Breaking News

අnoමා සහ අම්මා

සිංහල සක්විතියා අලුත් 'පොතක් දමා' තිබේ.
පොත සමග හිතේ හැටියට සෙල්ලම් කරන්න‍ට ගිය නන්දා මාලිනී ද, ලාල් කාන්ත ද, මොහාන් රාජ් මඩවල ද, සමන් වික්‍රමාරච්චි ද, දිලීප අබේසේකර ද ආදි තොත්ත බබාලා, දුන් දේ කියා සල්ලි ගත් නිවේදක කටකාරයන් ද සමග අවසානයේ දී නැපි තෙමා ගෙන පොත සමග නිදි වැද්දෝ ය.සිංහල සක්විතියා යනු 21 වැනි සියවසේ බිහි වූ ලාංකික අග්ග මහා පණ්ඩිතයා යයි සිතා, දිව නැවෙන නැවෙන අතට කියන ඔල්මාද කතා අසන්නට යන මෙගා ටෙලිනාට්‍ය සහ රියලිටි රසිකයන්ට අප පවසන්නේ, ඒ කාලය 'බල්ලන්ට හැට්ට මසන්නට' ගත කරන ලෙස ය.

සිංහල සක්විතියා යනු ටියුෂන් ගුරෙකු ගේ වෙස් ගත් සමාජ අපරාධකාරයෙකි. කිසිදු ශාස්ත්‍රීය හැදෑරීමක් නැති අල්පශ්‍රැතයෙකි. උසස් පෙළ සිංහලයට අමතර විෂයක් ගැන නොදන්නෙකි. ලෝකයේ සියල්ල ඇත්තේ උසස් පෙළ සිංහල මට්ටමෙන් යයි සිතා සිටින්නෙකි.
සිංහල සක්විතියා ආ ගමනේ පූර්වජයෝ හෙවත් ඔහු ගේ ආරේ පුද්ගලයෝ සිටිත් ද? සිටිත් නම් කවරහු ද?
සිංහල සක්විතියා,
ගී පද රචකයකු ලෙස පෙනී සිටී. පූර්වජයෝ කවරහු ද?
ප්‍රේම සාහිත්‍යකාරයකු ලෙස පෙනී සිටී. පූර්වජයෝ කවරහු ද?
චිත්‍රපටි නිෂ්පාදකයකු ලෙස පෙනී සිටී. පූර්වජයෝ කවරහු ද?
කිසිවකු නැත‍. 
එහෙත් සිංහල සක්විතියාට පූර්වජයෝ සිටිති.ඒ ලලිත් කොතලාවල, සක්විති රණසිංහ, රුවන්වැල්ලේ
සෝභිත. නිමල් ගමගේ (බම්බලපිටියේ හොර වෙදා) වැන්නෝ ය. මොවුන් සියල්ලෝම බොහෝ කරුණුවලින් සමානයෝ වෙති‍‍. සියල්ලෝ සමාජ අපරාධකරුවෝ ය. මාධ්‍ය ප්‍රතිරූපකයෝ ය. දේව වෙස් ගත් තක්කඩියෝ ය.

ඉහත සදහන් සියලු දෙනාම මාධ්‍යයේ සහ සමාජයේ වැජඹෙන කාලයේ ඔවුන් වෙනුවෙන් චරිත සහතික ලියන්නට, කත් අදින්නට, මඩ සෝදන්නට, කැත කුණු අත ගාන්නට, වැසිකිලි බාල්දි අදින්නට පිරිසක් සිටියහ. එහෙත් මේ ලලිත් කොතලාවල, රුවන්වැල්ලේ සෝභිත, සක්විති රණසිංහ, නිමල් ගමගේ වැනි සමාජ පාදඩයන් ගැසූ ගේම් සියල්ල සමාජයට හෙළිදරව් වන විට, කිසිවක් නො දන්නා වුන් මෙන් සට්ටඹියෝ පැන ගියෝ ය.
ඒ, අද නන්දා මාලිනී, ලාල් කාන්ත, සමන් වික්‍රමාරච්චි වැන්නෝ ය.
සිංහල සක්විතියා ගේ 'අම්මා' පොතට චරිත සහතික දෙන්නට ගිය නන්දා මාලිනී, ලාල් කාන්ත වැන්නන් එසේ යන්නේ කවර අදහසකින් දැයි විමසීමට අපට අවශ්‍යතාවක් උපන්නේ, 'බනින්නං වාලේ බැනීම' අප ගේ සිරිත නො වන නිසා ය.
මේ ඔවුන් පෞද්ගලික ව අපට කී දේ ය.
 
