Breaking News

ජාතිවාදී හා ආගම්වාදී ගැටුම්වලට තිත තැබිය යුතුය

ජාතිවාදී හා ආගම්වාදී ගැටුම්වලට  තිත තැබිය යුතුය.

මෙය ආණ්‌ඩුවකට පමණක්‌ කළ හැකි දෙයක්‌ නොවේ. මේ රට තුළ සිංහල, දෙමළ හා මුස්‌ලිම් යෑයි ජනවර්ග තුනක්‌ සිටිති. එසේම බෞද්ධ, හින්දු, ඉස්‌ලාම් යෑයි ආගමිකයෝ ද සිටිති. මේ සියලු දෙනා එකට එක්‌ව දැනට රටේ නම හැටියට හඳුන්වන "ශ්‍රී ලංකා" යන නම යටතෙහි ශ්‍රී ලාංකිකයන් ලෙස සිතීමට කතා කිරීමට හා ක්‍රියා කිරීමට පුරුදු විය යුතුය.

පසුගියදා අළුත්ගම ඇති වූ සිංහල හා මුස්‌ලිම් අය අතර ගැටුම තුළින් එහි ඇති සත්‍යයට වඩා බොරුවක්‌ම රට තුළ ප්‍රචාරය විය. ආණ්‌ඩු විරෝධී සමහරු විශේෂයෙන් කටකතා පැතිරවීමෙහි දක්‍ෂ අවස්‌ථාවාදී දේශපාලනඥයන් මෙම සිද්ධිය ආණ්‌ඩුවට පහර ගැසීමට යොදා ගත්හ. තවත් සමහරු රටේ අනෙකුත් ප්‍රදේශවල සාමයෙන් ජීවත් වන සිංහල හා මුස්‌ලිම් අය අතර ගැටුම් ඇති කර වීමට මෙම සිද්ධිය පදනම් කරගෙන බොරු ප්‍රචාරය කළහ. උපක්‍රම යෙදූහ. මෙම සිද්ධියේ දී පමණක්‌ නොව මුස්‌ලිම් අය හා සිදුවන සෑම ගැටුමකදීම පාහේ අප රටේ ජීවත් වන මුස්‌ලිම්වරු ලෝකයේ අනෙක්‌ මුස්‌ලිම් රටවල් දෙස බැලීමත් ඒවා තමන්ගේ රටවල් ලෙස සැලකීමක්‌ සිදුවන්නේ " අප ශ්‍රී ලාංකික" යන හැඟêමෙන් බැහැරවීම නිසයි. සරලව සිතා බැලූවිට පැහැදිලි වන්නේ අපේ රටේ ජීවත්වන මුස්‌ලිම් ජනයා ක්‍රිකට්‌ තරගයකදී පවා උදව් කරන්නේ ශ්‍රී ලංකාව දිනවීමට නොව ශ්‍රී ලංකා කණ්‌ඩායම් හා තරග කරන මුස්‌ලිම් රටේ කණ්‌ඩායම් වෙනුවෙනි. අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාව අවබෝධ කර නොගෙන කටයුතු කිරීම නිසා මෙය සිදු වේ. ලෝකයේ මුස්‌ලිම් රටවල් ද ශ්‍රී ලංකාවට උදව් කරනු මිස ශ්‍රී ලංකාවේ සිටින මුස්‌ලිම් ප්‍රජාව ගැන සිතා ඔවුන්ට පක්‍ෂපාතව කටයුතු නොකළ යුතුය.

එසේම තමිල්නාඩුව වුවද ක්‍රියා කරන්නේ මේ රට තුළ සිටින දෙමළ ජනයා පිළිබඳ හැඟêමෙන්ය. ඔවුන්ට වෙනම රාජ්‍යයක්‌ ශ්‍රී ලංකාව තුළ බිහි කරදීම තමිල්නාඩු නායකයන්ගේ අරමුණයි.

මෙසේ වර්ගවාදීව හෝ ආගම්වාදීව සිතා රටක සිටින ජන කොටස්‌වලට එරෙහි වීම හෝ සහාය දීම අතිශයින්ම පටු ක්‍රියාදාමයකි. අසම්මත ක්‍රියාවකි. මෙවැනි පදනම් මත පිහිටා ප්‍රශ්න විසඳීමට ගියහොත් කිසිසේත්ම රටක්‌ තුළ සාමය ඇති කළ නොහැක. එවැනි පටු ජාතිවාදී හෝ ආගම්වාදී කණ්‌ඩායම් රටක්‌ තුළ ක්‍රියාත්මක වන විට රජයට ද එම ගැටුම් නිරාකරණය කිරීමට නොහැකි වනු ඇත.
සිංහල ජන කොටසේ නිජභූමිය ශ්‍රී ලංකාව පමණි. එහෙත් දෙමළ හා මුස්‌ලිම් ජන කොටස්‌වලට ලෝකය පුරා වෙනත් නිජභූමි ඇත. එබැවින් ජාතිවාදී පදනම මත කටයුතු කිරීමේදී ලෝක ජන කොටස්‌වල සංයුතිය අනුව අසාධාරණය සිදු වන්නේ සිංහලයන්ටය. එසේ කීම සිංහල ජාතිවාදී ප්‍රකාශයක්‌ නොව පරම සත්‍යයකි. එබැවින් ශ්‍රී ලංකාව තුළ ජීවත්වන සියලු දෙනා " අපි ශ්‍රී ලාංකිකයන් වෙමු" යන උදාර හැඟêමෙන් ක්‍රියාකිරීම ද ලෝකයේ වෙනත් රටවල් ශ්‍රී ලංකාව වෙනුවෙන් කටයුතු කිරීමේදී එහි සිටින ජන කොටස්‌ අනුව නොව ශ්‍රී ලංකාව වශයෙන් හෝ ශ්‍රී ලාංකිකයන් ලෙස සලකා ක්‍රියාකිරීමද අතිශයින් වැදගත් වේ. එය ජාත්‍යන්තරවද ඉතා වටිනා ආදර්ශයක්‌ වේ.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
ලේකම් - දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණ


