Breaking News

සිංහල ඡන්ද දෙකට බෙදා දොන් ජුවන් රජ කරන්න බෑ.


2014 ඔක්තෝම්බර් 05 දින බේරුවල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී ජාතික හෙළ උරුමයේ කළුතර දිසා සමුළුව අමතා එහි නියෝජ්‍ය ලේකම් පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කළ කතාව.


පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේ දී සිංහල ඡන්ද දෙකට බෙදිලා වගේ පෙනුනා. ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මගුල් කිව්වාලු. අන්න ඒ වගේ සිංහලයා දෙකට බෙදෙන විට සුළු ජාතික බලවේග ඡන්ද කුට්ටි වෙන්දේසි කරලා මේ රටේ ජනාධිපති තීරණය කරන්න හදනවා. තේ හදන්න ආපු අයත් අද රජුන් හදන්නන් වෙලා. වෙළඳාමේ ආපු අයත් රජුන් හදන්නන් වෙලා. ඒ විතරක් නොවේ වෙනම රටක් හදන්න ගිය අයත් රජුන් හදන්නන් වෙලා. මේ රටේ නිහඬ බහුතරය ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ නිල් රතු කොල පක්ෂ වලට බෙදිලා මේ දිහා බලාගෙන ඉන්නවා. එකක් මතක තියා ගන්න. වලිගෙට බෑ බල්ලා වනන්න. බල්ලා තමයි වලිගේ වනන්නේ. ඒ නිසා ඊ ළඟ ජනාධිපති තෝරන්නේ සිංහලයින් මිසක් ජාතිවාදි බෙදුම්වාදි බලවේග නොවේ.

මේ දවස්වල සුළු ජාතික අන්තවාදින් නැති ප්‍රශ්න ඇති කරන්න හදනවා. දැන් ඔන්න බොදු බල සේනා කිව්ව එකක් බදාගෙන. බොදු බල සේනා ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවාලු ලාංකික දෙමළ ලාංකික මුස්ලිම් කියන නම් වෙනුවට සිංහල දෙමළ සිංහල මුස්ලිම් කියන නම් යොදා ගන්න ඕනෑ කියලා. ඒක සුළු ජාතික අයිතින් පාගා දැමීමක් ලු. එතන බොදු බල සේනා හරි. වසර දෙදහසක් පුරා ලංකාවට කිව්වේ සිංහලේ කියලා. ලෝකය පුරා පොත්වල ශීලා ලේඛණ වල ලංකාව හඳුන්වා තිබෙන්නේ සිංහලේ කියලා තමයි. සිංහලේ පෘතුගීසි භාෂාවෙන් කියන කොට සීලෑන් වුණා. ඒකම ලන්දේසි භාෂාවෙන් කියන කොට සේලාන් වුණා. ඉංග්‍රිසියෙන් සිලෝන් කිව්වේ සිංහලේ කියන එකම තමයි.

1972 දී ලංකාව නිදහස ලබන කොට සිලෝන් වෙනුවට භාවිතා කරන්න නම් දෙකක් යෝජනා වුණා. එකක් තමයි ඓතිහාසික නම සිංහලේ කියන එක. අනිත් එක තමයි රාමායණයේ සඳහන් නම ලංකා කියන එක. රමායණය තමයි අපේ රට ගැන සඳහන් පරණම ලේඛණය. රාමායණයේ අපේ ශිෂ්ටාචාරයේ දියුණුව ගැන හරි ඉහලින් වර්ණනා කරලා තිබෙනවා. ඉතින් විජය කුමාරයටත් එහා ගිය දිගු වගේම දියුණු ඉතිහාසයක් අපට තිබෙන බව පෙන්වන්න අපි සිංහලේ වෙනුවට ලංකාව කියන නම තෝරා ගත්තා. එදා ලංකාව වෙනුවට සිංහලේ තෝරා ගත්තා නම් අද ලාංකික දෙමළ අය හඳුන්වන්නේ සිංහලේ දෙමළ ලෙස තමයි. ඒ නිසා බොදු බල සේනා ප්‍රකාශය කරලා තිබෙන්නේ සුළු ජාතිකයන් යටපත් කිරීම නොවේ. මේ රටේ ඇත්ත ඉතිහාසය මතු කර පෙන්වීම.


සුළු ජාතික බලවේග විතරක් නොවේ තානාපති කාර්යාල හදන්නෙත් බොර දියේ මාළු බාන්න. ඇමෙරිකාවේ ඉන්දියාවේ තානාපති කාර්යාල සල්ලි මළු පොදි බඳිනවාලු ඡන්දයට වීසි කරන්න. මේ අය බලාපොරොත්තු වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා රජ කරන්න. රනිල් මහත්තයාත් රජ දැක්මට අළුතින් සූට් මහලා ලැහැස්ති වෙනවා කියලා අපට ආරංචියි. අපට ආණ්ඩුව එක්ක මොන ප්‍රශ්න තිබුණත් දෙවන දොන් ජුවන් ධර්මපාල රජ පුටුවේ වාඩි කරන්න ලැහැස්ති නෑ. පළමු දොන් ජුවන් නැටෙව්වේ පෘතුගීසින්. දෙවන දොන් ජුවන් නටවන්නේ ඇමෙරිකාවයි ඉන්දියාවයි. මේ රට යළිත් යටත් විජිතයක් කරන්නයි එතුමා හදන්නේ. අපි ඒකට ඉඩ දෙන්නේ නෑ.



යුතුකම සංවාද කවය
www.yuthukama.com

2 comments:

  1. විභූතිරත්නNovember 20, 2014 at 9:12 AM

    චම්පික හා ගම්මන්පිළගේ දේශපාලන අනාගතය රතන හාමුදුරුවන්ගේ උද්ධච්ච කමත් අධි මාන්නයත් අධි තක්සේරුවත් නිසා විනාස උනා කියලයි මට නම් හිත්න්නේ.
    චම්පික බොහො දුර ගමනයක් යන්න පුළුවන් මිනිහෙක්. මේ ව්‍යවස්ථා සංශෝධනය වගේ මධ්‍යම පාන්තික සැරසිලි ඉල්ලීමකට තමන්ගේ දේශපාලන ජීවිතය උගස් තිබ්බ එක ගැන හිතද්දි නම් චම්පිකත් එතරම් දුර පේන මිනිහෙක් බව පේන්නේ නෑ..

    ReplyDelete
  2. මෙච්චර කල් ජාතිවාදෙ රීපු උන්ට ගූ කන්න වෙයි වගෙ නේද...

    ReplyDelete