නන්දා මාලිනී -
'අපි කාලයක් තෝර බේර ගෙන වැඩ කළා. කට්ටියක් අපට කිව්වා අර මාධ්‍ය ආයතනයට යන්න එපා, මේකට යන්න එපා කියලා. ඇත්තටම හරි අමාරුයි ඒ විදියටම ඉන්න‍. අපටත් දැන් සිද්ධ වෙලා තියෙනවා, මේ සමාජ ක්‍රමයත් එක්ක යන්න. මොනව කරන්නද? නේද?'
ලාල් කාන්ත -
'අපි මේ වගේ එක එක තක්කඩියන් එක්ක වැඩ කරලා තියෙනවා. මං ඕක ගේ පන්තියටත් ගියා. ඔයාලා මේවා පත්තරවලට ලියන්න. 'ලංකා' පත්තරේ මේක පළ කරපු එකේ ඉදන් ප්‍රශ්න කරන්න ඕන.' (නන්දා මාලනීට සහ ලාල් කාන්තට අප කියන්නේ මෙවැනි කතා කීවේ නැත්නම්, හැකි නම් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරන්න. නැත්නම් නඩු දාන්න. ලාල් කාන්ත 'ඕක ගේ පන්තියටත් ගියා' කියූ බව අපි මෙහිදී නැවතත් අවධාරණය කරමු. )මෙලෙස සිංහල සක්විතියා ගේ තක්කඩි වැඩවලට යන්නේ 'රට කරවන්න නම්', 'සුකිරි බටිල්ලන් ගේ ගීතය' ගීත ගැයූ නන්දා ය. පාදඩ දේශපාලනයට එරෙහි ව, මජර ජාවාරම්කාරයන්ට, පාතාළ මැරයන්ට, සමාජ දූෂකයන්ට එරෙහි ව, සදාචාරසම්පන්න දේශපාලනයක් ගැන කටමැත දොඩවන ලාල් කාන්තලා ය‍.

කරුණාරත්න දිවුල්ගනේ කී දේ මෙලෙස ය.
 'මට ඔය මිනිහා කතා කරලවත් නෑ. හරි වැරැදියි මං එනවා කියලා සදහන් කරලා තියෙනවා නං. මං දන්නේ නෑ මේ ගැන. හරි තක්කඩි වැඩක් නෙ'
නන්දා මාලීනීට සහ ලාල් කාන්ත වැන්නන් වහා කළ යුත්තේ තමන් ගේ බොරු සමාජ වෙස්මුහුණු ගලවා, සැබෑ මුහුණුවරින් පෙනී සිටීම ය. දැන් ප්‍රශ්නය සාකච්ඡා කළ යුතු ය.

සිංහල සක්විතියා 'අම්මා' නමින් පොතක් ලියන්නේ ඇයි?
 
ප්‍රසිද්ධියේ 'අම්මා' ගැන කියමින් බොරුවට හොටු හූරන සිංහල සක්විතියා ගේ අම්මා (සහ තාත්තා) පිළිබද කෙරුවාව දැන ගැනීමට, දැනට ජපානයේ වැඩ වසන, ළගදී ලංකාවට වඩින්නට නියමිත, මත්තේගොඩ අලි දෙන්නා පන්සලේ විහාරාධීපති, ආචාර්ය පොල්පිටියේ ඥානරංසී ස්වාමින් වහන්සේට සවන් දිය යුතු ය.
'ඔය හාදයා දවසක් මාව හමුවෙන්න ඇවිත් කිව්වා, හාමුදුරුවනේ ගෙට ගෙවදිනවා, පින්කමේ වැඩ ටික කරලා දෙන්න කියලා. ඊට පස්සේ සේරම සංවිධාන කරලා, අපි පිරිත් දවසේ ගෙදරට ගියා. අම්මා, තාත්තා පේන්න හිටියේ නෑ. මං ඇහුවා, කෝ අම්මා,තාත්තා කියලා‍. හාමුදුරුවනේ අම්මලා පිරිත් අහ අහ නිදි මරන්න කැමති නෑනේ, ඒ අය වැඩියෙන් කැමති දානේ බෙදන්න නේ. ඒ හින්දා ‍අම්මලාට හෙට එන්න කිව්වා.'
ඥානරංසී හාමුදුරුවන් පවසන පරිදි එදින රෑ පැමිණ සිට ඇත්තේ කොළඹ හිතවතුන් පිරිස ය. දානේ දා නෑයන් ගේ දිනය ය. එහෙයින් ලැජ්ජාවක් නැතුව අම්මාට සහ තාත්තාට එදිනට පමණක් එන්න කියා ඇත.
'කොළඹ අයට තමන් වදාපු අම්මාව පෙන්නන එක මදිකමක් කියලා හිතපු පුතෙක් තමයි ඔය' ඥානරංසී හාමුදුරුවෝ කීහ.