27 comments:

  1. විලසේනJune 18, 2014 at 9:50 PM

    රජය මැදිහත් වී සියළු ආගම් වලට අයත් මෙරටට මෑතකදී පිවිසි විදෙස් ආධාර ලබන මුස්ලිම්, ක්‍රිස්තියානි ආගමික මුහුණුවරක් ගත් සංවිධාන නිකායන් මෙන්ම ථේරවාදී බුදු දහමට පටහැණිව ක්‍රියා කරන බෞද්ධ යැයි කියා ගන්නා ආයතන හා සංවිධාන මෙන්ම මෙරටට අනවශ්‍යය බල සේනාද තහනම් කිරීමට පියවර ගත යුතුය. ඉහත කී සංවිධාන තහනම් කළ විට බල සේනා කොහොමත් අවශ්‍යය වන්නේ නැත. නියපොත්තෙන් කැපිය යුතු දෑ නියපොත්තෙන්ම කපා ඉවත් කළ යුතුය. එය තිස් වසරක කුරිරු යුද්ධයෙන් උගත් පාඩමක් නොවේද? එම පාඩම ඉගෙන ගන්නට අමුතුවෙන් කමිටු කුමටද?

    ReplyDelete
  2. බෙන්ගමුවේ නාලක කියන්නෙ අමු ජාතිවාදියෙක්නේ. කකුලුවා කෙලින් යන්න කියලා දෙනවා කියන්නේ ඕකට තමයි.
    ඔක්කොටම ඉස්සෙල්ලා බුද්දාගම් කාරයින්ට ඒ ආගමෙන් උගන්නන හීනමානෙ නැති කරන්න ඕනා. බොරුවට කියනවා තන්හා වෙන්න එපා. අනුන්ගේ දියුනුවට ඉරිසියා කරන්න එපා, අරක මේක කියලා. හැබැයි කවුරු හරි දියුනු වෙනවා දැක්කොත් ඇහේ කටු අනිනවා වගේ.
    ලෝකේ තියෙන ආගම් අතරින් වැඩියෙන්ම බොරු කියන, මිනිස්සුන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව උදව් කරන්න බැරි ආගමක් තමයි බුද්දාගම කියන්නේ. බුද්දාගම විතරක් මේ ලෝකේ තිබුනනම් තවමත් මේ ලෝකේ ගල් යුගයේ. එහෙනම් තවමත් ඔය ඝනයො සෙට් එක අපේ ඔලු වලට අත හෝදනවා දීපල්ලා දීපල්ලා උම්බලට ලැබෙයි කිය කියා.

    ReplyDelete
    Replies
    1. විමලසේනJune 18, 2014 at 11:17 PM

      කිසිම තර්කයක් නැතිව මිනිස්සුන්ට ඊර්ෂ්‍යා, ක්‍රෝධ පරවශව නිකම් ලේබල් අලවන ඔයාට හීන මානයක් තියෙනවද නැත්ද කියන එක ඔයාගේ ඉහත කොමෙන්ටුව තරම් හොඳ සාධකයක් තවත් කොහිද?

      Delete
    2. සුගතදාසJune 19, 2014 at 12:15 AM

      අකමැත්තෙන් උනත් මටත් නිමල් කියපු දේට එකග වෙන්න සිද්ද වෙනවා.
      බව්ද්ධයෝ බහුතරයක්ගෙ ඔලුවෙ තියෙන්නේ හීනමානෙ. තමන් එක්ක ඉන්න වෙන එකෙක් දියුනු වෙනවට කැමති නැහැ. බහුතරයක් දියුනු වෙන්න උත්සාහ කරන්නෙත් නැහැ. ඒක බුදධාගමෙන් ඒ මිනිස්සුන්ව පුරුදු කරලා තියෙන හැටි. මිනිස්සුන්ගෙ වරදක් නෙමෙයි. බුද්ධාග්මේ අවුලක් ඕක.

