Breaking News

'උස්වත්තෙ සුනිල්' ගේ චණ්ඩි පාට්

Gypsies සංගීත කණ්ඩායමේ සුනිල් පෙරේරා, අද කරන කියන දේ ගැන විමසන විට, අපට යෝජනා කරන්නට සිතෙන්නේ ඔහුට 'උස්වත්තෙ සුනිල්' වැනි පාතාළ නමක් වඩා ගැලපෙන බව ය. ඔහුට ඔහු ගේ ජීවිතය තුළ හමු නොවුණු චරිතය සුනිල් පෙරේරා ය‍. සංකර නමක් වුව ද, සුනිල් පෙරේරා යනු, ශිෂ්ඨත්වය පළ කරන නමකි. එහෙත් එවැනි චරිත පෞරුෂයක් නැති පුද්ගලයෙකි, ඒ නමින් පෙනී සිටින්නේ. එහෙයින් 'උස්වත්තෙ සුනිල්' යනු භාවිතයට ගැලපෙන නම ය. කතාවට ගැලපෙන නම ය. තරමට ගැලපෙන නම ය.

'උස්වත්තෙ සුනිල්' පසුගිය දින කිහිපයේ ටෙලිවිෂන් මාධ්‍යයේ පෙනී සිට, චණ්ඩි කතා කියා ඇත. ඇතැම් ඒවා අපට ද දකින්නට ලැබිණි. ඒවා කතා කළ යුතු වන්නේ 'ගුණෙ අයිය ගෙ කාමරේ' ය. ප්‍රසිද්ධ ජනමාධ්‍යයේ නො වේ. බීපු දිනවලට සංගීත සංදර්ශනවලදී ද, නො බීපු දිනවලට මාධ්‍යයට ද පැමිණ, තමන් ගේ 'බෝක්කු කට' ඇවිස්සීම, කාලයක සිට ඔහු ගේ පුරුද්දක් කර ගෙන තිබේ.
'උස්වත්තෙ සුනිල්' ගේ පියා ජුජුබ්ස් වෙළෙන්දෙකි. ඔහු සුඵ වශයෙන් ආරම්භ කරන ලද ජුජුබ්ස් වෙළෙදාම සාර්ථක වන විට, 'උස්වත්ත ජුජුබ්ස්' යනුවෙන් දැන්වීම් ගසා ගත් වෑන් රථයක්, වාහන තදබද ඇති වන තැන්වලදී, එය කැඩුණු බවට අගවා, මහපාරේ තල්ලු කරමින්, 'ජුජුබ්ස්' මිනිසුන් ගේ අවධානයට ලක් කර, කූට ලෙස ආදායම සරු කරගත් තක්කඩි වෙළෙන්දෙකි. ජොලියට බර විනෝදකාමියකු වූ ඔහු තම වෙළෙදාම ඉහළ යන විට, පාසල් නොයා කට්ටි පනිමින් සිටි දරුවන් සමග 'අහිගුණ්ඨිකයෝ' යන අර්ථය දෙන gypsies නම තබන ලද සංගීත කණ්ඩායමක් ආරම්භ කළේ ය.

'උස්වත්තේ සුනිල්' යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 'gypsies' නමින් යුක්ත වුවත්, ඊටත් වඩා පහත් මානසිකත්වයක් ඇති සමාජ පාදඩයෙකි.