අද ප්‍රසිද්ධියේ අම්මාව ප්‍රසූත කරන්නට තරම් විළි රුදා හැදී තිබෙන්නේ මේ සිංහල සක්විතියාට ය. සිංහල සක්විතියාට 'අම්මා මතක් වන්නේ' මේ කිසි දෙයක් නිසා නො වේ. එක්සත් ජාතික පක්ෂයේ නපුංසක ආණ්ඩුව තිබුණු කාලයේ සිංහල සක්විතියා, හඳගම සමග එක් වී 'තනි තටුවෙන් පියාඹන්න' නමින් චිත්‍රපටියක් ගැසුවේ ය. (ඒ කාලේ සිංහල සක්විතියා අම්මලා ගැන කී කතා මතක් කර ගැනීමට, අදාළ පත්තර බලන්න.) අද 'මහපොළොවේ අම්මා', 'මූදේ අම්මා', 'අහසේ අම්මා' යනුවෙන් මනස්ගාත කියන සිංහල සක්විතියා ඒ කාලේ සිටි 'මහපොළොවේ අම්මලා' අහසට ඇරියේ අමු නිරුවස්තරයෙනි.

සිංහල සක්විතියා ගේ 'තනි තටුවේ හඳගමන' යන්නට අමු නිරුවස්තරෙන් ඉදිරිපත් වූයේ ද එවකට දරුවන් දෙදෙනකු ගේ අම්මා කෙනකු වූ අnoමා ය. මේ අභ්‍යවකාශ ව්‍යාපෘතිය ඒ ‍කාලේ තිබුණු දේශපාලනයට කදිමට ගැලපුණු නිසා, අnoමා යළිත් මහපොළොවට සැපත් වේ යයි, කිසිවකුත් සිතුවේ නැත. එහෙත් කවුරුත් මවිත කරමින් අnoමා, ටික දවසකින් ම මහපොළොවට ආවා ය. ආවේ නිකන්ම නො වේ. අමු නිරුවස්තරෙන්ම මහපොළොවට ආ අnoමා, සිංහල සක්විතියා ගෙන් සහ හඳගමයා ගෙන් 'තනි තටුවේ හඳගමනට' සල්ලි ඉල්ලුවා ය. ඒ අනුව වැඩිකල්, රැඩිකල් වී ඉන්නට බැරි වුණු 'තනි තටුවේ හඳගමන' භාර ව සිටි ලොක්කන් දෙන්නාට තරු පෙනුණේ එදා ය. අnoමාට දෙන්නට කියා වෙන් කළ සල්ලියක් ඔවුන් ළග නො තිබුණු බැවින්, සිංහල සක්විතියාත්, හඳගමයාත් අnoමාට කඩප්පුලි කතා කීහ. 'රෙද්ද කඩා ගත්තා මදිදැයි?' ඇසු හ.

මේ කුප්පීදු කතාවලට කිපුණු අnoමා එල්ල කල මාරක ප්‍රහාරය හමුවේ 
හඳගමට මෙන්ම සිංහල
සක්විතියාට 'කට උත්තර' නැති විණී. ඉන්පසු අnoමා එතෙක් දීග කමින් සිටි හඳගමයා ද අත හැරියා ය.

මෙයින් ඔප්පු වූ එක් විනෝදජනක යථාර්ථයක් ද ඇත. එනම් ලෝකයේ එකම ප්‍රේක්ෂිකාවක සිටි චිත්‍රපටිය බවට 'තනි තටුව' ගෞරවයට පත් වීම ය. සිංහල සක්විතියා සහ හඳගමයා 'තනි තටුව' ගැහුවේ මේ රටේ මහ පොළොවේ සිටින අම්මලාට 'බුජෝ' කියන්නට ය. ඒ කාලේ මේ ගොන් බාන රටට කීවෝ කුමක්ද?
'ලංකාවෙ ගෑනු මොනවද කරන්නෙ? කසාද බැදලා මිනිහට ඕන ඕන විදියට ඉන්න එක. කුස්සියට වෙලා උය උයා, දරුවන් ගේ පුක හෝද, හෝදා ජීවිතේ ගෙවලා දාන එක. එහෙමද බටහිර ගෑනු?'

