Breaking News

ඊනියා ජාතිවාද විරෝධය සහ හෙන්චයියන්ගේ රාවය

අහිංසක මුස්ලිම් ජනතාවට එරෙහිව සිංහල ජාතිවාදීන්ගෙන් එල්ල වූ බව කියනප්‍රහාරයකට එරෙහිව අපූරු ජාත්‍යන්තරවාදීන් පිරිසකගේ නම් ලයිස්තුවක් සහිතදැන්වීමක් අද රාවය පුවත්පතේ පල කර තිබේ. ඊට අමතරව අලුත්ගම ගැටුම ඉතා අපක්ෂපාතී ලෙස වාර්තා කිරීමටද රාවය මහන්සි වී තිබුණේ පුදුමාකාර ලෙසය. රාවයනැමති ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී, සංවාදශීලී.ප්‍රබුද්ධ පත්තර කඩමාල්ලට අනුව මුස්ලිම් පාර්ශවය හා පැටවුන් සේ අහිංසකය.සියලු වැරදි ඇත්තේ සිංහල බෞද්ධ ජාතිවාදීන් අතරය. මේ සිංහල ජාතිවාදීන්නොවන්නට ලංකාවේ වාර්ගික සහජීවනය උතුරාපිටාර ගලනු ඇත. ඒ නිසා අද සියලුජාත්‍යන්තරවාදී, මානව හිතවාදී, පුවක් බඩිල්ලන් එක මිටට එක්වී බෞද්ධ අන්තවාදයට එරෙහි බලගතු දැන්වීමක් පල කර තිබේ.

ඇත්තෙන්ම මෙවැනි නාටකීයකාරණා ප්‍රශ්නය තව දුරටත් නිරවුල් කරයි. බල බෙදීම කොතැනදැයි වඩා පැහැදිලිවපෙන්වා දෙයි. එදා රාවය සමග එක්වී මිනීමරු කොටි ත්‍රස්තවාදයට කඩේ ගිය සියලුබලවේග අද රාවය සමග එක්වී මිනීමරු ජිහාඩ් අන්තවාදයට කඩේ යම්න් සිටිති. මේදැන්වීමට නම දමා ඇති බොහෝ දෙනා මෙරට ගෝස්තරවාදී විකල්ප ගෝත්‍රය නියෝජනය කරනසමාජ සංස්කෘතික ගේම් කාරයන් වෙති. මෝඩකම නිසා, කරුනු හරි හැටි සොයානොබැලීම නිසා, අනුන්ගේ ඉල්ලීම් නිසා, ප්‍රශ්නයක් සංයුක්තව වටහා නොගැනීම නිසා, චරිතයක් වීමට ඇති ආසාව නිසා ආදී හේතු මත මේ එන්.ජී.ඕ ලයිස්තුවට තම නමදමාගත් හොද මිනිසුන් සුළු පිරිසක්ද මෙහි සිටියද බහුතරය එසේ නොවේ. මේතක්කඩි බහුතරයා නිතරම පාහේ කතාවෙන් ජාතිවාදයට එරෙහි වුවද ක්‍රියාවෙන් ඔවුහුජාතිවාදයට පමණක් නොව මිනීමරු ත්‍රස්තවාදයන්ට පවා මතවාදී අනුබලයන් සපයති.එදා කොටියාට පක්ෂ වීමෙන් මේ බව සනාත කළ ඔවුහු අද ජිහාඩ් අන්තවාදයට පක්ෂවීමෙන් ඒ බව සනාථ කරමින් සිටිති.