සිය බිරිද, දරුවන්‍ට 'පාසල් යන්නට' යයි පෙරැත්ත කරන විට, 'උස්වත්තෙ සුනිල්' ගේ පියා කළේ, දරුවන් සමග නිවසට වී, සින්දු කියමින් බජව් දැමීම ය.  පාසල් යන සමයේ කට්ටි පැන, අධ්‍යාපනය කඩාකප්පල් කර ගත් නිසා, 'උස්වත්තේ සුනිල්' ඇතුඵ දරුවන් ගේ ඉදිරි ජීවිතය වෙනුවෙන් කළ හැකි දෙයක් ලෙස, සංගීත භාණ්ඩ මිළයට ගෙන දී ආරම්භ කරන ලද 'gypsies' සංගීත කණ්ඩායම, එකල පැවැති සමාජ රටාව අනුව, මුල් කාලයේ මොරටු ප්‍රදේශයේ මගුල් ගෙවල ද, කොටහඵ මගුල් ගෙවල ද, නත්තල් පාටිවල ද සින්දු කියන්නට වූ අතර, ඒවා බොහෝ විට අයත් වූයේ ඉංග්‍රීසි පන්නයට ය.

එකල ජෝති, මිල්ටන්, ක්ලැරන්ස් සිංහල සින්දු කියමින් ජනප්‍රියත්වයේ මුදුන් පෙත්තට නැග තිබුණු අතර, gypsies සංගීත කණ්ඩායම කොතෙක් මොරටු ප්‍රදේශයේ සින්දු කීව ද, එතැනින් එහාට ලංකාවේ ජනප්‍රිය වීම අසීරු විණි. ඔවුන් සිංහල සින්දු කියන්නට පටන් ගත්තේ ඒ අනුව ය. මුල් කාලයේ, එකල ප්‍රසිද්ධ ව පැවැති ආරට සින්දු කියූ gypsies ජනප්‍රිය නිර්මාණ කීපයක් මෙසේ ය.

'මා සතුටින් බව ඔබට පෙනෙයි නම්'
'ඔබ දුටු ඒ මුල් දිනේ'
'තොරන් බදින්නට රබන් ගසන්නට'
'මල් මල් පිපිලා'
'නිලුපුල් සුවද උරා'

නිතර සංගීත සංදර්ශන පැවැත්වුණු ගාල්ලේ හැදුණු වැඩුණු මේ ලියුම්කරු, කුඩා කාලයේ සිට සිංහල ගීත කලාව‍ට ආදරය කළේ ය. ගුවන් විදුලියේ කණ්ඩායම් ගී අසමින් මූන්ස්ටෝන්ස්, ගෝල්ඩන් චයිම්ස්, සුපර් ‍ගෝල්ඩන් චයිම්ස්, සන්ෂයින්ස්, ධර්මරත්න බ්‍රදර්ස්, වින්ස්ලෝ සික්ස්, මෙන්ඩිස් ෆෝ සන්ස්, ලා බම්බාස්, ද ලවර්ස්, ලොස් මුචාචෝස්, ‍ලොස් ෆ්ලෙමින්ගෝස්, ත්‍රී සිස්ටර්ස්, සමනලයෝ, මී මැස්සෝ, සියැක් වැනි සංගීත කණ්ඩායම් සින්දුවලට අපමණ ආසක්ත වෙමින්, gypsies සංගීත කණ්ඩායමේ මෙකී නිර්මාණයන්ට ද බෙහෙවින් ඇඵම් කළ අයෙකි. එය කොපමණ ද යත්, නිහාල්, සුනිල්, නිමල්, ලාල්, පියල් නම් වූ gypsies සහෝදරයන් ගේ ප්‍රසංගයක් 1978දී පමණ සජීවී ව නරඹා ඇත.

මිල්ටන්, ක්ලැරන්ස් සම්ප්‍රදායේ සින්දු කියමින් කලක් ජනප්‍රිය ව සිටි  gypsies සංගීත කණ්ඩායම පසු ව එයින්  අසාර්ථකත්වයට පත් විණි. ඊට හේතුව ජෝති, මිල්ටන්, ක්ලැරන්ස් අභිබවා යන්නට ඔවුන්ට නො හැකි වීම ය. පීඩිත සමාජයට වඩා ලුම්පන් ජන කොටස් (ජර්මානු අර්ථයෙනි) සමග වැඩි සම්බන්ධතා පැවැත් වූ 'උස්වත‍්තෙ සුනිල්ලාට' එවැනි ධාරාවක් ගොඩ නගන්නට නො හැකි වූයේ, සමාජ ඉල්ලීම එවැනි වුවත්, ඔවුන් ‍ගේ භාවිතය ඊට නො ගැලපුණු නිසා ය. ඒවා 'උස්වත්තෙ සුනිල්ලා ගේ' මට්ටමට වඩා උසස් වුණු නිසා ය.