'තනි තටුවේ' මූලික අවලාදය 'අම්මාකමට' එරෙහි ව එල්ල වූයේ මෙහෙම ය. මේ කතාව අසා සිටි අරුම පුදුම එකම එක ප්‍රේක්ෂිකාවක් ද සිටියා ය. ඇය වෙන එකියක නොව, 'තනි තටුවේ' ප්‍රධාන චරිතය රග පෑ අnoමා ය.
ඈ චිත්‍රපටිය බලා තීරණයක් ගෙන, 'තනි තටුවෙන් පියාඹන්න‍ට' පටන් ගත්තා ය. ඇත්තටම 'තනි තටුව' නිසා සිදු වූ එකම සමාජ පරිවර්තනයත් එයම ය. ඉන්පසු අnoමා පොත් ගහන්නට වූවා ය. 'පුනරුක්ති' පිට වන්නේ ඒ අනුව ය. අnoමා හඳගමයා ගේත්, සිංහල සක්විතියා ගේත් ඇත්ත හෙළිකරමින් පොත් ගසන්න‍ට බලාපොරොත්තු වන බව දැනගත් වහාම, උතුරේ දෙමළ ජාතිකයන් වෙනුවෙන් පවා උණුවෙන හඳගමයා ගේ 'මානව හිමිකම්' සීමාව පැන්නේ ය. පො‍ළොව පහුරු ගෑවේ ය. පිම්බේ ය. 'බලා ගනින්, පොත් ගහලා මට අහු වෙන්න එපා' යයි කියමින් සරම කරට ගෙන තුංමුල්ලේ පද්මේ ගේ චරිතයට ආරූඪ වූයේ ය.
එතැන් සිට එක දිගට, සම්මුඛ සාකච්ඡා පවත්වමින්, පොත් පළ කරමින්, අnoමා නො කියා කියන්න‍ට උත්සාහ කරන්නී කුමක්ද?

'ගෑනුන් විකුණ, විකුණා ජීවත් වෙන තොපි වගේ පිරිමින්, වදන, කරුමක්කාර අම්මාකම මට එපා' ....'තොප නි පෙන්දන් වදනු ලැබුවේ අම්මලා විසින් ද?'
දැන් සිංහල සක්විතියාට, අnoමා, no වී 'අම්මා' මතක් වී තිබේ.
වෙනස එක අකුරකි.

සිංහල සක්විතියා ගේ සහ හඳගමයා ගේ 'අම්මා' මතක් කෙරෙන 'අnoමා ගේ පොත් ව්‍යාපෘතිය' නිසා දැන් සිංහල සක්විතියාට ද නහුතයට නැග තිබේ. කාටත් ස්වයං නිර්ණ අයිතිය දෙන සිංහල සක්විතියා එය අnoමාට දෙන පාටක් නැත. අnoමා පොත් පළ කරමින්, පුවත්පත් සාකච්ඡා පවත්වමින් සිදු කරන 'පෙත්සම් ගැහිල්ල' එක අතකින් සිංහල සක්විතියාට ඔරොත්තු දෙන්නේ ද නැත. අනෙක් අතට ඇය විසින් අසනු ලබන ප්‍රශ්නවලට කෙළින් කටින් ඉදගෙන උත්තර දෙන්නට ද සිංහල සක්විතියාට ආත්ම ශක්තියක් ද නැත. අnoමා ගේ අවසාන පොත් එළි දැක්මට වාසුදේව නානායක්කාර, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක ද ආහ. දැන් අnoමා, 'තනියෙන්ම පමණට වඩා ඉදිමෙන්නට' පටන් ගෙන තිබේ. ඉදිරියේ දී තව මොන මොන දේවල් සිද්ධ වන්නට නියමිත දැයි දන්නේ ද නැත.

මේ අනුව සිංහල සක්විතියා වැඩ දෙකක් කළ යුතු ය.

01. 'මා ඉපදුණේ මහපොළොවේ අම්මා කෙනකු ගේ බඩෙනි' යැයි කිය යුතු ය.
02. අnoමා තාමත් සිටින්නී අහසේ යයි කිය යුතු ය. අnoමා මහපොළොවේ ගැහැනියක නො වන බව ඒත්තු ගැන්විය යුතු ය.
දැන් සිංහල සක්විතියා තටම, තටමා කෙසේ හෝ 'අම්මා' වදා ඇත. දෙකම කියා ඇත.

ඒ මදිවාට හඳගම ගේ 'අnoමා' වෙනුවට හඳගම ගේ 'අම්මා' ද මතක් වී තිබේ. 2014.08.24වැනිදා රාවය පුවත්පත සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී, සිංහල සක්විතියාට, සේරටම ප්‍රථම හඳගම ගේ අම්මා මතක් වන්නේ ඒ නිසා ය.
'මතුපිටින් පෙනෙන කතාව මගේ අම්ම ගෙ කතාව ලෙස කෙනෙකුට ගත හැකියි. යටිපෙළෙහි තිබෙන්නේ ධනේශ්වරයේ තුන්වන කාර්තුවේ ගිය සියවසේ අන්තිම වසර කීපයේ එනම් 1970-95 අතර ගමේ ඉදන් ගමේ පෙකණීවැල සම්බන්ධය කඩාගෙන නගරයට ආපු පරම්පරාවේ කතන්දරය. ඒ නිසා මේක ඇතුළෙ මම විතරක් නෙවෙයි, කෑගල්ලෙන් ආපු හඳගම ඉන්න ඉඩ තියෙනවා.' ('ධනේශ්වරයේ තුන්වන කාර්තුව' යනු කොහේ තියෙන කතාවක් ද කියා සිංහල සක්විතියා ගෙන් පසුව ඇසිය යුතු ය.)