      Delete
    3. කිසිවෙකුට හිංසාවක් නැති බෞද්ධ පුරාණෙක (ගල් යුගයක) ජීවත් වෙන්න ලැබීමත් වාසනාවක්. Nimal කියන්නේ මේ යුගය රන් යුගයක් කියලද? විමලසේන මහත්මයා හරි.

      Delete
    4. මම හිතන්නේ මේ ඇනෝ කොලුවා බුද්ධාගම්කාරයො හදපු ඉන්ටර්නෙට් එකක් වෙන්න ඕන පාවිච්චි කරන්නේ.දැන් උනත් තහනමක් නැහැනේ ඔය කියන ගල් යුගයේ විදියට ජීවත් වෙන්න. ඇයි අකමැත්තෙන් නවීන ලෝකෙ ජීවත් වෙන්නේ?

      Delete
  3. මම හිතන්නේ මේ ඇනෝ කොලුවා බුද්ධාගම්කාරයො හදපු ඉන්ටර්නෙට් එකක් වෙන්න ඕන පාවිච්චි කරන්නේ.දැන් උනත් තහනමක් නැහැනේ ඔය කියන ගල් යුගයේ විදියට ජීවත් වෙන්න. ඇයි අකමැත්තෙන් නවීන ලෝකෙ ජීවත් වෙන්නේ?

    ReplyDelete
  4. විමලෙලා වගේ අපතයොනම් ගොඩක් ඉන්නවා. උන් කිසිම දක්ශතාවයක් නැතිව ගෙම්බො වගේ නවීන ලොකේ වෙන කිසි දෙයක් දන්නෙ නැතුව ලොකෙට බරක් වෙවී ඉන්නවා. කවුරු හරි හොද දෙයක් හොයා ගත්තොත් ඒක යොදාගන්නෙත් උන්ගේ ගතානුගතික යල් පැනගිය අදහසුයි, ජාතිවදෙයි වපුරන්න. ඒකයි මේ රට මේ තරම් backword country එකක් වෙලා තියෙන්නේ.
    බුදධාගමේ උන් මෙච්චර මුස්ලිම් මිනිස්සු මරලා තියෙද්දිත් ඒක පිලිගෙන කනගාටුව පලකරන්න තරම්වත් කොන්ද පන නැති ඝනයො වැල් බයිලා කියද්දි ඌට ජාතිවාදියා නැතිව මොකා කියන්නද.
    තර්කයක් ඉදිරිපත් කලහම තර්කයකින් උත්තර දීගන්න බැරිව මානසික රෝග ගැන කතා කරනවා. බුද්ධාගම ගලපගන්න හදනවා මිනිස්සු මැරීම සාධාරනීකරනය කරන්න. ඔය දාල තියෙන ලින්ක් වලින් ඔප්පු කරන්න හදන්නේ මොකක්ද? ඕව උම්බලම ලියපු ලිපිනේ. පෑන තියෙනවනම් මොනව ලියන්න බැරිද? ඕකත් හරියට මැවුම්කාර් දෙවියන්ගෙ වචනෙ සත්යතාවය ඔප්පු කරන්න බයිබලේ උපුටා දක්වනව වගේ වැඩක්නේ.
    එත් ඉතින් මොනව කරන්නද? ඒක තේරුම් ගන්න තරම් මොලයක් තියෙන්න විදියක් නැහැනේ.

    ReplyDelete
  5. විමලසේනJune 19, 2014 at 2:08 AM

    මොකක්ද දැන් ඔයා ඔය ඉදිරිපත් කළා කියන තර්කය? කොහේද තර්කයක් තියෙන්නේ? මම නම් එහෙම් එකක් දැක්කේ නෑ.

    ReplyDelete
    Replies
    1. බුද්දාගම්කාරයො බහුතරයක් හීනමානෙන් පෙලෙන නිසා අනුන්ගෙ දියුනුව ඉවසගන්න බැරි තැන මේ වගේ කෝලහල කරනවා කියන එක. බුද්දාගමේ නිතරම මතුරන මමත්වය නැති කරපන් කියන මන්තරේ නිසා බහුතරයක් මිනිස්සුන්ගේ පුද්ගල සන්වර්දනය ඇනහිටල තියෙන්නේ. බටහිර රටවල මිනිස්සු එක්ක සන්සන්දනය කරලා බැලුවම ඒ වෙනස හොන්දට පේනවා. inferiority complex and insecurity. වෙන මොනවද. ඔය දෙකට බුදු දහමේ උත්තර නෑ. ( බුදු දහමෙ උත්තරය ප්‍රායෝගික නෑ).
      බුද්දාගම විසින්ම ඇතිකරන හීනමානය සහ අනාරක්ෂිතභාවය දෙකට බුද්දාගමට පිලිතුරු සපයගන්න බැරිවෙලා තියෙනවා.

