දෙලොවක් මැදින්
පසු කරනා විටදි බසයෙන් කොළඹ | හත |
දුටුවෙමි සෙබළ රුව තනනා ජොගින් | පථ |
නොදැනිම සසල විය මඳකට මගේ | සිත |
ගොනුකර ලියමි ඒ සිතුවිලි කවක් | මත |
නුඹ සාදා වැඩ නිම කළ මුල් | කොටසේ |
දිව යනවා නෝනා මහතුන් | සතොසේ |
රඳවා වයර් දෙ කැබලි දෙසවන | සුව සේ |
නුඹේ හදවත ගැහෙනා රිද්මය | නෑසේ |
අලි වැට කැඩී දින දින මිනිසුන් මිය | යයි |
නොවසා තබන දුම්රිය මං තව | බෝමයි |
ඒවා නම් ඉතින් හෙමිහිට සැදිය | හැකියි |
නුවරුන් මහත් වුනොතින් රටටම | පාඩුයි |
සදනා විටදි නුඹ පාසල් | ගොඩනැගිලි |
නිබදව වැඩෙයි මගෙ බැතිබර සිත | ලියලී |
සදනා විටදි ලොකු අය දුවනා | පේළි |
හඬවා මහද බැති සිත මිය යයි | වියළී |
ඇස් හිස් මස් ලේ දන් දී අපි | වෙනුවෙන් |
දැන් තනනවා පොඩි පාරක් නොබැන | මුවින් |
නැතිවද හිතට දුක සබඳේ ඇත්ත | කියන් |
නැතිව මගේ මොළයේ අවුලක්ද | බලන් |
මුහුවී රුහිරු හා සියොලඟ | වැගිරවුන |
ගැළුවා කඳුළු අඹු දරු නෙත | නොනැවතුන |
උණු ලේ කඳුළු බීලා තෙත | බරිතවුන |
මෙලෙකයි පොළොව සිහ ධජ කුඹු | ඉන්දවුන |
මිය ගිය නූඹේ සොයුරන් අද මෙලොව | නැත |
උන් හා අපි එක ලෙස පැතු ලොවක් | ඇත |
කා බී නටන අපි තනනා ලොවක් | ඇත |
දෙලොවක් මැදින් නුඹෙ රුව බොඳවෙලා | ඇත |
-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
කවියෙ අන්තර්ගතය ගැන නම් මට තියෙන්නේ වෙනස් අදහසක් :). මම ඕක හිතන විදිහ වෙනස්.
ReplyDeleteමට මතක් වෙනව මමයි මගේ යාළුවෙකුයි සලාකා එකේ තේ එකක් බිබී ඉන්නකොට හවස 7 විතර..එකේ වැඩ කරන කෙල්ලො පඩි ගන්නවා. අපිට උඩ ඉදන් පෙනවා ගනන් කරනවා. පොඩි ගනන් තමා මතක. මම කිව්වා" පව් මචන්" - මගෙ යාළුවා කිව්වේ "උන්ට ජොබ් එකක් තියනව , උන් සතුටින්/දුකෙන් ඇති උන්ගෙ විදිහට උඹ නිකන් බණ නොකියා හිටපන්" :).
අනිත් එක "ජොගින් ට්‍රක් " එකෙන් පෙන්නන්න හදන්නෙ මොකක්ද? වැලිවේරියෙත්, ජොගින් ට්‍රක් තියනවා. ඒවා අඩු වැඩි විදිහට හැමොම පාවිච්චි කරනවා.
මෙතන ප්රශ්නෙ රණවිරුවා ඒවා හැදීමද? කවුරුන් හෝ එවා හැදීමද?
ජොගින් ට්රැක් එක හොඳ යොදා ගැනීමක්ද කියන එකයි මට තියන අවුල.
ඊලගට මේක ඇත්තටම වෙන දෙයක් ද? (මට ඒක ඇත්තටම හිතුන නිසා අහන්නෙ ). මොකද, නිමිත්තෙ විස්වාශනීයත්වය වැදගත්..
අයියණ්ඩියේ සත්තය මෙහි කැටුව ඇත
ReplyDeleteමරපිය කියුවහොත් මව් වුව මැරිය යුත
උරුමය එයයි දෛවය මේ සෙබල අත
බොරුවට විරුය මහ ලේබල අලව ඇත
I also have the same thought when I see them working on constructions..
ReplyDeleteBut dint have nice words like yours…to express that idea..
ලසන්ත, මම ඔබට එකඟ නොවෙමි, ප්‍රතික්ෂේප ද නොකරමි (සන්නස්ගල වෙතින් උපුටා ගත්තකි )...
ReplyDeleteමා ඔබට එකඟ නොවන්නේ, පශ්චාත් යුධ තත්ත්වයක දී අත්-අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් මෙන්ම ඔවුන් හා යුද්ධයේ නියැලුනු රජයේ සොල්දාදුවන් ද පුනරුත්ථාපනය කොට සමාජයට මුදා හල යුතු බව මා විශ්වාස කරන බැවිනි. මෙය නිසැකයෙන්ම දෙ-ආකාරයක පුනරුත්ථාපනයක් බව සැබවි. නමුඳු, දෙවේලේ ඔවුන් අත රැඳි ගිනි අවිය ඉවත් කොට මේසන් හැන්දක් හෝ උදැල්ලක් දීමට ප්‍රථම ඔවුන් ගේ දෑත මෙන්ම මනස ද එය දැරීමට සූදානම් කල යුතුය. මගේ අදහස නම්, අපිට (නිසි බලදාරීන් ට ) මෙය බරපතල ලෙස මග හැරී හෝ මග හැර ඇති බවයි. එම මග හැරීමේ ප්‍රතිඵල පුවත්පත් වල නිතර වාර්තා වනු ඔබත් දැක ඇති. මම ඔබව ප්‍රතික්ෂේප නොකරන්නේ මෙම සොල්දාදුවන් ගැන (ජොගින් පථ සාදන හා අනෙක් සියලු ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන ) මගේ හිත ද කකියන බැවිනි. ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන්ගෙන් බහුතරයක් මෙම ප්‍රචණ්ඩ මනස උරුම කර ගත්තේ අපි සැමට අ-ප්‍රචණ්ඩ රටක් උරුම කර දීමට ගොස් බව දන්නා නිසාය. කිව යුතු බොහෝ දේ ඇතත් කොමෙන්ටුව දිග වැඩි වන නිසා නවතිමි. මෙ සියල්ල අතර අපිට සතුටු විය හැක්කේ, ගෙවල් බිඳින්නට නොගොස්, කොලඹ ඇත්තන්ට බඩ අඩු කර ගන්නට ජොගින් පථ හදන්නට තරම් නිවුනු (අ-ප්‍රචණ්ඩ ) සොල්දාදුවන් අපිට තවමත් සිටින බැවිනි.