Breaking News

තුන් සිංහලය එක් සේසත් කළ රාත්‍රිය ... !!!

ඒ සිහිනය නැවත සැබෑ කර ගන්නට අපට වසර 18ක් පෙරුම් පිරීමට සිදුවිය. ලෝක කුසලාන 4ක් අසලට පැමිණ නැවත හැරී යන්නට සිදුවිය. කෙසේ වුව ඒ සියල්ල අතීතයට එක් කර ඊයේ රාත්‍රී සිහිනය සැබෑ කර ගතිමු. ඩැරන් සාමි අනුව නම් ඒ දෙවියන්ගේ කැමැත්තයි. 

තරඟය ආරම්භ කරන මොහොතේ මා සිටියේ තුරඟ තරඟ පිටියේ ක්‍රීඩාගාරයේය. මුළු නගරයම සැණකෙළි වෙස් ගෙන තිබිණි. ක්‍රීඩාංගණයේ දැවැන්ත තිරය තරඟය සජීවි ලෙස විකාශනය කිරීමට සුදානම් කර තිබිණි. ශ්‍රී ලාංකික ක්‍රීකට් ලෝලීන් සිංහ ධජ පතාක රැගෙන ජයඝෝෂ නඟමින් ක්‍රීඩාංගණය වෙත පැමිණි අතර ක්‍රීඩාගාරය අතුරුසිදුරු නැතිව පිරී යන්නට වැඩි වේලාවක් ගත නොවිණි. 

කාසියේ වාසිය මාලිංග සතු කර ගනිත්ම ජය ඝෝෂාවෙන් මුළු ක්‍රීඩාංගණය ම ගිගුම් දෙන්නට විය. ලංකාවේ ජය පතා වයන මෝලම් හඬ දෙගුණ තෙගුණ විය. ඉන්දීය ජාතික ගීය ගයන විට සියලු ජය ඝෝෂා නතර කොට නිහඬවීමට තරම් බොහෝ ලාංකිකයින් වගකීම් සහගත වුව ද සුළු පිරිසක් කෑ කෝ ගසමින් සිය අසංස්කෘතිකත්වය ප්‍රදර්ශනය කිරීමට අමතක නොකළේය. ඒ මොහොතේ සිය අසුන්වලින් නැගිට නිහඬව සිය ගෞරවය ඉන්දීය ජාතික ගීයට පළ කළ සියලු දෙනා මගේ විශේෂ ගෞරවයට පාත්‍ර වේ. කෙසේ වුව මාලිංග ප්‍රමුඛ ලංකා කණ්ඩාවම අපේ ජාතික ගීය ගයන විට සියලු දෙනා නැඟිට මහත් අභිමාණයෙන් ජාතික ගීය ගැයූ බව ද කිව යුතුමය.

දස අත ගිගුම් දෙන ජයඝෝෂා මැද තරඟය ඇරඹිණි. අපේ සිංහ පැටව් වෙනුවෙන් මුළු ක්‍රීඩාගාරය ම ජය ඝෝෂා නැඟු අතර ඉන්දී ජාතිකයින් පිරිසක් සිය රටේ ජය පතා ඝෝෂා නඟනු දක්නට ලැබිණි. මෙහිදි විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මා අවට සිටි මුස්ලිම් පිරිස ලංකාවේ ජය පතා හඬ නැඟු බවය. ඔවුන් මුස්ලිම් අන්තවාදයේ ගොදුරු බවට පත් නොවූ සැබෑ දේශප්‍රේමි ලාංකිකයින්ය. 