      Delete
  6. විමලසේනJune 19, 2014 at 3:19 AM

    ආහ්හ්..මේකද තර්කය? මාර තර්කයක්නේ. අනේ උඹේ ටිකිරි මොළේ. මේවට තර්ක කියන්නේ කොහොමද? පටන් ගන්නේ පදාර නිගමයකිමන්- "බුද්දාගම්කාරයො බහුතරයක් හීනමානෙන් පෙලෙන නිසා"..එහෙම නිගමයකින් පටන් අරන් තර්ක කරන්න කොච්චර ලේසිද? ඔන්න මගෙනුත් එහෙම තර්කයක් එහෙනම්>
    "නිමල් මානසික ව්‍යාධීයකින් පෙලෙන නිසා සිය ජාතියට හා ආගමට මෙන්ම රට වැසියන් කෙරෙහිද ක්‍රෝධයකින් පෙලේ. ඒ නිසා ඔහු කියන දෑ තේරුමක් නැත. පිස්ස්න් කොටුවේ සිටිය යුතු ඔහු ඉන්ටනෙට් එකේ බුද්ධාගමට එරෙහිව දිනකද තව දිනකදි මහාවංශයට එරෙහිවද ගර්හා කරමින් ලියයි. අපි ඔහුට අනුකම්පා කරමු"

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා උත්තරයක් දෙන්න තරම් ඔය ජාතිවාදී මොලේ මෝරලා නැති බව මම දැනන් හිටියා.
      ආගමග වහලෙක් වෙන්නේ නැතිව මනුස්ස ජීවිත අගය කරන්න ඉගෙන ගනින්. මට අනුකම්පා කරන්න දෙයක් වෙලා නැහැ. බොරුවට කැගැහුව කියලා උඹලගෙ හීනමානෙ නැතිවෙන්නෙත් නෑ. හීනමානෙ නැතිකරගෙන අනිත් මිනිස්සුන්ට ගරුකරමින් ජීවත් වෙන්න පුරුදු වෙයන් ඔය උඩ ලිපිය ලියල තියෙන ඝනය වගෙ වෙන්නේ නැතිව.

      Delete
  7. විමලසේනJune 19, 2014 at 4:27 AM

    මේ රටේ හාමුදුරුවන්ට නම්බු දීලා කතා කරන්න දන්නෙ නැති ගරු නිමල් මහතා අපිට කියනවා නිත් මිනිස්සුන්ට ගරුකරමින් ජීවත් වෙන්න පුරුදු වෙයන් කියලා..අනේ මන්දා එතුමා එතුමාට එරෙහිවම ලියා ගන්න නිසා මම නොලියමි

    ReplyDelete
  8. නම්බු දීලා කතා කරන්න ඒ විදියට වැඩ කරන්න දැන ගන්න එපැයි.
    ජාතිවාදීන්ට මොන නම්බුද...
    ඝනයෝ අබ සරණ දෙසති. විමලේ සාධුකාර දෙති.

    ReplyDelete
  9. අන්න විමලේ, ගරුතර ඝනයො සෙට් එකක් වටරැක විජිතට අබ සරණ දේශනා කරලලු.

    ReplyDelete
  10. නිමල් ඔයා අයත් ආගමේ අය ඒ ආගමේ නාමයෙන් මනීමරා නැත කියලා ඔයාට ගොඩාක් විශ්වාසද??

    ReplyDelete
  11. ඇනෝ කොලුවෝ, මම නම් උප්පැන්නෙ බුද්දාගම.
    හැබැයි, අහපු ප්‍රශ්නයට උත්තරේ දෙනවනම් හැම ආගමක්ම මිනී මරලා තියෙනවා. බුද්දාගමත් ඇතුලුව. හැබැයි බටහිර ක්‍රිස්තියානි ආගම මිනී මරපු යුගය පහු කරලා ගොඩක් කල්. ලන්කාවෙ ඔය කොයි බුද්දාගම් කාරයත් බය නැතුව බටහිර රටවලට යන්නේ ඒකනේ. ඒ විතරක් නෙමේ, බුද්දාගම් රටවල් ශීලාචාර කරලා දියුනු කරන්නත් බටහිර රටවල් ගොඩක් උපකාර කරලා තියෙනවා. උදාහරනයක් විදියට ජපානය.අද ඒ රටවල් වල ඉස්කෝල වල ආගම උගන්නන්නේ නැහැ. ඒක නීතියෙන් තහනම්. ඒකට හේතුව ආගම රාජ්ය පාලනයට බලපෑම් කරන්න ගියහම මිනිස්සු මිනීමරාගන්න නිසා. බුද්දාගමටත් ඒ දහම පොදුයි.