ඒ අනුව ඔවුන් සිදු කළේ උපන් පාදඩකම අනුව කටයුතු කරන්නට තීරණ කිරීම ය.

'උස්වත්තේ සුනිල්' ගේ gypsies සංගීත කණ්ඩායම 'කිස් දහයේ' සින්දුව කියන්නේ ඉන්පසු ව ය. 'කොක්කෙන් බැරි නම් කෙක්කෙන්' කියා වැඩ කළ 'උස්වත්තේ සුනිල් ගේ' තාත්තා ගේ, මහපාරේ 'ජුජුබ්ස් තල්ලුව' අනුගමනය කරමින්, ජනප්‍රියත්වය ලැබෙන්නේ නැත්නම්, ලබා ගැනීමේ ප්‍රතිපත්ති‍ය‍ට අනුව නිර්මාණ කළ 'කිස් දහයේ' සින්දුව සමාජයේ බොහෝ විවේචනයන්ට ලක් විණී. ඇතැම්හු එය අසා කෝපයට පත් වූහ. තැන් තැන්වල විවේච්නය කළ හ. පුවත්පත්වල ලිපි ලියූ හ. එය සමාන වන්නේ 'උස්වත්තේ සුනිල් ගේ' තාත්තා ගේ 'ජුජුබ්ස් තල්ලුවට' පාරේ මිනිසුන් කුණුහරුප කී ආකාරය ය.

එකල 8වැනි වසරේ ඉගෙන ගනිමින් සිටි මේ ලියුම්කරු ද, 'උස්වත්තේ සුනිල් ගේ' gypsies සංගීත කණ්ඩායමේ 'කිස් දහයේ' සින්දුවට බැණ, රත්මලානේ 'ජුජුබ්ස්' කර්මාන්ත ශාලාවට ලියුමක් තැපැල් කළේ ය. කෙ‍සේ වෙතත් දින කිහිපයකට පසු ලියුම්කරුට ද, 'උස්වත්තේ සුනිල් ගෙන්' ලිපියක් ලැබිණී. එහි සදහන් කර තිබුණේ තක්කඩි උත්තර ය. සැබැවින්ම 'උස්වත්තේ සුනිල්ලාට' අවශ්‍ය ව තිබුණේ, තාත්තා ගේ 'ජුජුබ්ස්' වෙළෙදාමට සරිලන, 'සින්දු ජුජුබ්ස්' නිෂ්පාදනය කිරීම ය. 'උස්වත්තේ සුනිල්ට' මේ අදහස් ලැබෙන්නේ ලේ උරුමයෙනි.

එදා සිට 'උස්වත්තේ සුනිල්' සිදු කළේ තාත්තා ගේ මහ පාරේ 'ජුජුබ්ස් තල්ලුව' අනුව 'ජිප්සීස් තල්ලුව' කරගෙන යෑම ය. 'කුරුමිට්ටෝ', 'ඕයේ ඔජායේ', ලුණු දෙහි', 'අංකල් ජොන්සන්', 'සිංඤෝරේ', 'කොත්තමල්ලි' යනු එහි ප්‍රතිඵල ය. මේවා ජනප්‍රිය වන්නේ මිනිසුන් ‍ගේ දැඩි විවේචනය මැද්දේ ය. බැනුම් අතරේ ය.

'උස්වත්තේ සුනිල්' යනු තාත්තා ‍ගේ සැබෑම පුතා ය.