සිංහලයන් අතර ජාතිවාදය නැතැයි මම නොකියමි. සිංහලයන් අතර ඇති ජාතිවාදයද නිසැකවම පරාජය කළ යුත්තකි. එසේ වුවදමේ අංගවිකල ජාතිවාද විරෝධින්ගේ පිලිවෙත වී ඇත්තේ සිංහල ජාතිවාදය නැමති හාල්මැස්සාට පහර සෙන අතරේ කොටි ත්‍රස්තවාදය හා ජිහාඩ් අන්තවාදය වැනි ලෝකපරිමාණ මිනීමෝරුන් දිවි හිමියෙන් ආරක්ෂා කිරීමය. සරලවම ගතහොත් ජාතිවාදයටඑරෙහි මානවවාදියා සියලු වර්ගවල ජාතිවාදයන්ට එරෙහි විය යුතුය. එසේ වුවද ගේම්කාරයන්ගේ ජාතිවාද විරෝධය සිංහලයා කෙරේ පමණක් පුදුමාකාර ලෙස සීමාවෙයි. මේකසිකබලුන්ගේ එකම නවාතැන වන රාවය පුවත්පත මේ බව කිරා මැන බැලීම සදහා ඉතා හොදදර්ශකයක් සපයා දෙයි. ඒ අනුව ගත්කල රාවය මේ ගෙන යම්න් තිබෙන මෙහෙයුම ජාතිවිරෝධී හෝ ආගම් විරෝධී එකක් නොව පොදුවේ මානව විරෝධී එකකි. එසේ වුවද රාවයඇසුරේ වයර් මාරුකරගත් ඊනියා ප්‍රබුද්ධයන් අතලොස්සට හා ඔවුන්ගේ නිවට අද බැතිඅනුකාරකයන්ට මෙවන් සරල කාරණා වුව වටහා ගත හැකි බුද්ධියක් කිසිදාක පහල නොවේ.

බටහිර යටත්විජිතවාදයේ දෘෂ්ටිවාදී දාසයන් වන මෙරට විකල්ප රංචුවේ ප්‍රධානතම සතුරා සිංහල බෞද්ධ සංස්කෘතිය වන අතර ඊට එරෙහි වීමවෙනුවෙන් අල්කයිදාව හෝ හිට්ලර්ගේ නට්සි හමුදාව සමග වුව නිදි වැදීමට ඔවුහුකිසිවිටෙකත් පසුබට නොවෙති. මේ නිසාම මොවුන්ගේ ඊනියා ජාතිවාද විරෝධය යනුගණීකාවකගේ පතිවත වැන්නක් බව මෙරට සැබෑ සහජීවනයට ලැදි සියලු සිංහල, දෙමල, මුස්ලිම් බලවේග විසින් තේරුම්ගත යුතුව තිබේ. ගනුදෙනුව බේරාගත යුතුව ඇත්තේඊනියා ප්‍රබුද්ධයන් අතලොස්ස සමග නොව රටේ ජනතා බලවේග සමගිනි. මේ ඊනියාජාතිවාද විරෝධීන් සියල්ල එක මිටට අල්ලා තවත් නන්දිකඩාල් කලපුවක ගිල්වාදැමීමෙන් තොරව කිසිදා මේ රටට සැබෑ වාර්ගික සහජීවනයක් උදාකර ගත නොහැකි බවදඅවසාන වශයෙන් අවධාරණය කළ යුතුව තිබේ.

   


- ඉසුරු ප්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com

3 comments:

