාගමික ත්‍රස්තයින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් බලවත් වී ඇති මොහොතක මෙම මැතිවරණය දෙස බොදු බල සේනා සලකා බලන්නේ සිංහලේ බෞද්ධ රාජ්‍යයක් නැවත දිනාගැනීම පිණිස අප විසින් දියත් කර ඇති නව නිදහස් පුනරුද අරගලය කෙරෙහි සිදු වන බලපෑම මුලිකව පදනම් කර ගෙනය.

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම හා ඔවුන් නියෝජනය කරනු ලබන දේශපාලන ව්‍යාපාර බොදු බල සේනා වේ කැමැත්ත නොවන අතර අපේ රට පැහැදිලිව දියුණු කල හැකි සිංහලේ බෞද්ධ රාජ්‍යය නිර්මාණය කිරීමේ අරගලයට නායකත්වය දිය හැකි සැබෑ ජාතික නායකත්වයක් අප සතුව ඇත. මීට වසර 200 කට පෙර 1815 දී සිදු වූ කුමන්ත්‍රණ වලදී සිදු වුවක් මෙන් මෙම ජාතික නායකත්වය තිඹිරිගෙයිදීම විනාශ කිරීමට ඉඩ දීමට අප සුදානම් නැත. වසර 2 ක් තුල අප විසින් නිර්මාණය කල නව ජාතික පුනරුද ව්‍යාපාරය විනාශ කිරීමට සතුරාට ඉඩ දීමට අප ඉක්මන් නොවිය යුතුය.

බොදු බල සේනාව බහුතර ජනතාවගේ අපේක්ෂාවක් වෙමින් පවතින මොහොතක සිදුවන මෙම මැතිවරණය නිසා නිර්මාණය වී ඇති "බොරු වලේ" වැටී විනාශ වීමට ඇති ඉඩ කඩ පිලිබඳ ව තේරුම් ගැනීමට බොදු බල සේනා පැහැදිලිව පරිණත වී ඇති බැවින් සිංහලේ බෞද්ධ රාජ්‍යය බිහි කිරීම උදෙසා වූ පදනම ආරක්ෂා කිරීම අපගේ පරම යුතුකම හා වගකීම බව අපි දනිමු. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද හේතුවෙන් රටේ ඓතිහාසික ජාතියට තිබිය යුතු එහෙත් අහිමි කරනු ලැබූ . එහෙත් සුළු ජනවර්ග විසින් වරප්‍රසාදයක් කරගෙන භුක්ති විඳින "රජුන් තැනීමේ" බලය රටේ ඓතිහාසික ජාතිය වූ සිංහලේ බෞද්ධයින්ට හිමි වෙමින් පවතින මොහොතක, බෙදී වෙන් වී ඇති සිංහලේ බෞද්ධයින් එක්සත් වීමේ විභවය නිර්මාණය වී ඇති මොහොතක අප සියලු දෙනා කටයුතු කළ යුතු වන්නේ ඉතාමත් තාර්කිකවය. විචාරශීලීවය. බුද්ධිමත්වය. මෙය හැගීම් බරව හෝ පෞද්ගලික අරමුණු පෙර දැරි කර ගෙන කටයුතු කළ යුතු මොහොතක් නොවේ.

2009 දී කුරිරු ත්‍රස්තවාදය අවසන් කළ මොහොත සිංහලේ බෞද්ධ දේශපාලනයේ ජයග්‍රහණයක් නොවුනද ඒ සඳහා පදනමක් දැමීමට අවස්ථාවක් කර ගැනීමට යම් බලවේග ගනු ලැබූ උත්සහායක ප්‍රතිපලයක් ලෙස බොදු බල සේනා බිහි විය. වසර 30 ක් තිස්සේ යුද්ධය තුළ නිහඩව වැඩෙමින් තිබු සිංහල බෞද්ධ විරෝධී , සමස්ත ලෝකයටම පිළිලයක් වන මුස්ලිම් අන්තවාදය හා ත්‍රස්තවාදය ඇතුළු සියලු ආගමික අන්තවාදයන් හා ත්‍රස්තවාදයන් පැහැදිලිව දකින්නටත්, එය පරාජය කිරීම උදෙසා සටන් කරන්නටත් 2009 පසු බිහි වූ මෙම සාමකාමී පරිසරය හිතකර විය. 2009 ත්‍රස්තවාදී යුද්ධය අවසන් නොවුනා නම් අද දින ඉරාකයේ හෝ සිරියාවේ සිදුවන තත්වයන් හෙට දින මෙරට සිදු වීමට සියලු විභවයන් තිබුණි.