විධිමත් සමාජ ආයතන පද්ධතියක් ඔස්සේ ඉහළට නො පැමිණී ලුම්පන් 'උස්වත්තෙ සුනිල්' සැම දා ප්‍රකට කරමින් සිටින්නේ ඔවුන් ගේ නැහැදිච්චකම ය. එහි අනෙක් පසට දැමිය හැකි වන්නෝ, ඒ කාලයේම වාගේ සංගීත ක්ෂේත්‍රයට පිවිසුණු 'ධර්මරත්න සහෝදරයෝ' සංගීත කණ්ඩායම ය. ඔවුහු, විනයගරුක ආයතන පද්ධතියක හැදුණු වැඩුණු සහෝදරයන් පිරිසක් බව, ක්‍රියාවෙන් ඔප්පු කළ පිරිසක් වූහ.  කිසිවිට ලුම්පන් සමාජයේ කොටස්කරුවෝ නො වූහ. ආගමික ආයතන පද්ධතියට ගරු කළහ.

ක්ලැරන්ස්-ඇනස්ලි ආරට, 'උස්වත‍්තෙ සුනිල්ට' පෑහෙන්න‍‍‍ට නො හැකි වුණු හේතුව එය ය.

'උස්වත‍්තේ සුනිල් ගේ' පවුල් පසුබිම තේරුම් ගත හැකි වන්නේ, ඔවුන් ගේ 'සින්දු ජුජුබ්ස්' නිෂ්පාදනයක් වන, 'අංකල් ජොන්සන්' අධ්‍යයනය කිරීමෙනි. මේ 'අන්කල් ජොන්සන්' යනු අන් කවරකුවත් නො ව, 'උස්වත්තෙ සුනිල් ගේ' තාත්තා ය. ගෙදර ඇති පදමට 'ජොලි කළ' තාත්තා ය. ගෙදර 'බජව් පාටි' දැමූ තාත්තා ය. 'උස්වත්තෙ සුනිල්' පසු ව, 'තාත්ත මට ඇනපු ටොක්ක' නමින් සින්දුවක් කියන්නේ, ඔහු ගේ 'ජුජුබ්ස් තල්ලුව' අනුගමනය කළ නිසා, තමන්ට ද 'පල්ලම' පෑදුණු නිසා ය.

තමන් ගේ ලුම්පන් පවුල් පසුබිම ප්‍රදර්ශනය කරමින් වරක් බත්තරමුල්ල, පැළවත්තේ පැවැත්වුණු 'සිරස' කඩමණ්ඩිය' සංගීත සංදර්ශනයට දෙකක් දා ගෙන ආ, 'උස්වත්තේ සුනිල්' ස්වකීය කල්ලතෝනි ජාතකය එළි කළේ ය.

'අපි ආවේ පෘතුගාලේ ඉදලා. අපි පෘතුගීසිකාරයෝ. මේ රටේ සංගීත සංදර්ශන තියන්නෙ, ඔය කට්ටිය සතුටු වෙන්නෙ, මෙතන ලයිට් දාලා තියෙන්නෙ, ඔය රාළහාමි තොප්පි දාලා ඉන්නෙ, මේ කෙල්ලො නටන්නෙ පෘතුගීසිකාරයෝ හින්දා.'

තරුපහේ හෝටලවලට ගොස් 'බෝක්කු කට' අවුස්සා ගෙන කෑ ගසා, ඇමතිවරුන් ගේ මදාවි පුතාලා ගෙන් නිතර බඩ කට පුරා ගුටි කා ගෙන එන 'උස්වත්තේ සුනිල්ට' අමතක වීමේ රෝගය තදින් තිබේ. සතියකින් දෙකකින් ගුටි කෑ වග අමතක වන ඔහුට, යළිත් මතකය අලුත් වන්නේ කට කැඩුණු කතාවක් කියූ පසු කණ රත්වන්නට පාරක් කෑ පසුව ය.