සිංහල සක්විතියා ගේ 'අම්මා' පොත් කෙරිල්ලේ දී, හඳගමයා, 'අම්මා සහ හඳ එළිය' නමින් පොතක් ගසා තිබෙන බව ද මතක් කළේ ය.ඇත්ත මේක ය‍.
අnoමා ගේ ප්‍රහාරය ආරම්භ වුණු මුල් කාලයේ දීම, 
හඳගම, තමන් ගේ 'මහපො‍ළොවේ අම්මා' සමග පෝයට පන්සල් ගිය කතාවක් ලියා තිබිණි. දැන් සිංහල සක්විතියාත්, හඳගමයාත් අපට බලා සිටින්නට කියන්නේ මේ විකට ජවනිකාව දෙස ය. එළිපිට නො කෙරෙන මේ ගැටුම, අප ගේ අධිතාක්ෂණික cctv කැමරා පද්ධතියට අසු වන්නේ ය.
80 දශකයේ අවසාන කාලයේ එක් දිනයක කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයත්, ජවිපෙ සිසුනුත් දෙකට බෙදී, රීඩ් මාවත දෙපසට වී ගඩොල්වලින් ගසා ගත්තා මට මතක ය. එකල සිංහල සක්විතියා සිටියේ ස්වාධීන ශිෂ්‍ය සංගමය පැත්තේ ය. හඳගම නියෝජන කළ අnoමා ජවිපෙ පැත්තේ ය. අද අnoමාට පහර දෙන්නට, ඇතැම් විට සිංහල සක්විතියා වෙත ගඩොල් භාග ගෙනත් දෙන්නේ අසරණ හඳගමයා විය හැකි ය.

'අපේ තාත්තලා බැන්දේ මහ පො‍ළොවේ අම්මලා ය. අපි බැන්දේ අහසේ අnoමාලා ය.'
'තනි තටුවේ හඳගමනට' පසු සිදු වූ අලකලංචියෙන් පසු සිංහල සක්විතියා කියන්නේ ඕක ය. ඒ සදහා, සිංහල සක්විතියා, තමන්ගේ සියලු සමාජ දුරාචාර ඉවසා සිටින අහිංසක බිරිද ද බිලි දෙයි. Westසන්තර සිංහල සක්විතියාට කළ නොහැකි දෙයක් නැත.'සිංහල-දෙමළ මහපොළොවේ යුද්ධයට' මෙතෙක් කලක් කොචොක් කරමින් සිටි සිංහල සක්විතියාත්, හඳගමයාත් දැන්, අම්මා ගැන කියමින් අnoමාට එරෙහි ව මහපොළොවේ උරුමයට යුද්ධ ප්‍රකාශ කරමින් සිටිති. එලෙස මහපොළොව දෙකට බෙදා ගන්නා ගමන් 'මුහුණු පොත' ගෝත්‍රික වී ඇතැයි ද, බෙදී ඇතැයි ද කෙදිරි ගා ඇත. 'සිංහ නාද-බලු කෙදිරිලි' කියන්නේ මේවාට ය.

'මුහුණු පොත' ගෝත්‍රික වී ඇතැයි පවසන සිංහල සක්විතියාට අප පවසන්නේ හැකි නම් ඔය 'විශ්ව ගුණය' අනෙකුත් සිංහල ටියුෂන් ගුරාලා ඉදිරියේ පෙන්වන ලෙස ය. සුජීව සිරිමෙවන්ලාට විශ්වීය මනුෂ්‍යත්වයේ පරම සාන්තුවර අත දික් කරන ලෙස ය. (සුජීව සිරිමෙවන් ගේ පළමු වැනි කොළඹ පෝස්ටරයට ඌරු ජුවල් නැග්ගේ ඇයි?)
 
අප අවසානයේ දී අසන්නේ මේ රටේ අම්මලා 'තුනට බෙදන්නට' සිංහල සක්විතියාට තිබෙන අයිතිය කුමක්ද? කියා ය.
අප දන්නා මහපොළොවේ අම්මලා ද සිටිති. අහසේ අම්මලා ද සිටිති. මුහුදේ අම්මලා ද සිටිති. අහසේ අම්මලා සිටින්නෝ ගුවන් යානාවල ය. මුහුදේ අම්මලා සිටින්නෝ නැව්වල ය. ඒ ඇර අප දන්නා අහසේ හෝ ගුවනේ හෝ සිටින අම්මලා නැත. ඒවා සිංහල සක්විතියා ගේ මනෝ විකාර ය.