මුල් පන්දු වාර කිහිපය අවසානයේ මම මගේ නවාතැන අසල ශ්‍රී විහාර් හෝටලය වෙත පැමිණියෙමි. (එය මීට පෙර ශාන්ති විහාර් නම් විය.) රාත්‍රී ආහාරය ගෙන එහි සේවක පිරිස සමඟ හෝටලයේ රූපවාහිනිය ඔස්සේ තරඟය නැරඹුවෙමි. ශ්‍රී විහාර් දෙමළ හින්දු වෙජිටේරියන් හෝටලයකි. එහි සේවක බහුතරය ශ්‍රී ලංකා දෙමළ වන අතර සූපවේදීන් සිව් දෙනෙක් ඉන්දීය ජාතිකයෝය. එම සිව් දෙනා අතරින් තරඟය නරඹමින් සිටි දෙදෙනා හැර අපි සියලු දෙනා ලංකාවේ ජය පැතූ අයවීමු. ඉන්දිය විකට් බිඳෙන විට, ලකුණු වළක්වන විට අපි ප්‍රමුදිත වූ අතර චිරාත් කෝලි පිටිය සිසාර සිය අණසක පතුරු වන මුකුලිත වීමු. එවන් අවස්ථාවල ඉන්දියානුවෝ බෙහෙවින් සතුටු විය.
තරඟය කෙළවරවත්ම මට මගේ කොළඹ හින්දු මිතුරියගෙන් ලැබුණු කෙටි පණිවිඩයක සඳහන් වූයේ "අපි දිනුවා! කොහොමද සංගාගේ වැඩ!" යනුවෙනි. මගේ යාපනේ මිතුරියක සිය නිවසේ සිට මට එවූ කෙටි පණිවිඩයක් මෙසේය.

"Ys Iya, It's a new year gift 4 all Sri Lankans. wow amazing. Gud luck Sanga. He is a hero. Thnk God." 

මේ සියල්ල මා කීවේ මා බොහෝ කලක සිට කියන කතාවක් නැවත කීම සඳහා පසුබිම සකසා ගැනීම පිණිසය. විවිධ හේතු නිසා විවිධ බෙදීම් රාමුවල සිරවී සිටින අපි ඊයේ රාත්‍රී ජාතියක් ලෙස එකට සිට ගතිමු. එකම අපේක්ෂාවක් වෙනුවෙන් අත්වැල් බැඳ ගතිමු. අපේ මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙන් එකාවන්ව පෙනී සිටියෙමු. 

විවිධ අන්තවාදී බෙදුම්වාදී දිශානතීන් වෙත නොගොස් මේ රටේ සිංහලයින් සමඟ එකාවන්ව ජීවත්වීමට කැමති හින්දු සහ මුස්ලිම් සහෝදර පිරිසට අප ගරු කළ යුතුය. ඔවුන් ද සිංහලයින්මය. සිංහයින්මය. ජාතිය එක් මතයක ඇදබැඳ තබා ගැනීමට අපට ක්‍රිකට් භාවිත කළ හැකිය. ක්‍රිකට් ක්‍රීඩාව ඔස්සේ තුන් සිංහලය එක් සේසත් කළ හැකිය. ඒ තුන් සිංහලය නම් සිංහලයින්, සිංහල හින්දුන් සහ සිංහල මුස්ලිමුන්ය. 



-නාමල් උඩලමත්ත (සංහිඳ)
යුතුකම සංවාද කවය

7 comments:

  1. විභූතිරත්නApril 7, 2014 at 1:20 AM

    "විවිධ අන්තවාදී බෙදුම්වාදී දිශානතීන් වෙත නොගොස් මේ රටේ සිංහලයින් සමඟ එකාවන්ව ජීවත්වීමට කැමති හින්දු සහ මුස්ලිම් සහෝදර පිරිසට අප ගරු කළ යුතුය. ඔවුන් ද සිංහලයින්මය. සිංහයින්මය. ජාතිය එක් මතයක ඇදබැඳ තබා ගැනීමට අපට ක්‍රිකට් භාවිත කළ හැකිය. ක්‍රිකට් ක්‍රීඩාව ඔස්සේ තුන් සිංහලය එක් සේසත් කළ හැකිය. ඒ තුන් සිංහලය නම් සිංහලයින්, සිංහල හින්දුන් සහ සිංහල මුස්ලිමුන්ය. "

    විශිෂ්ඨ අදහසට ඔබට ආචාරය !

