Breaking News

ජනපති තුමනි, මුන්ට නාම යෝජනාත් දෙනවද?

ගරු මාලක සිල්වා මහතා මාතරින් දේශපාලනයට පැමිණෙන බව දැන් කරළියේ ප්‍රසිද්ධය. පසු ගිය පොහොයක ඔහු මාතර ඇත්තන්ට මහා බත් දන්සලක් දුන්නේද ඒ නිසාමය. ජනාධිපති තුමා තමාට දේශපාලනයට එන්න යැයි කියනා බව ඔහු පුවත් පතකට පවසා තිබෙනු දුටුවෙමු. එහි සත්‍ය-අසත්‍යතාව අප නොදනිතත් එය අසත්‍ය කතාවක් යයි ද අපට සිතෙන්නේ නැත.

අපි මේ පිළිබඳ කිසිවක් නොලියන්නෙමු. ඒ මාලක මහතා අපට ලියන්නට යමක් ඉතිරි කර නැති නිසාය. ඔහුම ජනාධිපතිවරයාගෙන් එතුමාට විරිත්තමින් අසන ප්‍රශ්නයකි.

 "අපි වගේ උන්ටත් නාම යෝජනා දෙනවාද?

මේ ප්‍රශ්නයට පිළිතුර අපි තාම නොදනිමු. නමුත් මෙරට සිහි බුද්ධියෙන් වෙසෙන බොහෝ  පිරිසක් ඒ ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටිත්. ඒ මාලක ගැන තීන්දුවක් ගැනුමට නොව, ඔබතුමා හා ඔබතුමාගේ රජය ගැන තීන්දුවක් ගැනුමට බව පමණක් සඳහන් කරනු කැමැත්තෙමු.

අපි දිවයින පුවත් පතින් උපුටා පුවත පමණක් පළ කරනෙමු. ලිපිය මාලකම ලියා ඇත. 

පුවතක්:

ඇමැති මර්වින්ගේ පුත් මාලක රිමාන්ඩ්-ආරක්‍ෂකයන් පිරිවරාගෙන බ්‍රිතාන්‍ය යුවළකට පහරදීලා

බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි රිදම් ඇන්ඩ් බ්ලූස්‌ රාත්‍රි සමාජ ශාලාවේදී බ්‍රිතාන්‍ය ජාතිකයකුට සහ ඔහුගේ පෙම්වතියට අමානුෂික ලෙස පහර දී තුවාල සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇමැති මර්වින් සිල්වාගේ පුත්‍රයා වන මාලක සිල්වා හෙට (04 වැනිදා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අළුත්කඩේ (අංක 06) මහෙස්‌ත්‍රාත් චන්දිම ලියනගේ මහතා පෙරේදා (01 දා) නියෝග කළේය.
මෙම විදේශ යුවළට පහරදීමේ සිද්ධියට සම්බන්ධ මාලක සිල්වාගේ ආරක්‍ෂකයන් බව කියන පුද්ගලයන් හත්දෙනකු මේ වන විට අතුරුදන්ව සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්‌ඨාසය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

එම සිද්ධියේදී බ්‍රිතාන්‍ය ජාතිකයා තමන්ට පහර දුන් බව කියමින් මාලක සිල්වා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී සිටී.

සැකකාර මාලක සිල්වා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

ඔහු බන්ධනාගාරගත කරන ලද්දේ මහෙස්‌ත්‍රාත්වරයා රෝහල වෙත ගොස්‌ පරීක්‍ෂා කිරීමෙන් අනතුරුවය. මේ වන විට සැකකාර සිල්වා බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය මැද එම පෞද්ගලික රෝහලේම රිමාන්ඩ් සිරකරුවෙක්‌ ලෙස ප්‍රතිකාර ලබමින් සිටියි.

