Breaking News

පුතුගෙ නම ඇසේවිද ගුවනින්


නළලේ මොට්ටුව තියලා            
              ඇස් වහක් නොවදින්න
දෙදණ බිම හොවාලා            
              හිස ඔසවා බලන සඳ
අපි ගත්ත පින්තූරෙ            
              පොඩි පුතුගෙ පින්තූරෙ
බොඳ වෙලා පෙනෙනවා            
              මගේ කඳුළක් මැදින් .....

කරකවා බලනවා මීටරය            
              ගුවන් විදුලියේ 
කියන් නෑනේ  කවුරුවත්
              මේ නම් ලයිස්තු
මගෙ පොඩි පුතුගෙ නම            
              ඇසේවි ද ගුවනින් 
හිරවෙනවා මගෙ පපුව            
              වෙවුලනවා මුලු ගතම......

ගැහෙන මගෙ හදවතින්            
              කරකවා මීටරය
බලනවා මගෙ පුතුගෙ
              නම කියාවිද කියාලා
කියන් නෑනේ  කවුරුවත්
              මේ නම් ලයිස්තුව
විසි හත් දෙනෙක් මැරිලා            
              වැළිකඩදි වෙඩිවැදිලා.......



-ලසන්ත වික්‍රමසිංහ 
යුතුකම සංවාද කවය

No comments