    ReplyDelete
  12. මේ විකල්ප ගෝත්තරයේ අය තමයි 94 එජාප රජය එලෙව්වේ. නැතුව ජාතිවාදී වනචාරී ගෝත්තරේ උඹලා නෙමෙයි. මම විකල්ප ගෝත්තරයේ මානසික රෝගියෙක්ම කියලා කියමුකෝ. එතකොට මුස්ලිම් මිනිස්සුන්ව මැරුවෙත් ඒ සෙට් එකමද? ඉහත ලිපියෙන් ඒ ගැන වචනයක්වත් කතා නොකරන බෙන්ග්මුවේ නාලක, ඒ ගැන කතා කරන මිනිස්සු රජයට මඩ ගහන්න හදනවා කියලා ලඝු කරලා කතා කරාම ඌව වැටෙන්නේ මොන ගෝත්තරයටද? බොදුබල සේනාව මෙහෙයවන්නේ රජය නෙමේයිද? බයගෝතා සෘජුවම රජය නියෝජනය කරන පුද්ගලයෙක් නෙමෙයිද? ඔය ප්‍රශ්න ටික නැවත නැවත ඇහුවත් උත්තරේ එන්නේ මොකක්ද මන්දා මානසික රොගී කතාවක් විතරනේ.

    ReplyDelete
    Replies
    1. ඉතාම සරල ලෙස තේරුම් ගන්න පුලුවන් විදියට ප්‍රශ්න ටිකක් ඇහුවම සෘජු උත්තරයක් දෙන්න මේ වනචාරි ගෝත්තරයේ උන්ට බැරි ඇයි. මානසික රෝගයක්ද, කපටිකමද?
      සි0හල වේවා, මුස්ලිම් වේවා ජාතිවාදයක් තිබේනම් නීති මගින් පාලනය් කරන්න බැරි මේ රජයේ අසමත්කම නිසා නෙමෙයිද?
      චන්දිකා අසමත් නායිකාවක් තමයි. නමුත් ඊට කලින් තිබුන එජාප රජයට (වඩා) මානව හිමිකම් රැකුන යුගයක් ඒක්. මහින්ද වගේ බලය රැක ගන්න ජාතීන් අතර වයිරය වැපුරීම වැනි ග්‍රාම්ය තත්ත්වයට ගියේ නැහැ. ඔය විමලේලා කියන මොකක්ද් මන්ද විඥ්ඥානයක් තියෙන අඩු අධයාපනයක් නැති ග්‍රාමීය ජනතාව නියෝජනය කරන ඒ අධයාපන මට්ටමේම පාලකයෙක් රටේ නායකයා උනාම මෙහෙම වෙනවා.

      Delete
  13. සුනන්දJune 20, 2014 at 1:27 AM

    නිමල්ගේ මෝඩ තර්ක ව්.ව්ද්‍යාල ආචාර්යවරයෙකුට තරම් නොවේ..

    ReplyDelete
    Replies
    1. Prabath KarunarathneJune 20, 2014 at 3:00 AM

      කවුද මේ නිමල්?

      Delete
  14. මොනව උනත් නිමල් කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. කියන ව්දිය ටිකක් සැර වැඩි උනත්.
    නාලක හාමුදුරුවෝ කව්ද කියලා මුලු රටම දන්නවනෙ.
    මට තියෙන ප්‍රශ්නය මේකයි. දැන් ඔය ෆුල් ට්‍රයි එක දාල මිනී මරල බුද්ධාගම රැක ගන්න හදන්නේ කා වෙනුවෙන්ද?

    ReplyDelete
    Replies
    1. Prabath KarunarathneJune 22, 2014 at 8:23 PM

      අයියෝ නිමල් සද්දේ පොඩ්ඩක් අඩු කරල වෙන නමකින් ආවද?
      කමක් නෑ එහෙම හරි පොඩ්ඩක් සිහියෙන් කතා කරන එක වටිනව.

      නාලක හාමුදුරුවො කවුද කියල මුලු රටම දන්නවනම් කොයි තරම් දෙයක්ද.
      යුධ සමයේ උන් වහන්සේ කල ජාතික මෙහෙය..
      උතුරු නැගෙනහිර පැත්තේ උන් වහන්සේ කරන ජාතික මෙහෙවර.
      මම හිතන්නේ නෑ ගොඩක් දෙනෙක් ඒ ගැන දන්නව කියල.
      ඒක නිහඬ මෙහෙවරක්...

      අමතක කරන්න එපා ඒ කාලේ නිමල් ලා " යුද්ධය එපා" කිය කිය පාරවල් වල හිටියේ...

      Delete
    2. දැන් යුද්දෙන් ප්‍රශ්නෙ විසදලාද තියෙන්නේ? හැබැයි හොරණෑ නාලිකාවල නම් උදේ හවස කියන්නේ වෙන දෙයක් නොවැ. හත්තිලව්වයි කිව්වලු.

      Delete
  15. ජේම්ස් බණ්ඩාAugust 1, 2014 at 5:33 AM

    අප සමාජයේ සාමාන්‍ය මිනිසුන් සේ නොසැලකෙන, සෑම අවස්ථාවකදීම වාගේ විශේෂ සැලකිලි වලට ලක්වන, සමාජය විසින් “ස්පෙශල්” යැයි සලකණු ලබන විශේෂ වූ මිනිසුන් කොටසක් වේ.

