අමරසේකරයන්ගේ මැයි දිනය
ලියෝ ටෝල්ස්තෝයි සිය කලාව යනු කුමක්ද? යන නිබන්ධනයේ මෙවැන්නක් සඳහන් කරයි.
’‘කලාකරුවෙකු තමා එයට පෙර කිසිවකුගෙන් අසා නොමැති තමාටම පවා අලුත් වැදගත් කිසිවක්, සිහිනයකින් දැනෙන්නාක් මෙන් යම්තම් දැනගනියි. මේ අලුත් දෙය ඔහුගේ සිත තදින් ඇදගනියි. මෙය ඔහුට වෙන කිසිවකු සමඟ කීමට උවමනා වේ. තමා මෙසේ සිහිනයකින් මෙන් දත් දෙය ඔහු අන් කිසිවකු සමඟ කියයි. එහෙත් ඒ අයට ඔහුගේ සිතෙහි ඇති මේ අදහස නොවැටහෙයි. අන් අයගේ මේ දුරවබෝධත්වය ඔහු තුළ නොසන්සුන් ගතියක් ඇති කරයි. ඉක්බිතිව ඔහු සිය මුළු ශක්තියම යොදා තමා ඒ සිහිනෙන් මෙන් දුටු දෙය ඇත්තක් වශයෙන් වේදැයි සෙවීමට තැත් කරයි. තමාටත් අනුන්ටත් කිසිදු සැකයක් ඇති නොවන සේ ඔහු ඒ තමාගේ හැගීම් සියල්ල කැටි කොට පැහැදිලි සේ ඉදිරිපත් කරයි. මෙසේ කිරීමට ඔහුට තමාගේ මුළු ආත්මශක්තියම අවශ්‍යය. එපමණක් නොව ඒ කාර්යයෙන් යෙදෙන ඔහුගේ තියුණු හැගීම් සියල්ල බලවත් වෙයි. එලෙසින් ඔහුගේ අතින් කලාත්මක කෘතියක් බිහි වෙයි. තමා විසින් විදිනු ලබන තියුණු හැගීම් නිසා ඔහු තුළ බලවත් ප්‍රීතියක් ඇතිවේ. ඔහු බිහි කළ ඒ කලාත්මක කෘතියෙහි රස විදින්නාද ලබන්නේ ඔහු ලැබූ ඒ අත්‍යන්ත ආනන්දයෙන් කොටසකි.
ටෝල්ස්තෝයි සිතන අයුරු කලාත්මක නිර්මාණය මෙවැන්නක් නම් එහි ගැබ් වූ දෙය අලුත් වූද වැදගත් වූද මිනිස් සිත වීමංසනයෙහි හා සිතිවිල්ලෙහි හෙළන්නා වූද අලුත් ප‍්‍රදේශයකට ගෙන යන්නා වූද කරුණක් වනු ඇත.
ලො සත සියළු දුක වළදන
එදුක ලොවට කියනු විනා
නොමැත ම සතු අන් යුතුකම
මේ එතුමාගේ ආවර්ජනා කවි පොතෙහි එන එක් කවි පන්තියක කවකි.