ගණිකාවන් සමග ද සංදර්ශනවලට යන 'උස්වත්තේ සුනිල්' වරක්, රාජකීය විදුහලේ දී 'ස්ටැග්නයිට්' නමින් හෙලුවැලි ප්‍රසංගයක් ද පැවැත් වූයේ ය‍. එයට නඩුවක් පැවරුණු අතර, නඩුවට සිදු වූ දෙය දන්නේ ඔහු අදහන දෙවියන් පමණි.

දරුවන් සිටින පියකු වුවත්, උපන් පාදඩකම නිසා දුරාචාරයේ යෙදෙන 'උස්වත්තේ සුනිල්' කාලයක් 'කොරීන් අල්මේදා' නමින් ප්‍රචලිත 'විසේකාරිය' සමග ප්‍රසිද්ධීයේ ලිංගික සම්බන්ධයක් පවත්වා ගෙන ගියේ ය. එකල ඔහුට විවාහක බිරිද වහකදුරු ය. කොරින් අල්මේදාට කීවේ, දික්කසාද වී පැමිණ, විවාහ කර ගන්නා බව ය.

පසුකාලයකදී කොරින් සමග පවත්වා ගෙන ගිය ලිංගික සම්බන්ධය බිද වැටිණී. තමන් සමග ලිංගික සම්බන්ධතා පැවැත් වූ ගෑනුන් ගෙන් පවා පළි ගන්නා කුහකයකු වන 'උස්වත්තේ සුනිල්' මෙලෙස 'ලොරෙන්සෝ ද අල්මේදා' සින්දුව කියන්නේ කොරින්‍ට 'ගේමක්' දෙන්නට ය.

චිත්‍රපටි ගීතයක් හැටියට නිර්මාණය වන, රූපරාමුවලට ද අදාළත්වයක් නැති, 'ලොරෙන්සෝ ද අල්මේදා' සින්දුවේ තැනින් තැන අවශ්‍ය දේ කියා ඇත.

'ලොරෙන්සෝ ද අල්මේදා'
'සුදිය මිසක් වෙන වැඩ නෑ'
'නෝනා මට අත වනනවා-අපි ඔක්කොම බෑ බෑ කියනවා' යනු ඒවා ය.

'අංකල් ජොන්සන්' සින්දුවේ 'පවන හමා යන සොදුරු රාත්‍රියෙ', 'ආරියරත්නල' වැනි ඇනුම් පද ප්‍රබුද්ධ ('උස්වත්තෙ සුනිල්' කියන ආකාරයට) සංගීත සම්ප්‍රදායට එල්ල කළ ආකාරයට, මෙලෙස 'උස්වත්තේ සුනිල්' කොරින්ට ද 'කෙළවන' වැඩක් දී තිබෙන්නේ 'ජුජුබ්ස් තල්ලුවට' අලුත් අර්ථකථනයක් දෙමිනි.

මෙරට මාධ්‍ය ආයතනවල සිටින ලුම්පන් මාධ්‍ය ඔස්තාර්ලාට, මේ 'උස්වත්තෙ සුනිල්' වැදගතකු වන්නේ, ඔවුන් ද ලුම්පන් පවුල් පසුබ්ම් තුළ හැදි වැඩී තිබෙන නිසා ය. එසේ නොමැති ව, වර්තමාන සියලු මාධ්‍ය ආයතනයන්ට හෝ ඒවායේ සේවය කරන්නන්ට හෝ 'උස්වත්තෙ සුනිල්' වැනි අම්බරුවකු 'වීරයකු' වී ඇතැයි කියන්න‍ට තරම් අපි මුග්ධ නො වෙමු. ඔහුට ගොඩ විය නොහැකි මාධ්‍ය ආයතන ද මේ ලංකාවේ තිබේ. 'ගුණෙ අයියගෙ කාමර' වැනි ඇතැම් මාධ්‍ය ආයතන සහ ඒවායේ තනතුරු දරන 'ගුණේ අයියලා' නො වන්නට, 'උස්වත්තෙ සුනිල්ට' ව්‍යාජ ප්‍රතිරූප හැදෙන්නේ නැත.