    මොවුන් විසින් අප සමාජයට නිතර “අවවාද” හා “අනුශාසනා” කරනු ලබයි. හොද හා නරක පිළිබදව යම් යම් උපදෙස් දෙයි. පාලකයින්ට රට කරවන හැටි ගැන උපදේශන ලබා දෙයි. අප ආහාරයට ගත යුතු මාංශ වර්ග හා නොගත යුතු මාංශ වර්ග, ඝාතනය කල යුතු සහ නොකල යුතු සතුන් ගැන තීරණ ගනියි. කාන්තාවන්ගේ ඇදුම් වල දිග පළල තීරණය කරයි. එමෙන්ම, රටේ ජනතාව මත්පැන් ගත යුතු සහ නොගත යුතු දවස් තීරණය කරයි. තවද, මොවුන් විසින් රටේ මිනිස්සු නයිට් ක්ලබ් යා යුතුද නැද්ද යන්න පිළිබදව නියෝග දේ.

    මොවුන්ට සියල්ලන්ම සවන් දෙන අතර බොහෝ දෙනා මොවුන් දෙන උපදේශන හිස් මුදුනින් පිළිගනී. හේතුව නම්, ඔවුන් සියල්ල ගැන අනෙක් අයට වඩා හොඳින් දන්නා බවට මතයක් අප සමාජය තුළ තිබීම ය.

    ඔවුන් තමා අපේ සමාජයේ “මහදැනමුත්තෝ”!

    එසේ වුවද, මෙලෙස පාලකයන්ට සහ මුලු සමාජයටම අවවාද අනුශාසනා දෙන මේ මහදැනමුත්තන් අතුරින් බහුතරයකට සමාජය ගැන ප්‍රායෝගික දැනුමක් නැත. සැලකිය යුතු මට්ටමක උගත්කමක් නැත. රට කරවන ආකාරය සහ රටේ මිනිසුන් ජීවත්විය යුතු ආකාරය කියා දීම තම “වෘත්තිය” කොට ගෙන සිටිනමුත් මොවුන් බොහෝදෙනා නීතිය හදාරා නැත. එමෙන්ම, මෙකී “ස්පෙශල් මිනිසුන්” අතුරින් බොහෝදෙනා හට විද්‍යාව ගැන දැනුමක් නැත. ආර්ථිකය ගැන දැනුමක් නැත. දර්ශනය ගැන දැනුමක් නැත. කුඩා කල තම දෙමාපියන් ආර්ථික හා සමාජීය ප්‍රශ්න නිසා පන්සලට රැගෙන ගොස් දැමූ දිනයේ සිටම එකම විෂයක් ගැන පොත් ගොඩක් පමණක් ගිරව් සේ කටපාඩම් කරගෙන අවසානයේ මුලු සමාජයටම ජීවත් විය යුතු අන්දම කියා දීමට මොවුන් වීරයන් සේ ඉදිරිපත් වේ.

    ReplyDelete
  16. ජේම්ස් බණ්ඩාAugust 1, 2014 at 5:34 AM


    කෙසේවෙතත්, අප සමාජයේ මිනිසුන් මේ මහදැනමුත්තන්ට අතිවිශේෂ වූ ස්ථානයක් ලබා දෙන්නේ හේතු කාරණා කිහිපයක් පදනම් කොටගෙනය.

    ඒවා නම්, ඔවුන් විසින් භාවිතා කරනා නිල ඇඳුමත්, ඔවුන් විසින් සම්මත කර ගත් කොණ්ඩය කැපීමේ ක්‍රමයත්, සහ ඔවුන් විසින් පිළිගන්නවා යැයි කියන ආගමට අදාල දේ කටපාඩමින් ඇද බෑමට ඇති හැකියාවත් යන කාරණයන් ය. මේවා මෙසේ නොවේ – මීට වඩා ගැඹුරුය – අරකය – මේකය යනුවෙන් කෙනෙක්ට තර්ක කල හැකි වුවත් සත්‍ය වශයෙන්ම ඔවුන්ගේ “මහදැනමුතු පට්ටම” ලබා ගැනීමට සපුරාලිය යුතු මූලික කාරණා වනාහී ඉහත සඳහන් කල ඒවා ය.

    මෙතෙක් කල් සමාජය විසින් ඔවුන්ගේ දැනමුතුකම් ඉස්මුදුනින් පිළිගත් නිසාම සන්සුන් ලෙස අවවාද අනුශාසනා දෙමින් සිටි මේ මහදැනමුත්තන් වර්තමානයේ තමාගේ දැනමුතුකම් මිනිසුන්ගේ ජීවිත මත බලෙන් පැටවීමට උත්සාහ දරයි. තමාගේ වාසභූමිය වන පන්සල තුල සහ විශේෂ ආගමික අවස්ථා වලදී ගිහියන්ගේ නිවෙස් වල සන්සුන් ලෙස තමාගේ දැනමුතුකම් එළිදැක්වූ මොවුන් දැන් පාරට බැස උද්ඝෝශණ කරයි, වැටලීම් සිදුකරයි. තමාගේ අවශ්‍යතා සහ වුවමනා මුදුන්පත් කරගැනීම උදෙසා හමුදාවක් සේ ක්‍රියා කරයි.