කොප්පේ ඔස්තාර් වන සිංහල සක්විතියා මෙවර කොප්පේ ගසා ඇත්තේ ගෝර්කි ගේ 'අම්මා' ය‍. එයින් සිදු ව තිබෙන්නේ 'ගෝර්කි ගේ අම්මා', 'ගෝ-කී' ‍ගේ හෙවත් 'ගොන් කතා කියන්නා ගේ අම්මා' බවට පත් වීම ය.එසේම, ලංකාවේ අම්මලා 'තුනෙන් බෙදන' සිංහල සක්විතියා 'මහපො‍ළොවේ' තාත්තෙක් ද ?' කියා අසන්නට ද අපට සිදු ව තිබේ.
මහපොළොවේ ජීවත් වූ පියසේන කහඳගම ගේ ගේ පොත් හොරා කා, ඔහු ගේ මිනී වළ කැපූ සිංහල සක්විතියා 'මහපොළොවේ' තාත්තෙක් ද?
මහපොළොවේ ජීවත් වූ මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල ගේ කීර්තිනාමය අව භාවිතයට ලක් කළ, සිංහල සක්විතියා 'මහපොළොවේ' තාත්තෙක් ද?
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ගේ පොත් හොරා කෑ, සිංහල සක්විතියා 'මහපොළොවේ' තාත්තෙක් ද?
විවිධ පුවත්පත් කඩමාලුවල වැඩ කරන, ලිපි කටු ලියන, සිංහල බැරි ගෝලයන්, ගෝලියන් ලවා සමාජයට දහදුරා කතා කියවන සිංහල සක්විතියා 'මහපොළොවේ' තාත්තෙක් ද?
විභාග ප්‍රශ්න පත්‍ර හොරා කමින් දරුවන්ට කන්න දෙන සිංහල සක්විතියා 'මහපොළොවේ' තාත්තෙක් ද?
'සුපර් ස්ටාර්', 'ඩ්‍රීම් ස්ටාර්' රියලිටි වැඩ සටහන්වලට රිංගා, ගොබ්බ කතා කියමින්, මේ රටේ ගෑනුන් ගේ sms මේනියාව වැඩි කළ සිංහල සක්විතියා 'මහපොළොවේ' තාත්තෙක් ද?
අප කියන්නේ මේ රටේ තාත්තලා ද තුනට ‍බෙදිය යුතු බව ය.
ඒ, ගෙදර තාත්තලා, සමාජයේ තාත්තලා සහ ඌරු තාත්තලා වශයෙනි. එසේ බෙදා, අනෙකුත් පාදඩයන් ද, දූෂකයන් ද, මංකොල්ලකාරයන් ද සමග, 'ඌරු තාත්තලා ගේ' ගොඩට, සිංහල සක්විතියා ද දැමිය යුතු බව ය.

මේ, මේ රටේ දැන් හැටි ය.
අද, 'ජහමනයා' ඕනෑ අතකට දක්කා ගෙන යා හැකි ය. ඒ සදහා කළ යුතු වන්නේ මාධ්‍ය සංදර්ශනයක් පැවැත් වීම පමණ ය. හොඳට බොර වී තිබෙන මාධ්‍ය ගොහොරුවේ, කෙබර ගාලේ වැටී, අතංගුවක් ගැසීම ය. එවිට මහාචාර්ය සුනිල් ආරියරත්නලා ද, නන්දා මාලිනී ලා ද, ලාල් කාන්ත ලා ද, සමන් වික්‍රමාරච්චිලා ද, ජනරංජනලා ද ආදි සියල්ලන් එකට අසු කරගත හැකි ය. කවුරුත් එකම අර්බුදයේ ගිලී සිටිති.

අගෝස්තු 24වැනි දා, 'අම්මා' හොයා ගෙන, උත්සාවාකාරයෙන් ඇද පැළද ගෙන, මහරගම youth රගහලට ගොඩවැදුණු අමණ 'ජහමන රැළ', තමන් යන්නේ, 'අම්මා' බලන්නට නො ව, 'අnoමාට කෙළවන්නට බව' නොදැන සිටියේ ඒ නිසා ය.
 

-කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

10 comments:

  1. මෙවැනි තක්කඩින් පුදන සමාජයක අනාගතය ගැන අමුතුවෙන් කිව යුතු නැත. කණගාටුවටම කාරණය අප ආදරය කරන ඇතැම් චරිතද මේ තක්කඩියන් කරේ තබා ගෙන යාමට පෙරහැරට වැඩීමය. ඒ මේ සමාජ ක්‍රමයට අනුගත වීමක් යයි නන්දා මාලිනිය පවසා ඇත. මේ සියල්ල මෙසේ ඉදිරිපත් කිරීම පිළිබඳ සමජය යන අතටම මැස්ස නොගසන පටිසෝතගාමීව කටයුතු කරන කුමාර ලියනගේ ඇතුලු යුතුකම සංවාද කවයට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුය. හෘද සාක්ෂියට තවම පොඩි ඉඩක් ඇති බවට සැනසුම් සුසුමක් හෙළිය හැකිය.