    ReplyDelete
    Replies
    1. කතෝලික පොඩ්ඩාApril 7, 2014 at 1:39 AM

      එතකොට කතෝලික උන් නැද්ද මේකේ..

      Delete
  2. විමලසේනApril 7, 2014 at 1:25 AM

    මේ ගැන අර Nimal නමින් කළින් ලිපි වල අදහස් පලකළ මහත්මයාගේ මතය දැන ගන්නට කැමැත්තෙමි.

    ReplyDelete
  3. Mage adahas denaganna kalin kiwwanam, Thunsinhale kiyanne Sinhala, Muslim , Demala kiyana eka gena adahasa. Ethakota mahawanshe kiyawena Sinhalun wisin parada karapu demellu kawda. Nalin de Silva kiyana demellu wenama innawada? Wimalasena siraawatama hithanawada Lankawa cricket match eka dinna nisaa Demala and Muslim minissu sathutu una paliyata e minissu thaman sinhala kiyala hitanawa kiyala? Mahawansheda hari? Oyagollo eka eka welaawata hadaaganna pralaapa da hari?

    ReplyDelete
  4. විමලසේනApril 8, 2014 at 6:04 PM

    මගේ අදහසත් නාමල්ගේ අදහසට බොහෝ දුරට සමානයි. ඒක පැහැදිළිව ඉදිරිපත් කළාට ස්තූතියි.
    මෙතනදී අපට පේන්න ඕන දෙයක් තමා TNA මන්ත්‍රීලා කියනවා උතුරට සිංහ කොඩි එපා කියලා. හැබැයි සාමාන්‍යය දෙමළ මිනිහා තරඟය නරඹනවා කොඩිය අතේ තියාගෙන. මොකක්ද මේකට හේතුව. අර ජනතා නියෝතයා කියන මිනිහා ඒ ජනතාවගේ මතය නම් නි‍යෝජනය කරන්නේ ඒක එහෙම වෙන්න පුළුවන්ද? මේකට හේතුව තමා දෙමළ ජාතිවාදය උඩ සිට පහළට ක්‍රියාත්මක කරවීම. බටහිරයන් පෝෂණය කරලා ගත්ත දේ වරප්‍රසාද ලත් ප්‍රභූ පංතියක් හරහා සාමන්‍යය දෙමළ ජනයා අතරට අරගෙන යනවා. එහෙම තමා ඒගොල්ලෝ ඡන්ද ගන්නේ. තව කට්ටියක් රිෆියුජී කියලා යුරෝපයට යන්නේ. මේක නැවතුන දාක ඒගොල්ලන්ට ඡන්ද ගන්න අමාරුයි. දැන් ඉන්දියාවෙ හරි කොළඹ හරි ඉදගෙන උතුරේ ඡන්ද ටික නිකම්ම ගන්නවා. මේ පැත්තේ මිනිහෙක් ඡ්න්ද ගන්න මළ ගෙවල්ම කීයකට බඩ ගාන්න ඕනද? ඒගොල්ලා දෙමළ මිනිහා අතරට ජාතිවාදය යම් දුරකට ගෙනියන්න සමත් වෙලා තියෙන බව ඇත්ත. හැබැයි ඒ ආරෝව කෘතිමව ඇති කරපු එකක්. ඒක අර කොල්ලන්ට පුළුවන් වෙන්නේ සිංහ කොඩිය අතේ තියාගෙන තරඟය බලන්න. ඉතිං නිමල්, ඕගොල්ලන්ගේ න්‍යායෙන් ඒක විග්‍රහ කරන්න බැරි එක හරි..හබැයි ඒක හොඳයි නේද? අපි කරන්න ඕනා අර දෙමළ ජාතීවාදීනට උඩගෙඩිදෙන එක නෙමේ, අර පහළ මිනිහාව ජාතිවාදියෙක් කරන්න දඟලන උන්ට කිසිම ඉඩක් නොදී ඒ අතෝරයෙන් අර මිනිහාව බේර ගන්න එක. දෙමළ ජාතිවාදයට පුංචි හරි ඉඩක් දුන්නොත් ඒකත් උන් යොදා ගන්නේ අර සාමාන්‍යය මිනිහව කොහොම හරි තව ටිකක් ජාතිවාදී කරන්න. අපි කරන්න ඕනා ඒ ජාතිවාදීන්ට න්‍යායවල් හදලා දෙන එක නෙමේ.. ඒක පරාජය කරන එක. ඒ කියන්නේ බෙදීම පරාජය කරන එක..සාමය දිනවන්න පුළුවන් එකම මඟ ඒක විතරයි. වෙන කෙටි පාරවල් නැහැ.