    අප සමාජය මේ හැසිරීම් දෙස වික්ෂිප්ත වී බලා සිටී. ඔවුන්ට මේ නුහුරු හැසිරීම් වලට ප්‍රතිචාර දක්වන්නේ කෙලෙස ද කියා සිතාගත නොහැකි ය. නීතිය ඉදිරියට පැමිණවිය යුතු තක්කඩියෙක් සහ තමා කොන්දේසි විරහිතව ගරු කරන තැඹිලි පැහැති නිල ඇඳුමත් යන කාරණා දෙකෙන් තමා මුල් තැන දිය යුත්තේ කුමකට දැයි සිතාගත නොහැකිව අසරණ වන අප සමාජය නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. තමා විසින් අතිවිශේෂ කොට සැලකූ මහදැනමුත්තන් තුලින් තක්කඩි පිරිසක් බිහීවීම ඔවුන්ට නුහුරු ගැටලුවකි.

    ReplyDelete
  17. ජේම්ස් බණ්ඩාAugust 1, 2014 at 5:35 AM

    තක්කඩි හැසිරීමට ලැබිය යුතු ප්‍රතිචාරය ලබාදීම වළකාලන එකම සහ ප්‍රධානතම සාධකය වී ඇත්තේ මෙම තක්කඩි “මහදැනමුත්තන්” විසින් භාවිතා කරන “නිල ඇඳුමයි”. මෙය විවේචන නොවදින නිල ඇඳුමකි. රටේ පාලකයින් දණ නමන නිල ඇඳුමකි. ඇඳගෙන සිටින පුද්ගලයාගේ ක්‍රියාකලාපය, දැන උගත්කම, භාශා විලාශය, කුමක් වුවත් එම පුද්ගලයාට ගරු බුහුමන් ලබාදෙන නිල ඇඳුමකි. ස්පෙශල් යුනිෆෝම් එකකි. මේ නිල ඇඳුම ඇදගත් ඇතැමුන්ගේ පාදඩ, තක්කඩි හැසිරීම් ඉදිරියේ නීතියේ නිල ඇඳුම හැදි අය බල රහිත වී බලා සිටින්නේ ඇටිකෙහෙල් කෑ රිලව් ලෙස ය. සැකවින් කිවතොත්, මේ නිල ඇඳුම ඇන්ද වූ කල බල්ලෙක් වුවත් “ස්පෙශල් බල්ලෙක්” වේ.

    එමෙන්ම, සැබෑ ලෝකයෙන් ඈත්ව, වෙනම මනෝ ලෝකයක ජීවත් වෙමින්, නොමිලයේ ලැබෙන දේ ආහාරයට ගනිමින්, දෙමාපියන්ගෙන් පවා වැඳුම් ලබමින් සිටින්නා වූ මෙකී ස්පෙශල් මිනිසුන් සාමාන්‍ය ජීවන රටාවක් අහිමිවීම නිසා තමා තුල ගොඬනැඟුන, අමාරුවෙන් සිරකරගෙන සිටින මානසික සහ ලිංගික පීඩනයන් නිදහස් කර ගැනීමට සිය නිල ඇඳුම පාවිච්චි කරයි. මොවුන් පිළිගන්නවා යැයි කියන ලෝක දැක්මට පවා අනුගත නොවන මොවුන්ගේ හැසිරීමෙන් සක්සුදක් සේ පැහැදිලි වන කාරණය නම් මොවුන්ද අප සමාජයේ අනෙක් මිනිසුන් සේම සාමාන්‍ය මිනිසුන්ම බවයි.

    මීට කාලයකට පෙර මෙකී ස්පෙශල් මිනිසෙක් විසින් සමාජය ඉදිරියේ නොමනා හැසිරීමක් දැක්වූ විට ඒ එක් සිද්ධිය වූවත් මුලු මහත් සමාජය තුලම කම්පනයක් ඇති කෙරුවේ ය. එවන් ප්‍රවෘත්ති ඉතාම දුර්ලභ වූ අතර එවන් දේ සිදුවූ විට එම ප්‍රවෘත්තිය පැතිර ගියේ ලැව් ගින්නක් ලෙසිනි. නමුත් වර්තමාන තත්වය මීට හාත්පසින්ම වෙනස් ය. වර්තමානයේ මේ ස්පෙශල් මිනිසුන්ගේ පාදඩ හැසිරීම් වනාහී සමාජයට සැලකිය යුතු ප්‍රවෘත්ති නොවේ. එවන් සිදුවීම් අප සමාජයේ මිනිසුන්ට කම්පනයක් ඇති කරන්නේ ද නැත. හේතුව නම්, මෙකී ස්පෙශල් මිනිසුන් විසින් එම හැසිරීම් රටාවන් සාමාන්‍ය හැසිරීම් බවට පත් කොට ඇති නිසාය. අප සමාජයේ මිනිසුන්ට ඒවා දැන් දවසේ තවත් එක් ප්‍රවෘත්තියක් පමණි.