පෙරේදා (01 වැනිදා) අලුයම 1.00 ට පමණ මාලක සිල්වා ඇතුළු පිරිස එම රාත්‍රි සමාජ ශාලාව වෙත පැමිණ ඇත්තේ අධික ලෙස බීමත්ව බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. පහරකෑමට ලක්‌වූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ උපන් දිනය එදිනට යෙදී තිබුණු අතර ඔහු සිය පෙම්වතිය සමඟ එහි පැමිණ නටමින් විනෝද වෙමින් සිට ඇත. එම අවස්‌ථාවේදී මාලක සිල්වා බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පෙම්වතිය සමඟ රංගනයේ යෙදී තිබේ. එහිදී එම තරුණිය සහ මාලක සිල්වා අතර බහින්බස්‌ වීමක්‌ සිදුවී තිබේ. පසුව මාලක සිල්වා ඇයට පහර දී ඇතැයි කියති. එම අවස්‌ථාවේදී බ්‍රිතාන්‍ය ජාතිකයා තම පෙම්වතිය බේරාගැනීමට උත්සාහ කරද්දී සැකකාර මාලක සිල්වාගේ ආරක්‍ෂකයන් ඔහුට සහ පෙම්වතියට අමානුෂික ලෙස පහර දී ඇත.

සමාජ ශාලාවේ කාර්ය මණ්‌ඩලය මැදිහත්වී විදේශිකයා සහ ඔහුගේ පෙම්වතිය බේරාගෙන ඔවුන් දෙදෙනා රෝහල්ගත කර තිබේ.

මෙම පහරදීමේ සිද්ධියේ සියල්ල සමාජ ශාලාවේ සී. සී. ටී. වී. කැමරාවල සටහන්ව තිබෙන අතර ඒ ඔස්‌සේ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

රාත්‍රි සමාජ ශාලාවේ කාර්ය මණ්‌ඩලය, පොලිසියට පවසා ඇත්තේ මාලක සිල්වා එහි පැමිණෙන සෑම අවස්‌ථාවකදීම මෙවැනි ගැටුමක්‌ ඇතිවීම සාමාන්‍ය සිදුවීමක්‌ කියාය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල, පොලිස්‌ අධිකාරි රොෂාන් සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත කොළඹ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති නෙවිල් සිල්වා මහතා ඇතුළු නිලධාරීහු මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වති.



-ජනිත් සෙනෙවිරත්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com

4 comments:

  1. මම නම් හිතන්නේ නෑ මහින්ද රාජපක්ෂ එහෙම අමන කමක් කරයි කියලා. කළොත් නම් මාත් දෙන්නේ නෑ මුන්ට ආයේ ඡන්දයක්. ඒ වගේ කාලකන්නින්ට දෙන්න පුළුවන්ද අපේ දරුවන්ගෙ අනාගතය භාර දෙන්න..

    ReplyDelete
  2. Api balan idimu..... Mama hithanne naha habai loku wenasak wei kiyala... Dan penne nathda Duminda Silva oya ageta inne....

    ReplyDelete
  3. මේ ලිපිය share කරපල්ලා. පොඩි හරි මතයක් හදන්න ඒක ප්‍රයෝජනවත් වෙයි. නාමයෝජනා දුන්නට පස්සේ බෙරිහන් දීලා වැඩක් නෑ.

    ReplyDelete
  4. රත්තනදෙණියේ මේධානන්ද හිමිNovember 4, 2014 at 2:21 AM

    කොසොල් රජුගේ සුපින 04.
    ------------------------------

    භාග්‍යතුන් වහන්ස.. ගැල් අදනා ගොනුන් පේළියේ ඉදිරි රථවල ළපටි ගොනුන් බැද පසුපස ගැල්වල ජවබල සම්පන්න ශක්ති සම්පන්න ගොනුන් බැද තිබුණා.. ඉදිරිපෙළ සිටින ළපටි ගොනුන්ට ගැල් ඇද ගන්න බැරි නිසා ගැල් ටික ඉදිරියට යා නොහැකිව එක ගැන නතරව තිබුණා..

    බුදුන් වහන්සේ..
    මහරජ.. මේ සිහිනයෙන් කියැවෙන්නේ අනාගත පාලකයෝ අත්දැකීම් තිබෙන බුද්ධිමතුන්ට ඇමතිකම් නිලතල ආදිය නොදී ඔවුන්ට විරුද්ධ බාලයන්හට තනතුරු හා වගකීම් බාරදී පාලනය අවුල් කර ගන්නා බවයි.. ඔබට මේ හීනයෙන් විපතක් නොවුණත් අනාගතයේ දිනක එය සැබෑවක් වනු නියතය

    ReplyDelete