    ReplyDelete
  5. Cricket tharangayak dinna welawata denena thrill ekata e minissu Sinha Kodiya athata aran wenuwa paliyata e minissu hadawathin sinhala kiyala laghu karana adhyapana mattamaka thamai sinhala Jathiwadiyo inne. Meke mama ahapu prashneta utthare dila nehene. Mahawanshe inna demellu den uthure inna demellunta wadaa wenas kattiyakda? Namal kiyana widiyata Mahawanshe demellu (or Solee) kiyanne akramanikayo nam den inna demala janagahanaya bihiwune kohomada? oya mona baila kiwwath ogollo sinhala jathiwadee set eka dannawa Mahawanshe demellunwa me rate aithikarayo widiyata pili araganne nethi bawa. Boruwa hira unama e wachana walata wena wena artha kathana denna yanawa boruwata suddanta bena bena. TNA demala jathiwaadaya niyojanaya karanawa.. eka ettha. Namuth sinhala rajayan wisin kaalayak tisse karapu weda walin owunwa ethanata thallu karala daala tiyenawa.
    බටහිරයන් පෝෂණය කරලා ගත්ත දේ වරප්‍රසාද ලත් ප්‍රභූ පංතියක් හරහා සාමන්‍යය දෙමළ ජනයා අතරට අරගෙන යනවා. එහෙම තමා ඒගොල්ලෝ ඡන්ද ගන්නේ. තව කට්ටියක් රිෆියුජී කියලා යුරෝපයට යන්නේ. මේක නැවතුන දාක ඒගොල්ලන්ට ඡන්ද ගන්න අමාරුයි.
    Mekama neda 1956 indala Bandaranayake and SLFP eka karanne. Mahinda ada karanneth okamane sinhala minissu athara. Dehapalanedi karanna puluwan jaraama wede thamail oka.

    Saamanya demala manussayata aithiwasikam gena hengimak nethi wenna puluwan. Eka hariyata car ekak dekala nethi minihata Car ekaka awashyathawayak nehe kiyanawa wage kathaawak. Aithiwasikam dinagenimedi saamanya duppath manussayata denena de etharam wedagath yei mama hithanne ne. Wedagath de thamai e minissunta anagathayedi ho wadaa usas jeevana thathwayak labaagena samaajaye sama hawul karuwan lesa gaurawaniyawa jeewath wennata puluwan samaja thathwayak nirmanaya kirima sandahaa kepaweema. Eya kala heki wanne ema jana kottashaye inna wadaa honda adyapanayaka lebu pudgalayantai. Nehiwa demala minissunge abhilashayan welekweeme magak lesa owunwa sinhala Jathiyata awashoshanaya kara geneema nemei. Match eka dinna welawata sinha kodiya wenuwa kiyala demellunta unge aithiwasikam one nehe kiyala hithanawanam eka loka wihiluwak.

    ReplyDelete
    Replies
    1. විභූතිරත්නApril 9, 2014 at 12:05 AM

      කවුරු උනත් මේ හාදයට සිංහල තේරෙන්නේ නෑනේ...
      මිනිහෝ ඔය ටික සිංහලෙන් ටයිප් කරනවකෝ...
      කියවන්නත් ලේසියි...
      නැත්නම් අපරාදේ තමුනැහේගේ මහන්සිය...
      මෙන්න ලේසියෙන්ම ටයිප් කරන්න ලින්ක් එකක්...

      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      Delete