  1. විභූතිරත්න...June 25, 2014 at 8:49 PM

    මෙන්න මේකට අත්සන් කරපු සෙට් එක

    ආචාර්ය ධර්මසේන පතිරාජ
    ජයතිලක කම්මැල්ලවීර
    ධර්මසිරි බණ්ඩාරනායක
    ලාල් හෑගොඩ
    ආචාර්ය ලියනගේ අමරකීර්ති
    ප්‍රසන්න විතානගේ
    මහාචාර්ය එච්. එල්. සෙනෙවිරත්න
    සෝමලතා සුබසිංහ
    ලයනල් ප්‍රනාන්දු
    උපුල් ශාන්ත සන්නස්ගල
    විමුක්ති ජයසුන්දර
    වික්ටර් අයිවන්
    ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
    චන්ද්‍රගුප්ත තේනුවර
    එල්මෝ පෙරේරා
    දීප්ති කුමාර ගුණරත්න
    පියල් කාරියවසම්
    ආචාර්ය සුනිල් විෙජ්සිරිවර්ධන
    ටෙනිසන් පෙරේරා
    අනෝමා රාජකරුණා
    සරත් ඉද්දමල්ගොඩ පියතුමා
    සුදර්ශන ගුණවර්ධන
    නන්දන වීරසිංහ
    ශාන්ති දිසානායක
    කපිල කුමාර කාලිංග
    සුජානී මේනකා
    ආචාර්ය චන්දන අලූත්ගේ
    සමන් වගආරච්චි
    මහින්ද රත්නායක
    මහාචාර්ය වැලන්ටයින් ඩැනියෙල්
    අශෝක හඳගම
    ආරියවංශ රණවීර
    ගාමිණී වියන්ගොඩ
    මහාචාර්ය සරත් විෙජ්සූරිය
    විජයානන්ද ජයවීර
    කැත්ලීන් ජයවර්ධන
    රාජිත දිසානායක
    මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි
    සුසිල් සිර්වර්ධන
    කුසල් පෙරේරා
    මොහාන් රාජ් මඩවල
    විදර්ශන කන්නන්ගර
    ගයා නාගහවත්ත
    කීර්ති වැලිසරගේ
    ආචාර්ය හර්ෂන රඹුක්වැල්ල
    ජයසිරි ජයසේකර
    හර්මන් කුමාර
    සීතා රංජණී
    කේ. ඩබ්. ජනරංජන
    බිමල් ජයකොඩි
    කෙලී සේනානායක
    කෞෂල්‍යා ප්‍රනාන්දු
    මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
    ප්‍රියංකර රත්නායක
    ආචාර්ය උදාන් ප්‍රනාන්දු
    ඩබ්ලිව්. ජයසිරි
    ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු
    ධර්මප්‍රිය ඩයස්
    ඛෙනට් රත්නායක
    ලක්ෂ්මන් මෙන්ඩිස්
    ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
    එම්. ඩී. මහින්දපාල
    මහාචාර්ය නිලංග ලියනගේ
    අනුරසිරි හෙට්ටිගේ
    චූලානන්ද සමරනායක
    රත්න ශ්‍රී විෙජ්සිංහ
    ෆ්‍රෙඩී ගමගේ
    නිමල්ඒකනායක
    ගිහාන්ප්‍රනාන්දු
    ප්‍රියංකාරගේ බන්දුල ජයවීර
    මහාචාර්ය පැට්‍රික් ඔලිවේල්
    දීප්ති ළමාහේවා
    හෙන්රි වර්ණකුලසූරිය
    අජිත් රාජපක්ෂ
    සිසිර යාපා
    චන්ද්‍රපාල කුමාරගේ
    ඇන්ටන් මාකස්

    ReplyDelete
  2. විභූතිරත්නJune 25, 2014 at 8:49 PM


    මේකේ මෙලෝ සසරක් නොදන්න මස් ඉඹුල ,සුජානී මේනකා ,බිමල් ජයකොඩි වගේ දේශපාලන බබාල කිහිප දෙනා ඇරුනම අනිත් බොහෝ දෙනා නම් නියම බඩු...
    එයින් බොහෝ දෙනා පහුගිය කාලේ සාමය වෙලෙන්දො වගේ බාහිරට පෙනී සිටිමින් දෙමළ ජාතිවාදය වෙනුවෙන් නිරුවතින් කඩේ ගිහින් තම ගත මනාව හදාගත්ත මිනිස්සු.

    තවත් සමහරෙක් සිංහලයා , බෞද්ධයා ගැන උපන් ගෙයි වෛරයෙන් ඉන්න ආචාර්‍ය මහාචාර්‍ය සෙට් එක.මොවුන්ව දේශපාලනිකව නිරුවත් කිරීම සියලු දෙනාගේ වගකීමක්.

    ReplyDelete
  3. ලියලා එලිකරපු එකට ස්තූතියි. මේ අවසන් අවාසනාවන්ත සිදුවීමට මූලික වුන වසර 100කටත් එහා දිවෙන මුස්ලිම් අන්තවාදී ආක්‍රමණික සැගවුන ප්‍රහාරය ගැන අමතක කරපු එක නම් මහාම මහා ද්‍රෝහී කමක්.

    මුසලු අන්තවාදීන් කුරගල ආක්‍රමණය කර එවකට ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා, පලාත් නිජෝජිතවරු, පසුව පත්වුන සිහලු සිංහල ආණ්ඩු වල නීති පොතට අපහාස කරමින් හැසිරුණ හැටි ඔුවුන්ගේ අන්තවාදය ගැටුමක් දක්වා මෙතනැට ගෙනා හැටි...ගැන නොපෙනීම ජාතියේ අභාග්‍යද??

    ReplyDelete