    ReplyDelete
  2. මේ පොතේ පෙරවදනේ පළමු පිටුව මම book fair එකේදී කියෙව්වා. ඒක සන්නස්ගල වෙන්කරලා (බැනලා) තියෙන්නේ මේ පොත කියවලා විවේචනය කරන අයට නිර්දය ලෙසට බනින්න . පොත පිටවෙන්නත් කලින් ඒකා දන්නවා return එක කොහොමද කියලා. අවාසනාව තමා හුග(??) දෙනෙකුට සන්නස්ගල පොරක් විදියට පේන එක.

    ReplyDelete
  3. සන්නස්ගලට විතරක් නෙමෙයි මුන්ටත් පිස්සු මිසක් වෙන දෙයක් නැහැ.. කිසිම මිනිහෙකුට වැඩක් නැති ප්‍රශ්න පස්සෙ දුවන කාලේ යහපත් කාර්යයක් වෙනුවෙන් වැය කරන්න බැරිද හැබැට? පුද්ගලික ගැටලු පොදු වේදිකාවට අරන් රෙදි කඩා ගන්න මේ ප්‍රබුද්ධයෝ ගැන දුක් වෙලා වැඩක් නැහැ..

    ReplyDelete
    Replies
    1. විභූතිරත්නSeptember 17, 2014 at 10:01 PM

      මොකක්ද දැන් කරන්න තියෙන යහපත් වැඩේ?
      එක එක මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් තමන් කරන වැඩේ තමයි කරන්න පුළුවන් ප්‍රයෝජනවත්ම වැඩේ කියල.එහෙම හිතන්න ඔබටත් නිදහස තියෙනව.

      නමුත් මේ කරල තියෙන්නේ පෞද්ගලික කාරණයක් පොදු වේදිකාවට ගේන එක නෙවෙයි.
      පොදු සමාජයයේ මහා පෙර ගමන් කරුවන්, මහා මාර්ගෝපදේශකයන් කියල පෙනී ඉන්න
      කපටි කෛරාටික වෙළෙන්දන්ගේ නිරුවතෙන් ටිකක් එළි කරන එක..
      ඒක සමාජ ශෝධනය අවශ්‍යයි කියල හිතනවනම් අත්යවශ්‍ය කාරණයක්.කල යුතුම කාර්‍යක්.
      බොහෝ දෙනා බයයි කටක් අරින්න මේ අය අද අත්කරගෙන ඉන්න සමාජ බලය නිසා.
      නමුත් මෙහෙම හරි නොබියව කතා කරන්න කොන්දක් තියෙන මිනිස්සු ඉන්න එක සමාජය පැත්තෙන් බැලුවම වටිනව...

      Delete
  4. විමලසේනSeptember 18, 2014 at 1:18 AM

    අපි කලක් බොල් පිළිම සරණ ගියෙමු. දැන් අපි සරණ යමින් සිටින්නේ අසූචි පිළිමයි. ජනයා අසූචි පිළිම, බොල් පිළිම හා ගල් පිළිම තෝරා බේරා ගත නොහැකිව අද කාලයේ මාධ්‍ය මඟින් ඉඩ ලබා දෙන අසූචි පිළිමම වන්දනාව් යති. පාදඩයන්, පාදඩයන් බව පෙන්වාදීම පින හා පව වෙන් කර හදුනා ගැනීමට හැකියාව ලබා දෙන තරමටම වැදගත් වනුයේ මේ පාදඩයන් සරණ යන බාල පරම්පාවක් තුළින් කුසල්-අකුසල් විඥානය ගිලීහී යනු නියත බැවිනි. මිනිහා නොමිනිහා හඳුනා ගැනීමට අපගේ ජනප්‍රිය මාධ්‍යය අසමත් බව හෝ එවැනි වුවමනාවක් මාධ්‍ය කාරයන්ට නැති බව හෝ පසුගිය කාලයේ ඔසවා තබනු ලැබූ හොර තක්කඩියන්ගෙන් මොනවට පැහැඳිළි වේ, නිර්මාණ කරුවා අවංක මිනිසෙකු විය යුතුය. ඔහු මිනිසකු විය යුතුය. පාදඩයකුට නිර්මාණ කරුවෙකු විය නොහැකිය. එය නිර්මාණකරණයක් නොව, පාදඩකරණයකි. සක්විතියාගේ අම්මා මළාට පසු මතක් කෙරුනු, ඔහුගේ පාදඩ මනස ගැන අපූරු විවරණයක් මේ ලිපිය තුළින් මතුකරගන්නට නැණවත් පාඨකයන් සමත් වනවා නිසැකය. සක්විතියාගේ පොත කෙසේ වෙතත් සක්විතියාගේ කතාව නම් අපූරුය.

