Breaking News

විමල් වීරවංශගේ විදුලි බිල නොහොත් ‘කියනු මැන දිවි අරුත‘

‘ඔබ සැමට තුති 
පෙන්වා දුන් පිනට මා දොස’

කෙළෙස අඩුකරම් ද විදුලි බිල, 
හුදී ජනයාට ද නොහැකි කළ 
කිරීමට ඒ විස්කම 

එනමුදු 
තැත් කළෙමි සැමවිටම
පිරිමසිනට විදුලිය 
ඇති බැවින් සිත් කොනක 
දෙස් දෙන හදක් 
දුරඅතීතය ගැන තැවෙන 

නැගුණේ අහස උසට විදුලි බිල 
දැවීමෙන් ද ඒ හද 

අහෝ 
පෙර පවක් පළදී ඇත, 
ඉරණම බල කොට ඇත, 
වසනට මහා මැදුරක 

පෙර කළ එක මග ගියවුන් 
බලාසිටිය ද කෝපාග්නියෙන් 
දැවෙමින් 
බිණිමින් 
ආක්‍රෝෂ පරිභව

ගැලවුමක් නැත අන්කිසි 
වටකොට ඇති ඇමැති බල රැස්හැර  

ඇත නොයෙක රැකවලූන් ද, 
රථ පෙළට රියැදුරන් ද, 
මහමැදුර පසෙකින්, 
තනා ඇත උන්හට වෙනවෙනම සුළු නිවහන් 
(සැපැයීම නිවහන් සැමට 
මා සතු කාරිය ද වන බැවින්) 

කා දමයි උන් ද ඇති තරම් විදුලිය 
මගේ කිත්ගොස ද සමගින් ම 

මහ එළි ද මොළවා ඇත 
මහ මැදුර වටකොට 
ඇස ගිණි කණ වැටීමට 
පැමිනෙන්නන්ගේ මහ මැදුර වෙත 

පැමිණෙන්නන් අතුරින් 
එකෙක් දෙන්නෙක් අමුත්තන් වූ කළ 
දිය යුතුය උනට වා සමනිත කුටියක් 
ඇත එවන් කුටි දෙකක් ද මහ මැදුරෙහි 
 
අසයි මා‘පියාණන්’ 
සිය හද බසින් 
‘‘කියනු මැන දිවි අරුත’’ 

නොදනිමි ‘පියාණනි’ පිළිතුරු 
එනමුදු සිටිනා තෙක් ඔබ මා උරෙනුර 
ගැටී 
මඩනට පර දෙසින් එන පිළිමල් මුළු  

අභිසෙස් ලද බැවින් ද 
‘දැයෙහි පස් අවි කුමරු’ලෙස 
දැයේ මුර දෙවි මුළු වෙතින් 

නිදනෙමි සැනසිල්ලෙන් 
නැත ද වා සමනය 
මා කුටියෙහි

-නිර්මාල් රංජිත් දේවසිරි 

 

3 comments:

  1. ඇති බැවින් සිත් කොනක
    දෙස් දෙන හදක්
    දුරඅතීතය ගැන තැවෙන
    .....
    පෙර පවක් පළදී ඇත,
    ඉරණම බල කොට ඇත,
    වසනට මහා මැදුරක
    ……

    වෙනත් විරුද්ධ වාදීන් විමල්ව දකින්නේ ධනවාදී මනසක් තියෙන තෘෂ්ණාධික් පුද්ගලයෙක් හැටියට.
    හැබැයි නිර්මාල් සමත් වෙලා තියෙනවා ඒ ඔහු ගේ ඉරණම බවත් ඔහුම ඒ ගැන පසු තැවෙන හ්‍ර්ද සාක්ෂියක් තියෙන මිනිසෙකු ලෙස දකින්න..( හර්ද සාක්ෂියක් නැති මිනිසුන්ට ගැටුම් ඇති වෙන්නේ නැත.)

    ReplyDelete
  2. තරංග දයානන්දOctober 7, 2014 at 5:04 AM

    විමල් ලාංකීය දේශපාලනයේ අතිශය සුවිශේෂී වන්නේය. ඔහු කිසියම් පරම්පරාවක අපූරු පිළිඹිබුවකි. ඔහුට ලැබී ඇති හා ඔහු වඩවා ගෙන ඇති හැකියාවන් මඟින් ඔහු ගේ හදවතට හා බුද්ධියට සුවිශේෂී ආලෝකයක් සපයා ඇත. අපූරු දේශපාලන සත්වයකු වන ඔහු අතින් නිමැවෙන පුරෝකථනයන් සහ දේශපාලන මතවාදයන් ලාංකීය ජන සමූහය වෙත බුද්ධිය සහ සිතීමේ හැකියාව කැදවන සුළුය. කළ යුත්ත සහ නොකළ යුත්ත ගැන හොඳ ඉවක් ඔහුට ඇත. ජාතික මතවාදයට වඩා පුළුල් වපසරියකට ව්‍යප්ත කිරීමට හේ බෙහෙවින් බලපෑය. සිංහලත්වයට, ජාතිකත්වයට විරුද්ධ උන්ට විමල් වහකඳුරුය. ජාතිවාදීන්ටද එසේමය.

    ReplyDelete
  3. විමල් මේ යුගයේ පහලවූ විශේෂ දේශපාලන ක්රියදරයෙකි. ඔහු පිළිබද දුක් වන්නෝ මෙන්ම ඔහුගේ ක්‍රියාකාරීත්වයට දුෂ්ට වන්නොද එමටය. කෙසේ වුවද ඔහු ඔහුගේ ගමන් මේ රටේ හෙට දිනය උදෙසා ගොඩනගනු ඇත. එය වළක්වාලීමට සමත් ජඩයකු නොමැත.

    ඉන්දික

    ReplyDelete