මැයි දිනය
"මැයි දිනය" කතාව ඇරඹෙන්නේ දෙ නෑනෝ මැයි පළමු වැනිදා කුළී වැඩ සඳහා යන ගමනිනි. එහිදී ඔවුන් අතර ඇතිවන කතාවන් මගින් ඔවුන් ගෙවන දුක්ඛිත ජීවිතය පිළිබඳ වැටහීමක් හා අනුකම්පාවක් පාඨකයා තුළ ඇති කරවයි. එමෙන්ම එම දේවල් තුළ පෙනෙන තවත් කරුණක් නම් ඔවුන් තම ඉරණම බාර ගෙන සිටීමය. එය තමන් හා සිය සැමියන් මෙන්ම දරුවන්ද ලබා උපන් සැටි ලෙස සළකා ගැනීමය.ඔහු තම දිවිය කොතරම් කටුක හා දුක්ඛිත එකක් වුවද එය බාර ගෙන සිය රෝගී ස්වාමීන් හා දරුවන් නඩත්තුව සඳහා එකම දිවි අරගලයක යෙදෙන අසරණ ගැහැණු දෙදෙනෙකි. ඔවුන්ගේ කතාවෙන් පෙනෙන්නේ ඔවුන් මහත් වූ අතෘප්තිකර සිතින් තැවෙන්නන්ද නොවන බවය. තමන් ගමන් කරන පාර අලුතින් සැකසීම පින් අත්වන වැඩක් ලෙස ඔවුහු සළකති. නමුත් පහේ ශිෂ්‍යත්වයද සමත් වූ සිය දරුවාට යාහැකි ළඟක පාසලක් නොතිබීම ගැනවත් නාගොඩ මද්දි විද්‍යාලයට යැවීමට බෝඩිම සඳහා ගෙවීමට වත්කමක් නොමැතිව සිය දියණියගේ පාසල් ගමන අතරමග නවතින්නට යාම පිළිබඳවත් ඔවුහු රජයටවත් සමාජයටවත් මැසිවිලි නොනගිති. එය තමාගේ මෙන්ම දරුවාගේද ලැබීම ලෙස සළකති.
කතාවේ දෙවන කොටසේ දී අපට මුණගැසෙන්නේ උක්ත රිය අනතුරට භාජනය වුණු රියෙහි රියදුරු වන විමලසේන හා එහි අයිතිකරු වන ඇක්මන් මුදලාලිත් රිය අනතුර සිදුවන උදයට කලින් රාත‍්‍රියේදීය. ඇක්මන් මුදලාලි සිය එකම අභිලාෂය ලාභය කර ගත් මිනිසෙකි. වෙසක් කඞ්පත් තොගය මුද්‍රණය කරවා කඩ වලට හැකි ඉක්මණින් දැමීමත් අගමැතිගේ බෞද්ධ කොඩි ඇණවුම පොරොන්දු පරිදි භාරදීමත් ඔහුගේ අරමුණය. එය ඉටු කර ගැනීම සඳහා අවැසි වී ඇත්තේ සැඩ පරුෂ වචනයෙන් තම සේවකයා ඇමතීම බව ඔහු විශ්වාස කරයි. ඇක්මන් මුදලාලි සිය චිත්ත සන්තානය තුළ ක්‍රෝධයෙන් දැවෙමින් මුදලට ආශාවෙන් දුක් විදිමින් සිටින්නෙකුය.
වසර ගණනක් අප විසින් අනුගමනය කෙරුණු සමාජ ආර්ථික ක්‍රමවේදය මගින් අප අද සාක්ෂාත් කර ගනිමින් සිටින්නේ බල්ලෝ මරලා හෝ සල්ලි හම්බකර ගත යුතුය යැයි අදහන මිනිසකු නිපදවීම නොවේද? මෙයට උගත් නූගත් භේදයක් නැත. පසුව අපට හමුවන මහේස්ත්‍රාත්තුමා නිතීඥයන් අහිංසකයන් තලා පෙළා හම්බකරගන්නා කාක්කන් ලෙස හඳුනා ගෙන සිටියි. අද අප සමාජයේ බොහෝ වෘත්තිකයන්ට ජඩකම් සිය වෘත්තියේම කොටසක් බවට පත්ව ඇත. අසරණයෙකුව පෙළා ගෙන සිය කද බඩ උස් මහත් කර ගැනීමට අවස්ථාවක් ලැබෙන එකෙකු එය අත්හරින්නේ කලාතුරකිනි. එසේ කිරීම සිය උගත්කම ලත් අයිතිවාසිකමක් ලෙස සළකති.
අපේ පරස්පරය
නුයෝගය අනුව අපගේ ජීවත හරයන් සකසමින් සිටින්නෙමු. මෙයින් අප අදහස් කරන්නේ භෞතික සම්පත් ගොඩ නොනගා ඈත ගම්මානයක් වෙත මුළු රටම යා යුතුය යන බොළඳ අදහස හෝ හුදු ක‍්‍රම විරෝධයක් හෝ නොවන බව මෙහිලා වෙසෙසින් සඳහන් කළ යුතු වන්නේ ඇතැමෙක් විසින් එවන් අරුතක් මේ අදහස්හි ලා ආරෝපනය කරන්නට ඉඩ ඇති බැවිනි. අප පවසන්නේ අනෙකකි.