2009 දී කුරිරු ත්‍රස්තවාදය අවසන් වුවද එහි දේශපාලන පෙරමුණ හා ජාත්‍යන්තර පෙරමුණ පරාජය කිරීමට රජයන් අපොහොසත් වුවා පමණක් නොව බලය උදෙසා රට, ජාතිය හා ආගම පාවා දිය හැකි, උකස් කල හැකි අපගේම ලෙස පෙනෙන විජාතික බලවේග සමග එක්ව එය ශක්තිමත් කිරීමට ගනු ලැබූ උත්සහායන් හඳුනා නොගැනීමට තරම් අප්‍රවේසම් විය. දුර්වල විය. එහෙත් මෙම තත්වය හොඳින් තේරුම් ගත් බුද්ධියෙන් හා උපායමාර්ගිකව කටයුතු කල බොදු බල සේනා ව බෙදුම්වාදී දේශපාලන කුරිරු ත්‍රස්තවාදයේ දේශපාලන පෙරමුණ හා ජාත්‍යන්තර පෙරමුණ පරාජය කිරීමට පමණක් නොව ලොවටම පිළිලයක් වී ඇති ආගමික අන්තවාදයන් හා ත්‍රස්තවාදයන් පැහැදිලිව හෙලිදරුව් කිරීමටත් අපගේ ජයග්‍රණය සතුරු බලවේග පැරදවීම පමණක් නොව සිංහලේ බෞද්ධයා ජයග්‍රහණය කරා මෙහෙයවීම බව තේරුම් ගෙන ක්‍රියාශීලී වීමටත් පෙරමුණ ගෙන ඇත්තෙමු. ඒ අනුව සිංහලේ බෞද්ධ රාජ්‍යය නැවත දිනාගැනීම වෙනුවෙන් වූ අරගලයට අප නායකත්වය දෙමින් සිටින්නෙමු. අප සමග ජාලගත විය යුතු සමහර නායකයින් හා සංවිධාන මේ අවස්ථාවේ සිය පෞද්ගලික න්‍යාය පත්‍ර වලට අනුව යමින් කටයුතු කිරීම "ළදරු වලිප්පුවක්" ලෙස සලකනු ලබන අතර ඔවුන් වහාම නිවැරදි මාවතට අවතීරණ නොවුනහොත් ජනතාව විසින් ඔවුන්ට නිසි ලෙස ප්‍රතිකාර කරන බව අපගේ විශ්වාසයයි.

2015 ජනධිපතිවරණය පිළිබඳ ව බොදු බල සේනා ව සිය සංවිධායකයින් හා ප්‍රධාන දායකයින් සමග ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් ගැඹුරු ලෙස සාකච්ජා කල අතර අපගේ "ජාතික බුද්ධි සභාවේ" විමසුමටද ලක් කරන ලදී. අනතුරුව බොදු බල සේනා වේ "දේශපාලන මණ්ඩලයේ" නිර්දේශ මත එහි "විධායක කමිටුව" පහත දැක්වෙන තීන්දුවට එළඹෙන ලදී.

"2015 ජනාධිපතිවරණය යනු සිංහලයාගේ, බෞද්ධයාගේ පමණක් නොව සමස්ත රට වැසියාගේම පැවැත්මට බලපෑම් ඇති කල හැකි විශේෂයෙන් "සැමට සෙත සැලසිය හැකි සිංහලේ බෞද්ධ රාජ්‍යය ස්ථාපිත කිරීමේ" පදනම විනාශ කිරීම කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කල හැකි සංධිස්ථානයක් ලෙස සැලකිය යුතුය. අපගේ උතුම් අරමුණ ජයග්‍රහණය කිරීම උදෙසා පදනමක් වී ඇති සාමකාමී පරිසරය විනාශ කොට "ජාතිබේදවාදී ත්‍රස්තවාදය" හා "ආගමික ත්‍රස්තවාදය" හිස එසවීමට ඉඩ දෙන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට යොදා ගත හැකි වේදිකාවක් ලෙස මෙම ජනාධිපතිවරණය දකින බැවින් මෙම කුමන්ත්‍රණය හෙලිදරුව් කිරීමටත්, එම කුමන්ත්‍රණය පරාජය කිරීමටත් එම අරමුණු උදෙසා බොදු බල සේනා සතු සමාජ ප්‍රාග්ධනය ඇතුළු සියලු විභවයන් මුදා හැරීමටත්, ඒ තුලින් සැමට සෙත සැලසිය හැකි සිංහලේ බෞද්ධ රාජ්‍යය ස්ථාපිත කිරීම උදෙසා වූ අරගලය ශක්තිමත් කිරීමට උදාවන සැම තත්පරයක්ම යොදා ගත යුතුය. ඒ සඳහා යෝග්‍ය සියලු බලවේග ඒකරාශී කිරීමටත් කටයුතු කල යුතුය. මෙම ජාතික බුද්ධි මෙහෙවර උදෙසා රටේ ඇති සියලු භික්ෂුන් වහන්සේලා හා සියලු බෞද්ධ විහාරස්ථාන කේන්ද්‍ර කොටගත් "සිංහලේ බෞද්ධ රාජ්‍යය දිනවීමේ" සටන තුලින් 2015 ජනවාරි මස 8 වන දින පැවත්වීමට යෝජිත ජනාධිපතිවරණයේදී මෙම "විජාතික කුමන්ත්‍රණය" පැරදවීම පිණිස "ප්‍රජාතන්ත්‍රවාදී වූ ජන අරගලයක්" කරමින් මේ රටේ රජුන් තැනීමේ නායකත්වය භික්ෂුන්වහසේලා ගේ ආශීර්වාදයෙන් රටේ ඓතිහාසික ජාතිය වූ සිංහලේ බෞද්ධයින්ට උරුම කර දීමට බොදු බල සේනා පෙරමුණ ගත යුතුය."
"සිංහලේ බෞද්ධ රාජ්‍යය දිනවීමේ සටනට ජය වේවා"
 

- බොදු බල සේනා (BBS) 
 

1 comment:

  1. ammata hudu.. Den JHU eka anith petthe nisa me site eke unta ellenna wel nethiwela wagei.

    ReplyDelete