Breaking News

ජාතකය පණ මදිද?

යහළුවන්ඔරවයිද
ප්‍රභූ අයහිනැහෙයිද
අතින් කන්නටබයද
හෝටලටය ලොකුවැඩිද
වැළදුවේ බුදුරදුන්
නොමවේද ගරුඅතින්
වැදගත්ද සුදුඑවුන්
පරදවා බුදුරදුන්
හීනමානයබලව්
සිහළුනේ ලැජ්ජා වව්
සුද්දාම කොපි කරව්
ජාතකය විසිකරව්
කුමට නුඹලැජ්ජාද
අත නුඹේගැහෙනවද
හෝටලටය ලොකුවැඩිද
ජාතකය පණමදිද
වාදයට නොම ගොසින්
පතුරවන මෙත් සිතින්
නුඹ කන්න නුඹෙ අතින්
නුඹේ උරුමය ලෙසින්
--ජනිත් සේනානායක
යුතුකම සංවාද කවය

2 comments:

  1. 1948 දි අපට සුද්දන්ගෙන් නිදහස ලැබුනා. හැබැයි නිදහස් වෙන එක අපේ වැඩක්. අපිත් නිකම් අර කූඩුව ඇරියත් එළියට යන්නේ නැතුව ඇතුළටම වෙලා ඉන්න බල්ලෙක් වගේ..:)
    සුද්දගෙන් නිදහස් වෙන්න නම් “සුද්දගේ එක අපේ එකට වඩා ලොකුයි” කියන හීනමානයෙන් අපි ගැලවෙ කරන්න ඕන. හොඳට හිතලා බැලුවොත් පෙනෙයි තමන්ට ලොකු හෝටලයකට ගිහින් අතින් කන්න පණ නැති බව. වැදගත් වෙන්න කියලා අපි පහත් කරලා සළකන්නේ අපේ එක බව..

    ReplyDelete
  2. ඕක වෙන්න ඕන ධර්මපාල තුමා ඒ කාලෙ මිනිස්සුන්ට කියල තියෙන්නෙ නිකං ඉන්න වෙලාවට සුද්දෙකුගෙ පඹයෙක් හදාගෙන ගහ ගහ ඉන්න කියල.

    ReplyDelete