අත්‍යාවශ්‍යය සංවාදය අමතක වීම
ඒසඳහා මේ පොළොවේ මුල් අල්ලා වැඩුණු අනුකරණයෙහි නොව අවශෝෂණයෙහි සමත් නිර්මාණශීලි හා විචක්‍ෂණශීලි ආත්ම ශක්තියෙන් යුතු කැපවුණු මිනිසුන් සිටිනා පරම්පරාවක් බිහි විය යුතුය.
මේ කතාව පුරා විපරම් කරමින් විචාරය කළ යුතු පැති ගණනාවකි. මේ කථාවේ එන මහේස්ත‍්‍රාත් ධර්මසිරි මරණ පරීක්‍ෂණයෙන් පසු මැයි පළමු වැනිදා සිය මොටෝරිය නිවස කරා පැදවීමට සිදුවන්නේ මැයි පෙළපාලිය සඳහා කොළඹ කරා එන බස් රථ පෝලිමක් සමගිනි. ඒ බස්රථ තුළින් ධර්මසිරිට ඇසෙන්නේ දෙකන් බිහිරි කරවන ගෝලිව්වාවකි.
රට පළමුව - බඩ දෙවනුව
කවුද රජා - සිරිල් රජා
රට බේරා - දුන්නු රජා
සිරිල් රජා - අපේ රජා
අමරසේකරයන් මේ ගෝලිච්චාව මඟින් පෙන්නුම් කරන්නේ කුමක් විය හැකිද? මේ මිනිසුන් විසින් බඩ දෙකට දමා රට එකට තබා කියන කතාවෙහි පදනම් චින්තනයෙහි පුරෝගමිකයකු නොවේද අමරසේකරයන්? එය එක්තරා යුගයක අපට අවැසි එකම සංවාදය වී තිබූ බව සැබවි. අදත් ඒ හැඟීම තිබිය යුතු බවද සැබවි. නමුත් අප එහි සිර විය යුතු නැත. ඉහත සඳහන් කළ අත්‍යාවශ්‍යය සංවාදය අප විසින් මතු කර ගත යුතුය. නැතහොත් අප නැවත වරක් පමා වූ ජාතියක් වනු ඇත. එය රජයේ පමණක් වගකීමක් නොව, සියළු දෙනාගේ වගකීමකි. පිළිවෙතින් පෙළ ගැසීම හුදු කොඩියක් වීම වළක්වා ගැනීම මතු පරපුර වෙනුවෙන් අපේ යුතුකමකි. මහේස්ත්‍රාත් ධර්මසිරිට දිගින් දිගටම මැවි මැවී පෙනෙන අර මිය ගිය කතකගේ අසරණ දියණිය තුෂ්ණිම්භූතව බලා සිටිනා විපරීත විලාශයෙන් යුතු වූ මුහුණ අපට කියන්නේ කුමක්ද? කඳුළක් නැති ඇගේ විසල් ඇස් ගෙඩි දෙක බලා සිටින්නේ අප දෙස නොවෙද?
-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
www.yuthukama.com
අමරසේකර මහත්තයා කියන දේට අපි රටක් විදියට මීට වඩා ගොඩාක් අවධානය යොමු කරන්න ඕන කියලා හිතෙනවා. එතුමා අපේ නව කතාව, කෙටි කතාව වගේම කවියත් හරි තැනක පිහිටෙව්වා..අසක් දා කව කවි පන්තිය මඟින් අපේ කවි බස නැවත සකස් උනා කියන එක, ඒ කවි අපේ හදවතට අමත ආකාරයෙන් පැහැදිළි වෙනවා, අද බිහි වෙන කිසිදු දර්ශනයකින් තොර සම්මානලාභී කතා කරුවන්ගේ වග්කීම වෙන්නේ එතැන ඉදලා ඉදිරියට යන එකයි. ඒත් ඒ අයට ඒ වගකීම ගැන අවබෝධයක් තියෙන පාටක් පේන්න නෑ..
ReplyDelete