Breaking News

මියෙන්නට පෙර දින


හුඟ කලෙකින් ගෙදර ඇවිත්
එබී බලන්නම් දොර ළඟ
දුවන් එන්න දෙඅත් විදා
තාත්තා කියා හඬ ගා
ඔසවා ගන්නම් නුඹ මම
තුරුළු කරන් මගෙ පපුවට

අහපන් දුව බෙල්ල බදන්
කොහෙද ගියේ මගේ තාත්තා
දැනුනිද ඔය පුංචි හිතට
වියෝ දුකක් මම නැති විට

දුවේ නුඹේ හොඳ අම්මා
කියනා ලෙස සිටියා නේද
නොවී ඈට කරදරයක්
මල්ලි බලා ගත්තා නේද

 
වන්නි කැළේ
ගිනි අවියක්
තුරුළු කරන් ඉන්නා විට
දෙන්නෙම නෑ
නුඹට ඉඩක්
තුරුළු වෙන්න
මගෙ හද වෙත
සමා වෙයන් පුංචි දුවේ
හිටියට සිත
ගල් කරගෙන

මම ආ විට ගෙදර මෙදා
ගිනියන්නම් අලියා පිටේ
අපි දෙන්නා එකතු වෙලා
හිනස්සමුද පොඩි මල්ලිව


-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

1 comment:

  1. හොඳ භාව ප්‍රකාශනයක්..කවියේ මාතෘකාව විසින් මේ කවිය තව කවියක් බවට පත් කරලා තියෙනවා..

    ReplyDelete