    ReplyDelete
  5. පොත් ප්‍රදර්ශනයට ගිහිල්ලා “අම්මා” පොත හෙව්වා ඉස්කෝලෙකට තෑගි දෙන්න... සරසවිය පොත් හලේ සේවය කරන මහත්තයෙක් කිව්වා ඉස්සරහම රාක්කේ තියනවා කියලා.
    ගිහිල්ලා බලන කොට මේ කියන පොත නෙ. මම දැනගෙන හිටියේ මැක්සිම් ගොකිගේ “අම්මා” පොත විතරයි....... අනේ අම්මා පල්ලා!!

    ReplyDelete
    Replies
    1. දැන් අම්මලා වැහි වැහැල නේද ?

      Delete
  6. බුද්ධිකSeptember 19, 2014 at 2:51 AM

    මේක පොත ගැන ලියපු විචාරයක් නෙමෙයි කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනා. මේක අද මේ සමාජය පිළිබඳ කෙරෙනු විචාරයක්. අපේ සමාජය අද කර උඩින් තියන් යන්නේ දරුවන්ගේ මවුවරුන්ව නිරුවත් කරලා ලෝකයට පෙන්නපු, ප්‍රශ්න පත්‍ර හොරකම් කරපු, අම්මා ඉන්න කොට නොසළකා මළාම කුණ විකුණන් කන, (තව තියෙනවා ඒවා මෙතන කියන්න ඕන නෑ), භාෂාව අවභාවිතාවට ගන්නා මිනිස්සු නම් හා ඒ සල්ලි වලට අනෙක් මිනිස්සුන්වත් නමන්න පුළුවන්නම් ඒක බරපතළ සමාජ අර්බුදයක්. මේ ලිපිය අන්න ඒ සමාජ යථාර්ථය ස්පර්ෂ කරන්නක් මිස පොත ගැන විචාරයක් නෙමේ කියන සියළු තොත්ත බබ්බුන්ට වැටහිය යුතුය.

    ReplyDelete
  7. විභූතිරත්නSeptember 19, 2014 at 4:45 AM

    100% එකඟයි බුද්ධික ඔබේ අදහස එක්ක,,,
    මේ මහා ලොකු දේවල් කතා කරන පඬියොන්ට මේ සරල කරුණවත් තේරුම් බේරුම් කරගන්න ඉවසිල්ලක් නෑ..

    ReplyDelete
  8. ලසන්ත වික්‍රමසිහSeptember 19, 2014 at 8:33 AM

    අපි කලක් බොල් පිළිම සරණ ගියෙමු. දැන් අපි සරණ යමින් සිටින්නේ අසූචි පිළිමයි. ජනයා අසූචි පිළිම, බොල් පිළිම හා ගල් පිළිම තෝරා බේරා ගත නොහැකිව අද කාලයේ මාධ්‍ය මඟින් ඉඩ ලබා දෙන අසූචි පිළිමම වන්දනාව් යති. පාදඩයන්, පාදඩයන් බව පෙන්වාදීම පින හා පව වෙන් කර හදුනා ගැනීමට හැකියාව ලබා දෙන තරමටම වැදගත් වනුයේ මේ පාදඩයන් සරණ යන බාල පරම්පාවක් තුළින් කුසල්-අකුසල් විඥානය ගිලීහී යනු නියත බැවිනි. මිනිහා නොමිනිහා හඳුනා ගැනීමට අපගේ ජනප්‍රිය මාධ්‍යය අසමත් බව හෝ එවැනි වුවමනාවක් මාධ්‍ය කාරයන්ට නැති බව හෝ පසුගිය කාලයේ ඔසවා තබනු ලැබූ හොර තක්කඩියන්ගෙන් මොනවට පැහැඳිළි වේ, නිර්මාණ කරුවා අවංක මිනිසෙකු විය යුතුය. ඔහු මිනිසකු විය යුතුය. පාදඩයකුට නිර්මාණ කරුවෙකු විය නොහැකිය. එය නිර්මාණකරණයක් නොව, පාදඩකරණයකි. සක්විතියාගේ අම්මා මළාට පසු මතක් කෙරුනු, ඔහුගේ පාදඩ මනස ගැන අපූරු විවරණයක් මේ ලිපිය තුළින් මතුකරගන්නට නැණවත් පාඨකයන් සමත් වනවා නිසැකය. සක්විතියාගේ පොත කෙසේ වෙතත් සක්විතියාගේ කතාව නම් අපූරුය.

    ReplyDelete