ජෝතිලා, එම්.එස්ලා, මිල්ටන්ලා, ක්ලැරන්ස්ලා ගොඩ නැගූ සිංහල ජනප්‍රිය ගීත සම්ප්‍රදාය කාබාසිනියා කරන, 'බෝක්කු කටක්' සහිත වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම කලා විහීනයකු වන 'උස්වත්තෙ සුනිල්ලා', මා අටේ පන්තියේ සිට, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, උපාධි, පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු කර, වර්තමානයට එළඹෙන තුරුම, තවමත් 'ජුජුබ්ස්' තල්ලු කරති. සීයා ගේ 'ජුජුබ්ස්' තල්ලුව, දැන් 'ජයමංගල ගී' විකෘති කළ 'උස්වත්තෙ සුනිල් ගේ' පුතාලා භාර ගෙන ඇත.

මේ ගෝතකරුමය අවසන් වන්නේ කවදා ද? 

-කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය

5 comments:

  1. Samal Vimukthi HemachandraSeptember 29, 2014 at 5:32 AM

    කුමරට අප්සෙට් වගේ කොරින් එක්ක නිදා ගන්න බෑරි වෙච්ච එකට... දෑන් මේ නහින දෙහින කාලේ මොන සෙක්ස් ද ලොක්කා... බණක් බාවනාවක් කරගෙන ඉන්නේ නෑතුව.

    ReplyDelete
  2. I’m Sorry Mr. Kumara, I really don’t agree with you. This is full of hatred and it stinks with your interpretations. I think we should NEVER EVER condemn people for what their parents were. If you have a problem with their songs and the meaning of their songs, go ahead and please file a law suite. This is NOT the place

    ReplyDelete
    Replies
    1. සුදු පුතාSeptember 30, 2014 at 4:19 AM


      Dharshana Kasthurirathna ගේ FB කොමෙන්ටුවකින් උපුට ගතිමි.

      සුනිල්ගේ පුද්ගලික ජීවිතය මේකේ මතු කරලා තියෙන්නේ සුනිල් තමන් ගැන කියනවාටත් වඩා අඩුවෙන් කියලයි මට හිතෙන්නේ. සුනිල් කරන්නේ තමන්ගේ පුද්ගලික ජීවිතය ජෙනරලයිස් කිරීම නිසා එකේ නොකර ඔහු ගැන කතා කරන්ඩත් බෑ. අනෙක් අතට සුනිල් කියන්නේ පට්ට දේශපාලන චරිතයක්. පොදු චරිතයක්. ඒවගේ කෙනෙක් සමාජයට සුචරිතය උගන්වන්ඩ එද්දී එයාගේ චරිතය මොකක්ද කියලා අහන එක සාධාරණයි. මොකද එයා කියන විදියට එයා ගහන්නේත් මේ සමාජයේ තියෙන් කුහක කමට නිසා. මට හැගෙන ආකාරයට මේ ලිපියෙන් මතු කරන කාරණය සුනිල් අනිත් අයට කුහකයා කිව්වට එයත් කුහකයෙක් කියන එකයි. ඒක කෙනෙකුට මෙයට වඩා සෞම්‍ය ආකාරයට කියන්ඩ තිබුනා. සුනිල්ගේ බාසාවෙන්ම සුනිල්ට උත්තර දෙන එකයි මේකෙ වෙලා තියෙන්නේ කියලයි මට හිතෙන්නේ.

      Delete
  3. "ජුජුබ්ස්' මිනිසුන් ගේ අවධානයට ලක් කර, කූට ලෙස ආදායම සරු කරගත් තක්කඩි වෙළෙන්දෙකි." හෙන ගහනවා යකෝ උබට මේ කියන කතාවලට..

    ReplyDelete
  4. ane kumara umbe upadi gan kathaa karravi colombo viswavidalaye ahu mulu thaamath athi pellam

    ReplyDelete