    මෙපමණ කල් සමාජයේ ජීවත් වෙන සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා වෙනස් හැසිරීම් රටාවක් පෙන්නුම් කල මේ ස්පෙශල් මිනිසුන් තමාගේ අවවාද අනුශාසනා දුන්නේ ද ඔවුන්ටම ආවේණික වූ ක්‍රමයකට යි. නිසි ස්ථානයේදී, නිසි වටපිටාවක් තුල, නිසි හැසිරීම් රටාවක් පෙන්වමින් ඉදිරිපත් කල ඒ අදහස් සමාජය පිළිගත්තේ කොන්දේසි විරහිතව ය. නමුත් වර්තමානයේ තත්ත්වය එසේ නො වේ. නිසි වටපිටාවක් තුල සන්සුන් අන්දමට ආගමික අදහස් සහ අනුශාසනා පමණක් ඉදිරිපත් කල පෙර සිටි ස්පෙශල් මිනිසුන් වෙනුවට වර්තමාන සමාජය දකින්නේ වේදිකා වල නැග යටිගිරියෙන් කෑගසමින්, පරුෂ වචන කියමින්, ආගමික මතවාද වලට සීමා නොවී දේශපාලනික මතවාද පවා ඉදිරිපත් කරන සාමාන්‍ය මිනිසෙක්ගේ හැසිරීම් රටාවකි. තමන් සහ මෙකී ස්පෙශල් මිනිසෙකු අතර ඇති එකම වෙනස වනාහී ස්පෙශල් මිනිසා අඳින නිල ඇඳුම පමණක්ය යන්න සාමාන්‍ය මිනිසාට දැන් දැන් වැටහී තිබේ. තත්ත්වය මෙසේ තිබිය දී සමාජයේ තවත් කොටසක් තම දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමට සහ තමාගේ ආගම්වාදී, ජාතිවාදී ෆැන්ටසි ඉටුකර ගැනීමට මෙන්ම තමාගේ එදිනෙදා ජීවිතයේ ආර්ථික සහ ලිංගික පීඩනයන් එළියට දැමීමට නානසාර ඇතුළු මෙකී ඇතැම් ස්පෙශල් මිනිසුන්ගේ තක්කඩි හැසිරීම් වලට වීරත්වයක් ආරෝපණය කරයි. අතීතයේ මෙම ස්පෙශල් මිනිසුන් විසින් ආගමික අවවාද, අනුශාසනා ලබා දෙන විට සාධු කාර දුන් මොවුන් දැන් ස්පෙශල් මිනිසුන්ගේ කුණුහරප ඉදිරියේ විසිල් ගසයි, හුරේ දමයි, ජය ඝෝෂා – ප්‍රීති ඝෝෂා නඟයි, අත්පොළසන් දෙයි.

    සිංහලබෞද්ධ ගෝත්‍රික සමාජය විසින් මෙකී මහදැනමුත්තන්ව “ස්පෙශල්” ලෙස සැළකුවද ඔවුන් ද රටේ සාමාන්‍ය පුරවැසියන් ය. එම නිසා, රටේ සාමන්‍ය නීතියෙන් ඔවුන්ව නිර්මුක්ත කළ යුතු නැත. යථාර්තය නම් එය යි. නමුත්, මේ බව අපට සමාජය ඉදිරියේ කියන්නට නොහැකි ය. කිව්වොත්, “ආගමක්, ජාතියක්, සංස්කෘතියක් නැති අය” ලෙස අපව ලේබල් කර අපව සමාජයෙන් කොන් කිරීම සිදු වේ.

    මෙවන් පිරිසකට විශේෂ තැනක් දෙන අප සමාජයේ බහුතරය විසින් අප රටේ පාලකයින් තෝරා ගනු ලබයි. ඔවුන් විසින් පාලකයින් සේ තෝරාගනු ලබන්නේ හොරුන්ව ය, මැරයින්ව ය, කුඩුකාරයින්ව ය, වංචාකාරයින්ව ය, ස්ත්‍රී දූශකයන්ව ය, දේශපාලනය ගැන දැනුමක් නැති නලු නිළියන්ව ය, ක්‍රීඩකයන්ව ය.

    සිංහලබෞද්ධ ගෝත්‍රයේ සංස්කෘතිය ගැන හා බෞද්ධකම ගැන අනිත් අයට වැදිබණ දෙසන්නේත්, අන් අයගේ ලිංගික ජීවිත ගත කල යුතු අන්දම ගැන සම්මුති සාදන්නේත්, ගැහැණිය විසින් ඇඳිය යුතු ඇඳුම් වර්ග සහ ඒවායේ දිග පළල තීරණය කරන්නේත්, ධනවතුන් සිය මුදල් පරිහරනය කල යුත්තේ කෙසේද යන්න ගැන නිගමන දෙන්නේත්, ධනවතුන්ගේ දරුවන් නයිට් ක්ලබ් යෑම ප්‍රශ්න කිරීමට තමාට අයිතියක් ඇති බව සිතන්නේත්, සමාජය ගැන ප්‍රායෝගික දැනුමක් නැති මෙකී ස්පෙශල් මිනිසුන් ය.

    ReplyDelete